කටකළු බොවිටියා
උද්භිද විද්යාත්මක නාමය
Clidemia hirta
ඉංග්රීසි නම්
Soap bush
වෙනත් නම්
නයිලෝන් බෝවිටියා, රබර් බෝවිටියා, මී හරක් බෝවිටියා
කාක් බෝවිටියා, බූ බෝවිටියා
නිජබිම
ඇමරිකානු රටවල් (මෙක්සිකෝවේ සිට පැගුවේ දක්වා)
ව්යාප්තිය
බහුවාර්ෂික ශාකයක් වන මෙය නිවර්තන කලාපයට අයත් රටවල ව්යාප්ත වීම සිදුවිය.1940 දී හවායි දූපත්වලද හඳුනාගෙන ඇති මෙම ශාකය,1978 වනවිට හවායි දූපත්හි තුන්වැනියට විශාල දූපත වන ඕහු හි අක්කර 90000 ක් දක්වා ව්යාප්ත වී තිබේ. උද්භිද උද්යාන හරහා 1894 දී විසිතුරු ශාකයක් ලෙස ශ්රී ලංකාවට හඳුන්වා දී ඇති අතර, අර්ධ කඳුකර ප්රදේශවල සහ සිංහරාජය වැනි පහතරට වැසි වනාන්තර මායිම්වල පැතිරී ඇත.
බලපෑම
ජෛව විවිධත්වය අඩුකිරීමේ හැකියාව නිසා, වනාන්තර වලට බරපතල තර්ජනයක් ඇතිකරයි.
නොයිඳුල් වනාන්තර වල පිහිටි හිස් බිම් වල, දේශීය ශාක තරඟකාරී ලෙස පරාජය කරයි.
දේශීය වනාන්තර පුනර්ජනනය වන රටාවන් වෙනස් කරයි.
අගමුග නැති වැල
උද්භිද විද්යාත්මක නාමය
Cuscuta chinensis
ඉංග්රීසි නම්
Common Dodder, Strangle Weed
නිජබිම
චීනය, උතුරු ඇමෙරිකාව
ව්යාප්තිය
පාරම්පරික ඹෟෂධයක් ලෙස චීනය කොරියාව,පකිස්ථානය, වියට්නාමය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල භාවිත කර තිබේ.පරපෝෂිත ශාකයක් ලෙස හැඳින්වෙන මෙය හටගන්නා වූ ස්ථානයක් සොයා ගැනීමට නොහැකි හෙයින් අගමුල නැති වැල නම පටබැඳී ඇත.චීනයෙන් හෝ වෙනත් රටවලින් ආනයනය කල අපිරිසිදු ධාන්ය හරහා මෙරටට පැමිණ ඇතැයි විශ්වාස කෙරේ.ශ්රී ලංකාවේ අනුරාධපුර,පොළොන්නරුව, හම්බන්තොට වැනි වියලි ප්රදේශවල බහුලවත් පහතරට තෙත් කලාපයේ තැනින් තැනත් දක්නට ලැබේ.
බලපෑම
රනිල බෝගයන්ගේ පළිබෝධකයෙකු ලෙස සැලකේ.
පරපෝෂිත ශාකයක් වන මෙයට ධාරක ශාකය පසාරු කර එයින් පරිවෘත්තීය ද්රව්ය (පෝෂක සහ ජලය) උරාගැනීමේ හැකියාව නිසා, ධාරක ශාකය හීන කර එහි සාමාන්ය ඵල සහ බීජ හටගැනීම අවහිර කරයි.
යෝධ නිදි කුම්බා
උද්භිද විද්යාත්මක නාමය
Mimosa pigra
නිජබිම
දකුණු ඇමරිකාව
මීටර් 6ක් පමණ උසට වැඩෙන මෙම ශාකය, විශාල සංවේදී ශාකයක් ලෙස හැඳින්වෙයි.
ගල් ගොරකා
උද්භිද විද්යාත්මක නාමය
Clusia rosea
ඉංග්රීසි නම්
Autograph tree, Pitch-apple
වෙනත් නම්
ගල් ඉද්ද
නිජබිම
බටහිර ඉන්දීය කොදෙව් දූපත්
ව්යාප්තිය
19 වන සියවස මැද භාගයේදී ශ්රී ලංකාවට හඳුන්වා දී ඇති මෙමශාකය,වර්තමානයේ අර්ධ කඳුකර ප්රදේශවල, ගල්කඳු ආශ්රිතව, වනාන්තර අද්දරව සහ ජල මාර්ග ඉවුරුවල බහුලව ව්යාප්තව ඇත.
බලපෑම
අපි ශාකයක් ලෙස දේශීය ශාක වල කඳන් සහ ගල් කඳු මත සීඝ්රයෙන් වැඩෙමින් දේශීය ශාක වර්ධනය මැඩපවත්වයි.
මෙය ස්වාභාවික වනාන්තර වලට ප්රබල තර්ජනයක් එල්ලකර ඇත.
පතොක්
උද්භිද විද්යාත්මක නාමය
Opuntia dillenii
ඉංග්රීසි නම්
Prickly-Pear Cactus
වෙනත් නම්
කටු පතොක්
නිජබිම
දකුණු ඇමෙරිකාව
ව්යාප්තිය
19 වන සියවසේදී විසිතුරු ශාකයක් ලෙස ශ්රී ලංකාවට හඳුන්වා දී ඇති මෙම ශාකය, වර්තමානයේ අර්ධ ශුෂ්ක, අර්ධ නිවර්තන, නිවර්තන සහ උණුසුම් සම ශිතෝෂ්ණ ප්රදේශවලත්, තෘණ භූමි, ගංගා ඉවුරු, පාරවල් අද්දර, දුම්බර මාර්ග, වෙරළබඩ ප්රදේශ, මුඩු ඉඩම් වල පැතිර ඇති ශාකයකි.එනමුත් වැලි පස සහිත වියළි සහ අර්ධ ශුෂ්ක කලාපයේ බහුලව දක්නට ඇත.
බලපෑම
ආක්රමණශීලී, සීඝ්ර ව්යාප්තිය දේශීය ශාක විස්ථාපනය වීමට හේතුවේ.
සතුන්ගේ සහ මිනිසුන්ගේ ගමන් මාර්ග අවහිර කරයි.
දේශීය විශේෂයන්ගේ ජෛව විවිධත්වය අඩුකරයි.
හවරි නුග
උද්භිද විද්යාත්මක නාමය
Alstonia macrophylla
ඉංග්රීසි නම්
Hard alstonia, Hard milkwood
වෙනත් නම්
ගිණි කූරු
නිජබිම
තායිලන්තය, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය
ව්යාප්තිය
නැවත වන වගාවක් සඳහා යොදාගන්නා සහ වටිනා දැවමය ශාකයක් ලෙස ශ්රී ලංකාවට හඳුන්වා දී ඇති මෙය, තෙත් කලාපයේ සහ මධ්යම කඳුකර ප්රදේශයේ බහුලව ව්යාප්තව ඇත.
බලපෑම
සීඝ්ර වර්ධන වේගය නිසා, ආලෝකය සහ පෝෂ්ය පදාර්ථ සඳහා දේශීය ශාක සමඟ තරඟ කර ඒවා අභිබවා යාමේ හැකියාව ඇත.
මේ හේතුවෙන් දේශීය ශාක වල වැඩීම බාලකරයි.
පතං පාළු
උද්භිද විද්යාත්මක නාමය
Austroeupatorium inulifolium
ඉංග්රීසි නම්
Austroeupatorium
වෙනත් නම්
සුද්දා
නිජබිම
ගෝතමාලාව, වෙනිසියුලාව
ව්යාප්තිය
1970 දශකයේදී ශ්රී ලංකාවට හඳුන්වා දී ඇතැයි සැලකේ මෙම ශාකය,අදවන විට තෘණ භූමිවල,තෘණ වනාන්තර සංක්රමණ කලාප තුල,කඳුකර වනාන්තර තුල ස්ථාපිතව ඇත.විශේෂයෙන්ම නකල්ස් වනාන්තර ප්රදේශය විශාල වශයෙන් ආක්රමණය කර ඇත.
බලපෑම
සීඝ්රයෙන් නොයිඳුල් කඳුකර වනාන්තර ආක්රමණය කරයි.
අතහැර දමන ලද තේ ඉඩම්වල, දේශීය ශාක විශේෂ ස්ථාපිතවීමට බාධාවක් වී ඇත
අරුණාදේවි
ආක්රමණශීලී ශාකයක් වුවද කැහපැහැති පුෂ්පයක් හටගැනීම නිසා ගෙවතු අලංකාරය සඳහාද යොදා ගනී.
උද්භිද විද්යාත්මක නාමය
Wedelia trilobata
ඉංග්රීසි නම්
Bay Biscayne creeping-oxeye, Singapore daisy, Creeping-oxeye, Trailing daisy, wedelia
නිජබිම
මෙක්සිකෝව මධ්යම ඇමරිකාව හා කැරිබියන්
බාලොලියා
ව්යාප්තිය
1826 දී පමණ රාජකීය උද්භිද උද්යානය හරහා ශ්රී ලංකාවට හඳුන්වා දුන් බවට විශ්වාස කෙරෙන මෙම ශාකය, කුඩා පුෂ්පයන්ගෙන් මෙන්ම බෙරි ආකාර ගන්නා කුඩා ගෙඩි විශේෂයකින්ද යුක්ත නිසා ගෙවතු අලංකරණය සඳහාද ඇතැමුන් එක්කර ගනී.පාර අද්දර, පුරන්ව ගිය ඉඩම්වල සහ වියළි කලාපීය වනාන්තර තුලද ඝනව වැඩී ඇති මෙය රටවල් 50කට අධික ප්රමාණයකට ව්යාප්ත වී පවතියි.
උද්භිද විද්යාත්මක නාමය
Lantana camara L
ඉංග්රීසි නම්
වෙනත් නම්
ගඳපාන
නිජබිම
නිවර්තන ඇමරිකාව
බලපෑම
විවෘත ඉඩ සහිත ස්වාභාවික පරිසර පද්ධතීන් ආක්රමණය කරයි.
ජෛව විවිධත්වය අඩුකරමින්, ප්රධාන යටිවගාව ලෙස ස්ථාපිතවීමේ හැකියාව ඇත.
විෂකාරක ස්වාභාවය නිසා ආසන්නයේ වැඩෙන ශාක විශේෂයන්ගේ වර්ධන ශක්තිය අඩුකරයි.
පාතිනියම්
උද්භිද විද්යාත්මක නාමය
Parthenium hysterophorus
ඉංග්රීසි නම්
Santa – Maria, Santa Maria feverfew, whitetop weed, famine weed, congress weed
නිජබිම
නිවර්තන ඇමරිකාව
මල් හටගන්නා ශාකයක් වන මෙය පශු සම්පතට හා මිනිසුන්ට හානිකර තත්ව ගෙනදුන් බව වාර්තා වෙයි.
කඩදාසි මල්
මෙම වැල් විශේෂයේ සුදු හෝ දම් පැහැයෙන් යුක්ත පුෂ්ප හට ගන්නා අතර අඩි 25ක් පමණ උසට වැඩෙයි.මෙම වැල පහුරු ආධාරයෙන් ඉහල නැගීම සිදු කරයි.
උද්භිද විද්යාත්මක නාමය
Antigonon leptopus
ඉංග්රීසි නම්
Maxico creeper, Coral vaein, Bee bus
නිජබිම
මෙක්ෂිකෝව
සෙස්ට්රම්
ව්යාප්තිය
1889 වසරේදී ශ්රී ලංකාවේ උද්භිද උද්යාන වලට හඳුන්වා දීමෙන් පසුව ස්වාභාවික පරිසරයට ව්යාප්තව ඇත. ශ්රී ලංකාවේ කඳුකර වනාන්තර අද්දර සහ එම වනාන්තර අතරතුර ඉඩ මෙම ශාකය විසින් අත්පත් කර ගෙන ඇත.
උද්භිද විද්යාත්මක නාමය
Cestrum aurantiacum
ඉංග්රීසි නම්
Orange Cestrum
වෙනත් නම්
පිච්ච බටු, මල් බටු
නිජබිම
නිවර්තන ඇමෙරිකාව
බලපෑම
මෙම ශාකයේ ඉහල අභිජනන හැකියාව නිසා දේශීය ශාක විශේෂ ආක්රමණය කරමින් පැතිරේ.
ගවයින්, බැටළුවන් වැනි සමහර සතුන්ට විෂ සහිතයි.
යූලෙක්ස්
උද්භිද විද්යාත්මක නාමය
Ulex europaeus
ඉංග්රීසි නම්
Common gorse
වෙනත් නම්
ඉවුලෙක්ස්, ගෝස්
නිජබිම
මහා බ්රිතාන්ය යේ බටහිර වෙරළබඩ ප්රදේශය, අයර්ලන්තය, යුරෝපය
ව්යාප්තිය
1888 වසරේදී විසිතුරු ශාකයක් ලෙස ශ්රී ලංකාවට හඳුන්වා ඇත.ශ්රී ලංකාවේ ඉහල කඳුකර ප්රදේශවලට පමණක් සීමා වී ඇත.
බලපෑම
ඉතා තරඟකාරී ශාකයකි.
නයිට්රජන් තිර කිරීමෙන් සහ පස ආම්ලික කිරීමෙන්, පසේ තත්වය වෙනස් කරයි.
මෙම ශාකයේ පත්ර සහ බීජ තෙල් සහිත වීමත්,පඳුරු අවට මිය ගිය ශාක කොටස් බහුලව තිබීමත් නිසා, ගිනිගැනීම් වලට ප්රධාන වශයෙන් හේතුවේ.
බෑවුම් සහිත ප්රදේශවල තෘණ සහ වෙනත් පඳුරු සහිත ශාක ප්රතිස්ථාපනය කිරීම නිසා පාංශු ඛාදනය අවදානම වැඩිකරයි.
මෙම ශාකයේ ඇති ආහාරයට ගත නොහැකි,කටු සහිත ස්වාභාවය නිසා තෘණ බිම් සහ බෑවුම් සහිත ප්රදේශවල, සතුන්ට ඇති ප්රයෝජනවත් බව අඩුකරයි…
සැල්වීනියා…
ව්යාප්තිය
1939 දී පර්යේෂණ සඳහා හඳුන්වා දී ඇති මෙම ශාකය, දෙවන ලෝක යුද්ධ සමයේදී සතුරන් මුලා කිරීම සඳහා ශ්රී ලංකාවේ ගංගා සහ වැව් වල බෝකළා සේ සැලකෙයි.වර්තමානයේදී පහතරට තෙත් හා වියළි කලාප දෙක තුලම, වඳකිරීමට ඉතා අපහසු තත්වයට සීඝ්රයෙන් ව්යාප්ත වී ඇත. පසුකලෙක මෙය වඳකිරීමට Cyrtobagous salviniae නම් කෘමියෙකුද හඳුන්වා දුන් බව වාර්තා වෙයි.
උද්භිද විද්යාත්මක නාමය
Salvinia molesta
ඉංග්රීසි නම්
Giant Salvinia
වෙනත් නම්
දියපාසි
නිජබිම
ගිණිකොණ දිග බ්රසීලය, උතුරු ආජන්ටිනාව
ව්යාප්තිය
1939 දී පර්යේෂණ සඳහා හඳුන්වා දී ඇති මෙම ශාකය, දෙවන ලෝක යුද්ධ සමයේදී සතුරන් මුලා කිරීම සඳහා ශ්රී ලංකාවේ ගංගා සහ වැව් වල බෝකළා සේ සැලකෙයි.වර්තමානයේදී පහතරට තෙත් හා වියළි කලාප දෙක තුලම, වඳකිරීමට ඉතා අපහසු තත්වයට සීඝ්රයෙන් ව්යාප්ත වී ඇත. පසුකලෙක මෙය වඳකිරීමට Cyrtobagous salviniae නම් කෘමියෙකුද හඳුන්වා දුන් බව වාර්තා වෙයි.
බලපෑම
ජලය බැසයන මාර්ග අවහිර වීම නිසා ජල ගැලීම් ඇතිවීමට හේතුවෙයි.
ජලයේ උෂ්ණත්වය සහ ඔක්සිජන් ප්රමාණය අඩු කරයි.
මේ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් ප්රමාණය වර්ධනය වන නිසා එදිනෙදා භාවිතයට අවශ්ය වන ජලයේ තත්වයට හානි කරයි.
ජලාශ වසා පැතිරීම නිසා ජල විදුලි උත්පාදනයට බාධා ඇතිකරයි.
ජපන් ජබර….
උද්භිද විද්යාත්මක නාමය
Eichhornia crassipes
ඉංග්රීසි නම්
Water Hyacinth
නිජබිම
දකුණු ඇමෙරිකාව, ඇමේෂන් ගංගා ආශ්රිතව
ව්යාප්තිය
1905 වසරේදී විසිතුරු පැළෑටියක් ලෙස හොංකොං හි සිට ශ්රී ලංකාවට හඳුන්වා දී ඇති මෙය වැව්,පොකුණු,ගංගා,ඇල මාර්ග,වගුරු සම්පූර්ණයෙන්ම වසා ගනිමින් ව්යාප්ත වන ජලජ පැලෑටියකි. ශ්රී ලංකාවට පමණක් නොව බොහෝ රටවලට මෙය ගැටලු කාරී ශාකයක් විය. ජලය මතුපිට පාවෙමින් වර්ධනය වන මෙය භෞතික රසායනික හා ජෛව විද්යාත්මක ක්රම මඟින් ව්යාප්තිය අඩාල කිරීමට පියවර ගෙන තිබේ.
බලපෑම
ජලය බැසයන මාර්ග අවහිර වීම නිසා ජල ගැලීම් ඇතිවීමට හේතුවෙයි.
ජලයේ උෂ්ණත්වය, අගය සහ ඔක්සිජන් ප්රමාණය අඩු කරයි.
මේ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් ප්රමාණය වර්ධනය වන නිසා එදිනෙදා භාවිතයට අවශ්ය වන ජලයේ තත්වයට හානි කරයි.
ජලාශ වසා පැතිරීම නිසා ජල විදුලි උත්පාදනයට බාධා ඇතිකරයි.
වෙල් ආතා…
උද්භිද විද්යාත්මක නාමය
Annona glabra
ඉංග්රීසි නම්
Pond Apple, Corkwood, Bobwood, Monkey Apple
වෙනත් නම්
වල් අනෝදා
නිජබිම
මධ්යම ඇමෙරිකාව
ව්යාප්තිය
වැලි අනෝදා ශාකය බද්ධ කිරීමේදී ග්රාහකය ලෙස යොදාගැනීමට හඳුන්වා දී ඇති මෙය උෂ්ණ කලාපයට අයත් පළතුරක් ලෙසද සැලකේ. මීටර් 12 ක් පමණ උසට මෙම ශාකය වැඩෙන අතර මෙහි ඵලය ජෑම් හා බීම වර්ග නිෂ්පාදනයට යොදා ගනී.පළමුව කොළඹ අවට තෙත් බිම් වලත් පසුව පහතරට තෙත් කලාපය, වෙරළබඩ කලපු,වගුරු බිම් වලත් ව්යාප්තව ඇත.
බලපෑම
වෙරළබඩ කලපු, වගුරු බිම් ආක්රමණය කරමින් පැතිර යයි.
ඉවුරු වසා වැඩීම හේතුවෙන් වෙනත් ශාක, පඳුරු විශේෂ, තෘණ වර්ගවල බීජ ප්රරෝහණයට සහ වර්ධනයට බාධා ඇතිකරයි.
මේ හේතුවෙන් ජෛව විවිධත්වයට හානි පමුණුවයි.
වල් හබරල….
උද්භිද විද්යාත්මක නාමය
Alocasia macrorrhizos
ඉංග්රීසි නම්
Water Hyacinth
නිජබිම
මැලේසියානු වැසි වනාන්තර
විවිධ රටවල විවිධ නම් වලින් හඳුන්වන මෙම ශාකය, 2012 නිවර්තන කලාපයට අයත් පැලෑටියක් ලෙස පිලිපීනයෙන් සොයා ගන්නා ලද්දකි.පැසිපික් කලාපයේ රටවල මෙය වගාවක් ලෙස සිදුකරයි. මෙහි සාරය ශරීරයේ ගෑවීමෙන් වේදනාකාරී තත්වයක් ගෙන දෙයි.
දිය පර….
උද්භිද විද්යාත්මක නාමය
Dillenia suffruticosa
ඉංග්රීසි නම්
Shrubby Dillenia
වෙනත් නම්
පර
නිජබිම
අග්නදිග ආසියාව
ව්යාප්තිය
1882 දී මෙම ශාකය බෝර්නියෝහි සිට විසිතුරු ශාකයක් ලෙස පේරාදෙණිය රාජකීය උද්යානයට හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපය ආශ්රිත වගුරු බිම්, වනාන්තර මායිම්, ලඳු කැලෑ සහ පාරවල් අද්දර වල ව්යාප්තව ඇති අතර කළුතර, ගාල්ල, රත්නපුර දිස්ත්රික්කවල බහුලව දක්නට ලැබේ.
බලපෑම
පසෙහි ව්යුහාත්මක වෙනසක් ඇතිකිරීමට හේතුවන බව වාර්තා වෙයි.
ඒනිසා පාංශු පෝෂ්ය පදාර්ථවල සංචලතාවයට බලපෑම් ඇතිකරයි.
මේ හේතුවෙන් දේශීය ශාක වලවලට අවශ්ය පෝෂ්ය පදාර්ථ ලබාගැනීමේ හැකියාවට බලපෑම් ඇතිකරයි.
පොළොව සෙවන කිරීම මඟින් දේශීය පැල ස්ථාපනය වීම අවහිර කරයි.
කලපු අන්දර….
උද්භිද විද්යාත්මක නාමය
Prosopis juliflora
ඉංග්රීසි නම්
Prosopis, Mesquite, Algarroba bean
වෙනත් නම්
කටු අන්දර
නිජබිම
දකුණු ඇමෙරිකාව
ව්යාප්තිය
ලවණ පස වැඩිදියුණු කිරීමට හම්බන්තොට ප්රදේශයට හඳුන්වා දී ඇති මෙම ශාකය බූන්දල රම්සා තෙත් බිම් ප්රදේශයේ කලපු ආශ්රිතව විශාල ලෙස ව්යාප්තව ඇත.
බලපෑම
දේශීය ශාක ප්රතිස්ථානය කරමින් එම වාසස්ථාන වේගයෙන් අත්පත් කර ගනී.
සතුන් සඳහා තෘණ බිම් සහ වාසස්ථාන අහිමි කරයි.
කටු සහිත පඳුරු විලාසය නිසා සතුන් ගමන් ගන්නා මාර්ග අවහිර කරයි.
මෙහි හටගන්නා තියුණු ශක්තිමත් කරල් ආහාරයට ගැනීමෙන් සතුන් රෝගාතුරවීම, මියයාම සිදුවිය හැක.
ජලජ පක්ෂීන්ගේ පෝෂක ප්රදේශ සීමාවීම…
………..අන්තර්ජාලය ඇසුරෙනි……..
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න