ලෝකේ ඉතිරි වෙලා ඉන්න එකම එක සුදු ජිරාෆ් ට GPS ට්රැකින් ඩිවයිස් එකක් හයි කරලා. එහෙම කරලා තියෙන්නේ මේ අතිශය දුර්ලභ සත්ත්වයාව කෙන්යාවේ දඩයක්කරුවන්ගෙන් බේර ගන්ඩ.
මේ පිරිමි ජිරාෆ් සතාට මේ විදිහට කාත්කවුරුත් නැතිව තනිවෙලා ජීවත් වෙන්ට සිද්ධ වුණේ එයාගේ ගැහුණු සතා සතා සහ පැටියා පසුගිය මාර්තු මාසෙදි දඩයක්කරුවන් අතින් ඝාතනය වුණාට පස්සේ.
ජිරාෆ් ගේ එක අඟක සවිකර තියෙන මේ GPS උපකරණය නිසා එයා ඉන්න තැන නිරන්තරයෙන්ම සොයා ගැනීමට හැකියාවක් ලැබෙන බව තමයි කෙන්යානු වනජීවී අංශ පවසන්නේ.
“මේ සුදු ජිරාෆ් පිරිමි සතා සැරිසරණ ප්රදේශයට පසුගිය කාලයේ ප්රමාණවත් තරම් වර්ෂාව ලැබුණා. ඒ නිසා ඒ පළාත වෘක්ෂලතාවලින් සරුසාරයි. ඒක ජිරාෆ්ගේ අනාගතයට හොඳයි” ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
මෙම ජිරාෆ් පිරිමි සතාට leucism නම් දුර්ලභ ජානමය ගති ලක්ෂණයක් පිහිටා තියෙනවා. එහි ප්රතිඵලයක් ලෙසින් තමයි උගේ සමේ වර්ණක අර්ධ වශයෙන් අහිමි වෙලා තිනේනේ. මේ හේතුවෙන් සුදු ජිරාෆ් කෙන්යාවේ ශුෂ්ක සැවානා තණ බිමේ ගැවසෙන විට ඉතාමත් පහසුවෙන් දඩයක්කරුවන්ගේ නෙත ගැටෙන බවද පැවසෙනවා.
ඇල්බිනෝ නැති නම් ඇළි සතුන් වගේ නෙමෙයි, leucism ජාන විකෘතිය ඇති සතුන්ගේ ශරීරයේ මෘදු පටකවල අඳුරු වර්ණයකයන් දිගින් දිගටම තැන්පත් වෙනවාත එහි ප්රතිඵලයක් ලෙස ලොව එකම එක සුදු ජිරාෆ්ගේ දෑස් අඳුරු පැහැයක් අරගෙන තියෙනවා.
කෙන්යාවට ආඩම්බරයක් වූ මෙම සුදු ජිරාෆ් පවුලෙන් මුලින්ම සොයා ගනු ලැබුවේ ජිරාෆ් ධේනුව සහ ඇයගේ පිරිමි පැටියා. ඒ 2017 වසරේදි.
මෙම සුදු ජිරාෆ් පවුල පසුගිය මාර්තු මාසය වන තෙක්ම සතුටින් ජීවත් වුණා. ඒත් පසුගිය මාර්තුවේදී ජිරාෆ් ධේනුව සහ පැටියා දඩයක්කරුවන්ගේ වෙඩි පහරට ලක්වීමෙන් පසු දැන් පිරිමි සතාට තනියම තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
ලොව ගොඩ බිම ජීවත් වන උසම සතා තමයි ජිරාෆ්. ඒත් ජිරාෆ් ගහණය ක්රමයෙන් අඩුවෙමින් පවතින අතර, පසුගිය වසර 30 ක කාලය තුළදී ජිරාෆ් ගහණයෙන් සියයට 40 ක් ලොවින් සමුගෙන ඇති බව අප්රිකානු වනජීවී පදනම පවසනවා.
(සී.එන්.එන්. ඇසුරෙනි)