2018 අවුරුද්දෙ දවසක බොරැල්ල හන්දියෙ බෝ ගහ හරියෙන් මම යනවා පයින්. එක පාරට දිලිසෙන රතු පාට රේන්ජර් රෝවර් ඩිස්කවරි 6 සුපිරි ජීප් එකක් මගේ ඇගට කපලා නතර කලා. පැත්තට පැනල පන බේරගත්තෙ. උනේ මොකද්ද කියලා මීටර් වෙන්නත් කලින් “අඩෝ සම්පා, දැක්ක කල්” කියලා කෑගහගෙන එකෙක් ඇවිත් මාව බදා ගත්තා. අම්මටහුඩු, බලපුවාම ඉස්කෝලෙ A/L පන්තියේ හිටපු යාලුවෙක්, තුශාන්ත. අවුරුදු 18 කට විතර පස්සෙ සෙට් උනේ.
ආගිය තොරතුරු කතා කරලා, විසිටින් කාඩ් එකක් එහෙම දීල ගියා. ඌට හොදටම හොදයි. ලොකු මෑන්පවර් කම්පැනි එකකුයි, විලා හයක් එක්ක ෆොරිනර්ස් ඔන්ලි බුටික් හොටෙල් එකකුයි, ලොකු හයි කලාස් රෙස්ටෝරන්ට් එකකුයි කරනවාලු බත්තරමුල්ලේ. සිහි නෑ.
අපිත් එක්ක එකට පුටාර් එක පැදන් ඉස්කෝලෙ ගිහින්, එකට ටියුෂන් ගිහින්, එකට පාඩම් කරලා, එකටම එහා පැත්තේ ගර්ල්ස් ස්කූල් එකේ කෙල්ලොන්ට එක දාන්න ගියපූ ඩෑල් එකක් ඉතිම්.
හැබැයී ඒ එක්කම ඉස්කෝලෙ ශිෂ්ය නායකයෙක් එහම වෙලා, ගුරු සිතත් දිනාගෙන හිටපු ආදර්ශමත් කොල්ලා මූ, කොහොමත්. හොදට පාඩම් වැඩ, ඉස්කෝලෙ අමතර වැඩ කලා. හැමෝම හිතුවෙ කැම්පස් යයි කියලා. ඒ තරම්. අනික හොද හැන්ඩියා.
කොහොම හරි ඉතින්, ඒ අවුරුද්දෙම මාත් මැරි කරලා පදින්චියට ආව පැලවත්තට. ආහ්, වෙඩින් එකටත් මූට ආරාදනා කලා. මගේ ගෙදරටත් ඇවිත් ගියා. පොරගෙ ගෙදර මාත් ගියා. ගිහින් දෙන්න සෙට් වෙලා වයින් එකක් එහෙමත් ගැහුවා, මුගේ තවුතිසා වගේ විලා එකේ. ලොකු වෙලක් අයිනේ, ඇලකට මායිම් වෙලා තියන සුපිරි පොට් එකක් ඇත්තටම. ලොකු ආඩම්බරයක් දැනුනා හදවතට, අපේ එකෙක්නේ කියලා.
ඔහොම කාලෙ ගතවෙලා ගියා. දවසක් සති මැද, ප්රසිද්ද නිවාඩු දවසක උදේ, එක පාරට තුශාන්තයා කෝල් කලා. මචන්, ලොකු උදව්වක් ඉල්ලගන්න කතා කලේ. බෑ කියන්න නම් එපා, මේ වෙලාවේ මට උඹ විතරයි ඉන්නෙ කියල කියපි. යකෝ මූ වගේ කෝටිපතියෙක්ට මොකද්ද මේ කලබලේ මට කරන්න පුළුවන් උදවුව කියලා හිතලා, මාත් ඉතින් “කියාන්, පුළුවන් දෙයක් නම් කරන්නම්” කිවුවා.
මචන්, බෑ නොකියා මට විස්කි බෝතලයක් දීපන්, මට මේ වෙලාවෙ වෙන ගන්න තැනක් නෑ. කොහෙවත් නෑ හොයාගන්න කිවුවා. හ්ම්ම්ම්ම්.. දැන් මොකෝ කරන්නේ. මේකා අපේ ගෙදර ආපු වෙලාවේ, මගේ පුන්චි කලෙක්ශන් එකෙන් එකක් කඩනවා දකින්න ඇති. ආයේ ඉතින් ඕකෙ හන්ගන්න තරම් දේකුත් නෑ, කොහෙත්ම පෙන්නන්න තරම් දෙයක් තිබුනෙත් නෑ. කොහොමත් මුගේ හැටියට වැඩක්ම නෑ.
එකම දේ, ඒ තිබුන බෝතල් ටිකට මගෙ පොඩි සෙන්ටිමෙන්ටල් වැලිවු වගයක් තිබුනා. අපි හනිමූන් ගිහින් එදදි, ඩියුටි ෆ්රී එකෙන් ගෙනාපු, මගේ වෙඩින් එකේ දීපු බ්රැන්ඩ් එකෙන් ඉතුරු කරගත්ත, වයිෆ් ගර්ල් ෆ්රෙන්ඩ් කාලේ දීපු, වගේ අහින්සක මතක සටහන් වගයක් ඒ බෝතල් එක්ක බැදිලා තිබුනා.
කමක් නෑ, මූ ඉල්ලෙන්නේ එක බෝතලයයි නේ. තෑගි හම්බවෙච්ච එකම එක ශිවාස් එකක් තිබ්බා. එහෙනම් ඒක දෙනවා, ආපහු නොදුන්නත් අවුලක් නෑනේ එතකොට, කියලා හිතුවා.අනික යාලුවගේ ස්ටේටස් හැටියට හොද එකක් දෙන්නත් එපැයිනේ. නිවාඩු දවසේ හයි ෆයි යාලුවෙක් මුගේ ගෙදරට කඩන් වැටිලා ඇති, ලන්ච් වලට, ශුවර් එකට. එහෙම හිතලා මම හා කිවුවා. යාලුවා කටපුරා තෑන්ක්ස් කියලා තිබ්බා.
හවස මම ගමනක් යන්න හදද්දිම, තුශා කෝල් කලා. මචන්, බෝතල් ටික ගන්න මම එන්නද ඇහුවා. මම කිවුවා කොහොමත් මම දැන් ඔය පැත්තට එනවා, මමම ගෙනත් දෙන්නම් කියලා. “මචන් ඔක්කොම බෝතල් 07 වත් ඕනේ” කියලා මෙන්න යකෝ ඒ පාර මූ කියපි. දිලෙවාලේ පුච්නේ ලගා කිවුවාලු. බොලේ උදේ ඉල්ලපු එක බෝතලේ දැන් බෝතල් හතක් වෙලා. මගේ ගාව තිබුනේම බෝතල් 04 යි.
“මචන්, ස්කොට්ලන්ඩ් යුනිවර්සිටි එකක හැපනින් කෙල්ලෝ 18 ක් බුටික් එකට චෙකින් වෙලා ඉන්නේ, මට අනිවාර්යයෙන් ඕනේ, මම ඒකයි උදේම කිවුවෙ” කිවුවා. අනේ බලපුවාම මම හිතුවා වගේ මේ අහිංසක විදිහට යාලුවෙකුට දිවා භෝජනේට දෙන්න නෙමෙයි, බිස්නස් එකක් කර ගන්නයි යාලුවා උදෙන්ම කතා කරලා තියෙන්නෙ.
දැන් මොනවා කරන්නද, වෙඩින් එකේ දීල ඉතුරු කරගෙන, ජීවත් වෙලා හිටියොත් 25 වෙනි වෙඩින් ඇනිවසරි එකේ බොන්න හිතන් හිටපූ බෝතලෙත් එක්කම සන්තකේටම තිබුන විස්කි ලීටර් 4ම අරගෙන, හොද ට්රැවලින් බෑග් එහෙකට දාල, මමම ගිහින් තුශාන්තයා අතට දුන්නා. “මචන් අනිවාර්යයෙන් හෙට උදේම මේ ටික මම උඹට රිටන් කරනවා, තැන්ක්ස් බ්රො” කියලා මුව නොසෑහෙන්න ස්තුති කරලා පොර ගියා.
ඒ කියපු හෙට අනිද්දා උනා, අනිද්දා ඉන්අනිද්දා උනා, යොලාන් යොලී උනා, යොලී සොලී උනා, සොලී සැඩොල් උනා, සැඩොල් කොඩොල් උනා, කොඩොල් ගඩොල් උනා හිතෝතුනි. දවස් 10ක් විතර ඔය විදිහට ගෙවිලා ගියා. කෝල් කලාම නෝ ආන්සර්. බැරිම තැන, මම මූට පොඩී අහින්සක මැසේජ් එකක් දැම්මා. හැරන තැපෑලේ මූ රිප්ල්යි කලා, මම අද හවස එනවා කියලා. හවස බුවා ආව, කැබ් එකක. ගොන්කටා කියල අපේ පන්තිවලම හිටපු ඩෑල් එකක් එක්ක. ඇවිත් සොරි මචන් මම බිසී උනා කියලා බෝතල් ටික දීලා ගියා.
මම බඩු ටික දාල දීපු ට්රැවලින් බෑග් එකම ගෙනත් තිබුනා. මූත් කලබලේ ගිය හින්දා මාත් එහෙම්ම ගෙට ආව. මම ගේ ඇතුලට ගිහින් ඇරලා බලනකොට, අනේ තියෙන්නෙ බෝතල් 3 යි.ඒ මදිවට ඒ තුනෙනුත් එකක් 750ml බෝතලයක්, මම දුන්න ලීටරේ බෝතලෙ වෙනුවට.
කලකිරුනා මිත්රවරුනි ඇත්තටම. ගත්තා කෝල් එකක්. අරන් ඇහුවට පස්සෙ යාලුවා කිසී ගානක් නැතුව කියනවා “ආ මචන් ඔතන එකක් අඩු ඇති, මම ඒක පස්සෙ ගෙනත් දෙන්නම්” කියලා. එතකොට “ඇයි මේ එකක් ලීටරේ නැතුව 750ml” කියලා ඇහුවම මෑන්ස් කියනවා “ආහ් එහෙම වෙලාද..? මම මේ ගොන් කටා යවලා ඔය ටික ගෙන්න ගත්තෙ, එහෙනම් ඌට වැරදිලා වෙන්න ඇති”ලු. එතකොට ඌ බබා, මම හාව.
මම ඇහුවා “මචන් මේ ටික, මේ විදිහට, මම උඹට කලා නම් උඹට මොනවා හිතෙයිද” කියලා. ඒකත් බොහෝම හම්බල් විදිහට, සැර බාල කරලා ඇහුවෙ. එච්චරයි අහන්න පුළුවන් උනේ මිත්රවරුනි, මූ බෑන්නා මට බැනිල්ලක්, මගේ අම්මට උන හැදෙන්න. ඒ කියපු වචන මට මතක නෑ, මොකද ඌ එකම දේ රිපීට් කර කර බැන්නෙ. හැබැයි අදහස මතකයි.
අදහස ඇවිල්ල, ඌ එක දවසින් ගනත් දෙන්නම් කියලා අරන් ගිහින් සතියකටත් වැඩිය පරක්කු කරපු එකට, මම කෝල් කරපු එක, මැසේජ් එකක් දාල මතක් කරපු එක වැරදී, ඌ බඩු අඩුවෙන් ගෙනත් දීපු එක, මම උගෙන් අහපු එක වැරදී, ඌ වගේ පට්ට පොරක්ව ආස්රය කරන්න තිබුන වටිනා අවස්තාව මම බූරුවෙක් වගේ නැති කරගත්තා, මගේ මැසේජ් එක උගේ වයිෆුත් දැකලා, ඒකට එයාට ඌයියා උනා වගේ ටිකක්. බැනලා බැනලා මම එක වචනයක් කියන්න කලින් මූ ෆොන් එක කට් කලා.
ටික දවසකට පස්සෙ මැන්ස් වැරැද්ද නිවැරැදි කලා. හැබැයී ඒකෙන් මම මාර දෙයක් තේරුම් ගත්තා. ලොකු වාහන පැදලා, මාලිගාවල් වල ජීවත් උනාට, මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ නෑ. ඉස්කෝලෙ යන කාලේ කොච්චර ආදර්ශමත් චරිත උනත්, යාලුවෝ උනත්, සමාජෙට ඇවිත් වැඩිහිටියෝ උනාම, උන් වෙනස් වෙනවා. විශේෂයෙන් සල්ලි වලින්, තනතුරු වලින්, වත්පොහොසත්කම් වලින් උඩ යන්න යන්න උන්ට, හරි වැරැද්ද, හොද නරක, කෙලෙහි ගුන අමතක වෙනවා. ඇතුලේ ඉන්නෙ, අපි දන්න, ඇහැට පේන එකා නෙමෙයි.
යාලුවා මීටත් වැඩිය හිතාගන්න බැරි දෙවල් ටිකක් අපේ ඉස්කෝලෙම, වෙන යාලුවො දෙතුන් දෙනෙක්ටත් කරලා කියල, මට පස්සෙ ආරන්චි උනා. දැනුත් ඉදහිට පාර්ලිමේන්තුව පැත්තෙ යනකොට, උගේ සුපිරි ජීප් එක මම දකිනව. සැහැල්ලුව මිස්ර වෙච්චි, පහන් සන්වේගයක් වගේ හැගිමක්, හිතට එනවා හැර, තරහක් නම් එන්නේ නැති තරම්. ඒ තරමට මගේ හිත දියුනු කරගන්න, ඉගෙන ගත්ත පාඩම් වලින්, හිතපු නැති විදිහේ, හොදම එකක් කියලා දුන්නට ඌට ස්තුතිවන්ත වෙනවා ඇර, වෙන කරන්න දෙයක් නෑ මිත්රවරුනි.
ජීවිතේ බරයි, වියදම සැරයි, නම් ගම් මනහ්කල්පිතයි කිවුවලු.
එහෙනම් කොල්ලෝ අපි ගියා..
උපුටා ගැනීම: Sampath Udana Kaluarachchi