අක්කාගේ කොල්ලා පොඩි කාලේ.. මේ සිද්ධිය වුනේ කොල්ලා කීය පන්තියේ ද කියලා මට දැන් මතක නෑ..සිද්ධිය මතකයි…
ගුරු දෙගුරු සමිතියට අක්කා ගිහින් ඇවිත් මුහුණ එක්ක රතු වෙලා ඉන්නවා කේන්තියන්…අපි මොකද කියලා ඇහැව්වම තමා විස්තරේ කිව්වේ……
ඉස්කොලේ දී පන්ති භාර ගුරුතුමිය කියලා හැමෝම ට තමන්ගේ සුරතලා ගැන පන්තිය ඉස්සරහට ඇවිත් කතාවක් කරන්න කියලා…
අපේ එකා වේලාව ආවාම ඉස්සරහට ගිහින් හිටන් ඉන්නවලු..
ඇයි පුතා කියන්න කතාව කියලා ටීච කිව්වාම
මේකා කියලා අපේ ගෙදර සුරතලෙක් නෑ.. ඉන්න සුරතලා මමයි කියලා..
ටීච ඇහැව්වලු
ඇයි පුතා ගෙදර පුසෙක් බල්ලෙක් එහෙම නැද්ද කියලා
අපේ එකා කියලා..
පුසෙක් ඉන්නවා ඌ ගෙනාවේ මීයෝ අල්ලන්න,
බල්ලා ගෙනාවේ ගෙදරට කවුරු හරි එද්දි බුරන්න කියලා…
ටීචත් ඒ වේලාවේ හිනා වෙලා…
අපිටත් හිනා.. ගුරු දෙගුරු සමිතියට ගිහින් අක්කා නම් ආවේ ලැජ්ජා නැව් පිටින් අරන්…
උපුටා ගැනීම : Uchitha Palliyaguruge