කැම්පස් එකේ අර නම කියන්නැති සීසන් එකේ දවසක ගෑනුලමයි ජේෂ්ඨ උත්තමයො දෙන්නක් එක්ක එක මේසෙක වාඩි වෙලා ඉන්නව ඉතිං. ඒ කාලෙ ගෑනුලමයි පිරිමි ලමයි ගැන ජේෂ්ඨ උත්තමයො පුදුම ප්‍රේමයක් නේ තියෙන්නෙ. ඒ ප්‍රේමෙ බෙදන ගමන් තමයි ඉන්නෙ මේ.
එතකොට මොකක් හරි වෙලා මේ ගෑනු ලමයි ටිකට හිනා යනව (මේ කිව්ව සීසන් එකේ එහෙම ඕනෙ ඕනෙ විදියට හිනා වෙන්න බෑ පලවෙනි වසරෙ අයට) හිනා උනොත් දෙන දඩුවම තමයි හිනාව කපන එක. ඒක නිකං අභිරූපණ විදියට තමයි කරන්නෙ. අත තමයි කතුර.
ජේෂ්ඨ උත්තමය: ඇයි ඇයි උඹල හිනා වෙන්නෙ? උඹලට ආතල්ද?
ගෑනුලමයි: න්..න්.. නෑ අය්යෙ (බයයි ඉතිං)
ජේෂ්ඨ උත්තමය: නැත්තෙ කොහෙද. කපපල්ල ඔක්කොම හිනාව
ගෑනුලමයි හිනාව කපනව.
ජේෂ්ඨ උත්තමය: දාපල්ල හිනාව මේසෙ උඩට
ගෑනුලමයි හිනාව කපල දානව
ජේෂ්ඨ උත්තමය: හරි කලවම් කරපන් දැං ඒ හිනාවල් ටික
දැං උඹ ( එක ගෑනුලමයෙක්ට ඇගිල්ල දික් කරල) ගනිං උඹේ හිනාව මෙතනින්, අරං ආයෙ දා ගනිං.
ගෑනුලමයත් දා ගන්නව. ඔක්කොම වෙන්නෙ අභිරූපණ ස්ටයිල් එකට.
ජේෂ්ඨ උත්තමය: දැං උඹ ඔය දාගත්තෙ කාගෙ හිනාවද?
ගෑනු ලමය: ම… ම.. මගේ හිනාවමයි අය්යෙ
ජේෂ්ඨ උත්තමය: අහ් උඹ කොහොමද එහෙම හරියටම උඹේ හිනාව තෝරගත්තෙ?
ගෑනු ලමය: සුවඳ බලල අය්යෙ
ජේෂ්ඨ උත්තමය: ඈ යකෝ ඒ කොහොමද එහෙම හොයාගන්නෙ?
(ජේෂ්ඨ උත්තමයටත් දැං හිනාව නවත්තගන්න බෑ. හිතුවෙ නැති උත්තරයක් නෙ)
ගෑනු ලමය: න් න්.. නෑ අය්යෙ මං දත් මදින්නෙ සිග්නල් වලින්නෙ, සිග්නල් සුවඳයි ඒකයි.
එදා දවසට අර නම නොකිව්ව වැඩේ එතනින් ඉවරයි!
උපුටා ගැනීම : Manushi Watawana