සුවය, සහනය, සැනසීම හා විඩාව, අසහනය, පීඩාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ දිනවල බොහෝ මිනිසුන් සුවය, සැනසීම, සහනය (Healing, relief, comfort) සොයයි.
එහෙත් බහුතරයක් විඩාව, අසහනය, පීඩාව සමඟ ජීවත්වනු පෙනෙයි.
සුවය, සහනය, සැනසීම ඇත්තේ කොහිද ?
සුවය, සහනය, සැනසීම ඇත්තේ තම තමා තුළම බව අප දැකිය යුතු මොහොත දැන් එළඹ ඇත.
ඔබ මා අප මිනිසුන් ලෙස ඉපිදි මිනිස් රුවින් සිටින්නේ විශ්වීය මිනිසුන් ලෙස වග මතක තබාගෙන ජීවත් විය යුතු කාලය දැන් උදාවි ඇත.
විශ්වය අසමසම වූවකි, එමෙන්ම එය අසීමිත වූවකි. එහෙයින්ම එය අසිරිමත් වූවකි.
ඔබ, මා, අප වසන විශ්වයට කාලයක්, අවකාශයක් හෝ අවසානයක් නොමැත.
කාලයක්, අවකාශයක් හෝ අවසානයක් නොමැති අසීමිත විශ්වයේ එකී අසීමිත බව ඔබේ, මගේ, අපගේ මුළු සිරුර පුරා බලපවත්වන බව ඔබ, මා, අප දැනගත යුතුව ඇත.
එයයි ඔබ, මා, අප වසන විශ්වයේ අසිරිය.
එයයි ඔබ, මා, අප වසන විශ්වයේ ආශ්චර්යමත්බව.
ඒයයි ඔබ, මා, අප වසන විශ්වයේ විධිමත් හා සංවිධානාත්මක බව.
සිරුරේ සියළු ස්නායු සෛල, රුධිරවාහිනි, ඇතුළු සියළු සරීර සැකසුම් පද්ධතීන් ඔස්සේ අතොරක් නැතිව පවතින, අතොරක් නැතිව ගලා, අතොරක් නැතිව රැදී ඇති මෙකි අසිරිමත්, අසීමිත, ආශ්චර්යමත් බලයෙන් ඔබ මා අප නිරන්තරයෙන් හා නිරායාසයෙන් ආරක්ෂා වන බව නිරන්තරයෙන් සිහිපත් කිරීමෙන් ඔබ, මා, අප විශ්වයට සුදුසු විශ්වීය මිනිසෙක් වීමට මාර්ගය නිර්මාණය වන බව අවබෝධ කරගත යුතුය.
“මම සුවපත්” යන ස්වං යෝජනාව නිරන්තරයෙන් සිතන්න, කියන්න, තොල් මතුරන්න, මුමුණන්න.
ලෙඩ රෝග ගැන, වේදනාවන් ගැන කතා නොකරන්න.
කොටින්ම අප වසන්නේ සුවපත් ලෝකයක බව සිතීම යනු අප සිතිය යුතු එකම කාරණය බව සිතමු.
එයයි ඔබගේ, මගේ, අපගේ ආරක්ෂක මන්ත්රය.
රෝග විස්තර ගැන අසන, විමසීම් කරන අයවළුන් සමඟ රෝග විස්තර, රෝගාබාධ හෝ ඖෂධ යනාදිය ගැන කතා නොකර සිටිමු.
ජනමාධ්ය යනු ජනමාධ්ය මිස බහුජන මාධ්ය නොවන වග නුවනැසින් දකිමු.
කොටින්ම අප සුවපත් බව පමණක් මේ මොහොතේ සිට සිතමු. මේ මොහොතේ සිට කතා කරමු.
සිතුවිලි රැසක් එකතුවීමෙන් සිතුවිලි රටාවක් නිර්මාණය වන බවත් එකි සිතුවිලි රටාව මිනිසා නිර්මාණය කරන බවත් සිතා, එය එසේ හෙයින් සුවය, සහනය හා සැනසීම හා බැදුනු පැවැත්ම පිළිබඳ සිතුවිලි රටාවක් තුළින් අප හෙවත් මම නමැති මිනිසා නිර්මාණය කරගෙන අපි එහි වැසිය යුතු බවත් තරයේ අවබෝධ කර ගත යුතු අවධිය දැන් එළඹ ඇත.
වසින විට වැසි කබාය, කුඩය, වහලය හෝ ආවරණය අප නොතෙමන්නේ යම්සේද ලෝකය තුල රෝග නිර්මාණය වුවද ඉහත කි ආවරණ මඟින් අවශ්ය අයෙකුට නොතෙමි සිටීමට කිසිදු බාධාවක් නොමැති බව දැන් අපි මනැසින් දැකිය යුතුව ඇත්තෙමු.
සිතුවිලි රටාව සුවය වෙනුවෙන් මිස එහි අනෙක් පස දෙසට යොමු නොකරමු.
සුවය, සහනය, සැනසීම ජීවිතයට උරුම වනු නිසැකය.
සැමට සුවබර ජීවිතයක් වේවායි පතමු…!
උපුටා ගැනීම:  Pubudu Anuradha Dissanayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!