ස්වයං දහනය වූ මේරි රීසර්ගේ කකුල් දෙක පමණක් ඉතිරි වූයේ ඇයි ? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේරි රීසර්ට විදුලි පනිවිඩයක් ලබා දීම සදහා ගිය ඇය ජීවත් වූ මහල් නිවසේ අයිතිකරු නිවසේ යකඩ දොරට තට්ටුකල විට එය අධික රස්නයෙන් යුතු බව අතට දැනිනි. නිවස තුළට ගිය ඔහුට දැකගත හැකි වූයේ ඇය සාමාන්යයෙන් හිද සිටින පිටුව අලු ගොඩක් බවට පත්වී ඇති බවත් කාමරයේ එක් පෙදෙසක් පමනක් ගිනිගෙන බිත්ති පුපුරා ඇති බවත්, ඇය හිඳ සිටි පුටුව අසල මිනිස් කකුල් දෙකක් පමණක් ඉතිරිව තිබෙන බවයි.
වහාම පොලිසිය සහ ගිනි නිවන හමුදාව කැඳවිණි. නමුත් එ වනවිටත් ගින්න සම්පූර්ණයෙන්ම නිවී ගොස් තිබිණි. එහෙත් එය නිවස පුරා පැතිරී නොතිබිණි. ගිනිගෙන තිබුණේ ඇය හිද සිටි පුටුව සහ ඒ අසල පමණි. වෙන කිසිම දෙයකට ගින්නෙන් හානි වී නොතිබූ අතර ඇගේ කකුල් දෙක ගිනිගත් පුටුව අසල බිම වැටී තිබිණි. රීසර් අතුරුදහන් ව සිටී අතර ඉතිරි වූයේ කළු අළු ගොඩකි.
සුන්බුන් අතරේ පොලිසිය ගිනිගත් පුටුවේ යකඩ කැබලි සහ රීසර්ගේ කොඳු නාරටිය සොයා ගත්තේය. ඇගේ වම් පාදයේ තවමත් කළු සිල්ක් සෙරෙප්පුවක් දමා තිබේ. අනිත් කකුලේ සෙරෙප්පුව ඈතින් විසිවී තිබිනි. ඇගේ හිස් කබල “කෝප්පයක ප්රමාණයට හැකිලී” අලු ගොඩේ තිබූ බව වාර්තා විය.
ගිනි නිවන භටයන් අධික උණුසුම පිළිබඳ සාක්ෂි සොයන විට උණු වී වාෂ්ප වුන ඉටි කුට්ටි ඉහල බිත්තියේ බැදී තිබූ අතර දුමාරයෙන් බිත්තිවල මුදුන් වල පැල්ලම් ඉතිරිකර තිබුණි. ගිනිගෙන විනාශ වු විදුලි පේනුවක් ඒ අසල විය.
මේරි රීසර් ඇගේ සැමියා වන ආචාර්ය රිචඩ් රීසර් මියගිය පසු ඇය ඇගේ මරණයට වසර කිහිපයකට පෙර පෙන්සිල්වේනියාවේ සිට ශාන්ත පීටර්ස්බර්ග් වෙත ගොස් මෙම නිවසේ තනිව ජීවත් වීමට පටන් ගෙන තිබේ. සැක කිරීමට කිසිවෙකුත් නැත.
ඇය මිය ගිය ආකාරය පුරෝකතනය කරන විට යෝජනා ගණනාවක් ඉදිරිපත් වී තිබේ. සමහර විට ගින්න අහම්බයක් විය හැකිය. සමහර විට එය අකුණු සැර වැදීමක් විය හැකිය. 1951 දී යෝජනා වුයේ ඇය ස්වයං සිද්ධි මිනිස් දහනය හේතුවෙන් මිය ගිය බවය. එනම් ඇය පානය කරමින් සිටි සිගරට්ටුවක අලු ඇගේ ශරීරයට වැටී තිබී පසුව ගිනි ගන්නට ඇති බවයි.
ඇය සෑම රාත්රියකම නින්දට පෙර නිදි පෙති දෙකක් පානය කර සිගරට් කීපයක් දල්වා ගන්න පුරුදුව සිටි බව හැගේ පුතා සහ ඇගේ යෙහෙළියන් පවසා ඇත.
ශාන්ත පීටර්ස්බර්ග් පොලිස් ප්රධානී ජේ.ආර්. රීචාර්ට් ආධුනික රහස් පරීක්ෂකයින්ගෙන් මෙම මරණය සිදුවිය හැකි ආකාර පිළිබඳ න්යායන් සිය ගණනක් පමන ලබා ගත් අතර කෙසේ නමුත් පැහැදිලි පිළිතුරක් නොතිබුණි. එබැවින් රීචාර්ට් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට ලිපියක් වූ අතර එහි සඳහන් වූයේ මෙම ගින්න කුඩා නගර බලවේගයට දරාගත නොහැකි තරම් ප්රහේලිකාවක් වී ඇති බවයි.
පොලීසිය විසින් සාක්ෂි පෙට්ටි FBI රසායනාගරය වෙත යැවූ අතර එහි මහල් නිවාසයේ කොටස්, දුම් සාම්පල, බිත්තිවලින් හා බිමෙන් සුන්බුන් සහ පුටුවේ කොටස් සමන්විත වූ අතර රීසර්ගේ අද්භූත අතුරුදහන් වීම පරීක්ෂා කිරීමට එෆ්බීඅයි ඒජන්තවරු සති තුනක් ගත කළහ.
අවසාන වශයෙන්, අගෝස්තු 8 වන දින, රීචාර්ට් මාධ්යයට ප්රකාශයක් නිකුත් කරමින්, ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ මගේ අවුරුදු 25 කට ආසන්න පොලිස් සේවය තුළ මා දුටු අසාමාන්ය අවස්ථාව මෙයයි සදහන් කලේය.
නමුත්, රීසර්ට හෝ ගොඩනැගිල්ලට අකුණු සැර වැදුණු බවට FBI ඒජන්තවරුන්ට කිසිදු සාක්ෂියක් හමු නොවිනි. මහල් නිවාසයේ ඇති සියලුම ෆියුස් තවමත් නොවෙනස්ව පැවතුනි. ගින්න ආරම්භ කළ හැකි ද්රව්ය සොයා ගැනීමට විමර්ශකයන්ට නොහැකි විය.
අවසාන වාර්තාවට අනුව ඇය නිදි පෙති බී සවස් වරුවේ සිගරට් බොමින් පුටුවේ වාඩිවී සිටියේය. ඇය මියයන විට ඇඳ සිටි රාත්රී ඇඳුම රේයාන් ඇසිටේට් වලින් සාදා ඇති අතර සිගරට් අළු වලින් ගින්නක් ඇතිවිය හැකිය.
රීසර්ගේ බර රාත්තල් 170 ක් පමණ විය. මිනිස් මේදය නිසා සවස් කාලය පුරාම ගින්නක් හටගෙන දහනය විමට ප්රමාණවත් ඉන්ධන ශරීර මේදය මගින් සපයා ඇති අතර උණුසුම් වාතය සහ දුමාරය කාමරයේ ඉහළට නැග ඉහල කවුලුවෙන් පිට වී ඇත.
මේ ආකාරයේ හදිසි මරණයක් වඩාත්ම පිළිගත හැකි න්යාය බව විමර්ශකයින් තීරණය කළහ. නමුත් පෙන්සිල්වේනියා විශ්ව විද්යාලයේ මානව විද්යාඥයෙකු වන විල්ටන් එම්. ක්රොග්මන් ඊට එකඟ නොවීය.
හැකිලීම වෙනුවට රීසර්ගේ හිස් කබල පුපුරා යා යුතු බව ඔහු පැවසීය.
ශරීරයේ සම්පූර්ණයෙන්ම දාහනය සිදු වූ අතර, එයට පැය කිහිපයක් පුරාම අංශක දහස් ගණනක් අවශ්ය වනු ඇත.
තවද මහල් නිවාසයේ වෙන කිසිදු පිළිස්සීමක් නොමැතිව එවැනි සම්පූර්ණ දාහනයක් සිතාගත නොහැකිය.
රීසර්ගේ අද්භූත මරණයෙන් දැන් වසර 70 කට ආසන්න කාලයක් ගත වී ඇත. අද දක්වාම, සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු නිශ්චිතව දන්නේ නැත.
එෆ්බීඅයි පරීක්ෂණයෙන් පසු, රීසර්ගේ අළු වලින් කොටසක් සහ කකුල් දෙක පෙන්සිල්වේනියාවේ ඇගේ සැමියා අසල වළලනු ලැබීය.
විසදීමට ප්රශ්න රාශියක් ඉතිරිව පවතී.
කාමරයේ ඉතිරි කොටස ගිනි නොගෙන කාන්තාව පමනක් ගිනිගත්තේ කොහොමද?
එසේ ඇයව අළු ගොඩක් බවට පත්වෙන තුරු ගිනිගත්තේ නම් ඇගේ කකුල් දෙක පමනක් කිසිදු හානියක් නොවී ඉතිරි වුණේ කොහොමද ?
ගින්නකින් අළු වෙනතුරු ශරීරයක් දැවීමට නම් එය පැය ගානක් ගිනිගත යුතුය. පැය ගණන් දැවීමට තරම් අවශ්ය ඉන්ධන ද්රව්ය ඒ අසල නොවුයේ ඇයි..?
කාමරයේ ඇය සිටි කොටස පමණක් ගිනි ගත්තේ කෙලෙසද ..?
  උපුටා ගැනීම:  රාම්වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!