පාසල් නිවාඩුව ගඩා ගෙඩි කමින් වැවේ හෝ ඇලේ පනිමින් ගෙවූ කාලයේ එක දවසක්, දං ටිකක් කන්න මහ ඇල දිහාවට යද්දී ප්රසන්න අයියා පහල චංදනයා එක්ක ගඩොල් කපන තැන ටිකක් නතර උනා,
කොහෙද බං යන්නේ..?
දං කන්න යනවා අයියා,
ඔය ගඩොල් ටික අහුරලා දීපන් දහයක් දෙන්නම්,
අපෝ දහයට බෑ පහලවක් දීපන්.
හා… කරපං
අයියේ වැඩේ හරි..
සල්ලි දීපන්….
මොන සල්ලිද යකෝ,,
විහිලුවට කිවුවෙ බං..
මුං මට වඩා වයසින් වැඩී
ගේම ඉල්ලන්නත් බෑ.
ගඩොල් ගොඩ උඩ ඉදගෙන මං කල්පනා කරා.
ටිකට් බාර් එක කරන කලුමාමා ඉතුරු ටිකට් බයිසිකලේ තියාගෙන විකුනන ගමන් එතනින් ආවා.
ප්රසන්න මල්ලි ටිකට් ඔනෑද?
ප්රසන්න අයියා ටිකට් එක තෝරගත්ත දිහා මං හොදට බලන් ඉදලා ඒකෙ අංක හතර අමු ගඩොලක ඌට හොරෙන් ලියල මං ගෙදර ආවා.
පහුවදා දවල් මං ආයෙත් ගඩොල් වල ගාවට ගියා.
මල්ලි අද උබට ඊයෙ සල්ලි එක්ක පනහක් දෙන්නම්,අපි මේ මැටි වල පාගනකං උබ ඔය ටික ගොඩ ගහපං.
ඔන්න අද සල්ලි දීපල්ලා..ඈ
මම ගඩොල් අහුරන ගමං අංක ටික බලා ගත්තා.
මුං දෙන්න හිතා ඉන්නෙ අදත් මට පොල්ල තියන්න කියලා ඌංගෙ හිනාවෙන් පේනවා.
ප්රසන්න අයියේ ඊයෙ කෝටියේ තෑග්ග පොලොන්නරුවට ඇදුනා ඕයි..
නෑහ්…ප්රසන්නයා කිව්වා.
ඔව් අයියෙ අපෙ තාත්තාගෙනා ටිකට් එකෙ අංක ලගින් ගියා අපරාදෙ.
අංක ටික තාම මතකයි..ශික් ටිකක් එහෙ මෙහෙ උනා නම්…මං සෝක මුහුනක් දාගෙන කිව්වා.
කියපං බලන්න අංක ටික,දිවුල් ගහේ එල්ලලා තිබ්බ ශර්ට් එක ගන්න ගමන් ප්රසන්න අයියා කිවුවා.
xx xx xx xx මං කට පාඩමින් කියෝගෙන ගියා.
ප්රසන්නයාගේ ඇස් ලොකු උනා,නහය පිංබුනා.
කෝ …කෝ ආය කියපං බලන්න,
මං රිපීට් කරා.
මූට පුල් හැපී.
උදැල්ල අරන් මහ ඇලට වීසිකරා,
චංදනයා තක්බීර් වෙලා..
අපි දුක් විදලා ඉවරයි චංදන හු#% තෝ…
අපි ගොඩ…කෝටියේ ටිකට් එක මෙන්න ප#%%
මුං දෙන්නා බදා ගන්නවා,අඩනවා හොටු කනවා,මැටි වලේ පෙරලෙනව,එක කෙලියට.
මුං දෙන්න ටැක්ටරයක් අරන් ගඩොල් කලුගල්,වැලි විකුනන වියාපාරෙකට බිසිනස් ප්ලෑන් අදිනකොට මට ටිකක් බය හිතුනා,
මං ගෙදර එද්දී අපෙ තාත්තාගෙ අම්මා ගමේ යන්න ලෑස්ති වෙනවා,මං අත්තම්මා එක්ක එවලෙම ගමෙං පිටමං උනා.
වැඩි දුරක් නෑ කිලෝමීටර් 12 දුරින් ගම තියෙන්නේ.
පහුවදා
හවස හයට විතර තාත්තා මහ වැස්සේ බයිසිකලේ ඇවිත් මගෙ කන පලලා රෑම ආපහු ගියා.
පස්සේ කතාව ආරංචි උනේ,
මුං දෙන්නා සතුට වැඩිකමට ගඩොල් පෝරනේ හෙවිල්ලපු පොලතු වහලට ගිනි තියලා,මහ වැස්සට ගඩොල් තෙමෙද්දි
උදව්වට ආපු මිනිස්සුන්ට බැනලා එලවලා.
පහුවදා කොලබ යන්න වෑන් එක කතා කරගන්න ලාල් අයියා හම්බෙන්න ගිහිං කතාව කියලා,
ලාල් අයියා මුං එක්ක ගිහින් හංදියේ කඩෙන් පත්තරේ අරන් බලද්දී රුපියල් දහයක් ඇදිලා තිබිලා.සිද්දිය වෙලා අවුරුදු 18 වෙනවා,අදටත් උන් දෙන්නා මගේ මූනවත් බලන්නේ නෑ.
උපුටා ගැනීම: Harsha Rathnayaka