මේකයි පින්වතුනි කතාව! මන් හදිස්සියේම ගෙදර ආවා කැම්පස් එකෙ ඉදලා අද. ආවේ හේතු දෙකකට. එකක් තමයි බැච් ෆොටොව ගහන නිසා සාරියක් අරන් ජැකට් මහගෙන යන්න.
ඉතින් හදිස්සියේම අම්මගෙ යාලු මිස් කෙනෙක් එක්ක එයා දන්න කෙනෙක් ලගට ගියා ජැකට් එක මහන්න. බයික් එකෙ ගියෙ. ආපහු එද්දිත් ටවුන් එකට ගෙනත් දැම්මා. ඉතුරු ටික මන් බස් එකෙ යන්න ඕනා. බස් එකටත් නැග්ගා. ඉස්කෝලෙ ඇරිලා ළමයි පිරිලා. බස් එකම සුවදයි. ඒ අස්සෙ පෙම් කෙලින කොල්ලො කෙල්ලො.. හම්මපා යකෝ මුන්!! කොයිවෙලෙත් හුච් කුචි ගෑවිල්ල…හිවල්ලුන්ට ඉස්පොල්ලෙ ගිහින් වගේ.. මාර උකුලු මුකුලු.. මන් දිහත් බලන් ඉන්නවා මුන්දැලා රාණි මුකර්ජිට ජුහි වවුලා හයිබ්‍රිඩ් උනු මෙව්වා ගතියක් තියනවානෙ මගෙ.. ඒ හින්දා වෙන්නත් ඇති..පව් අහිංසකයො ආයෙ කවදා දකින්නද මාව.. ඔහෙ බලාගත්තුදෙන්.. මාත් ඉතින් එවුන්ගෙ පිවිතුරු ප්‍රේමෙ අස්සට සන්ලයිට් ඇඩ් එකක් දැම්මා වගේ ඉගියක් පාලා හිටියා.
බස් එක නිකන් වැලි පටවපු ටිපර් එක වගේ..මිරිකිලා ඉක්ක වැටෙන තරම් සෙනග.. කොච්චර සෙනග හිටියත් එකෙක්වත් මන් ලගින් ඉදගන්නෙත් නෑ. මටත් මොකො..පඩුපුල් ආසනේ වගේ මාත් චූන් එකේ යනවා…මට දැන් පෙනුනා එක කෙල්ලක් කට තද කරාන අර සෙනගත් චොරු කරගෙන අනිත් පැත්ත හැරුනා.. ඒකිට නම් හොදටම තෙල වැඩිවෙලා.. ඔය අතර මේ මොන මල සමයමක්ද කියලා බලපු 50 කට්ට පැනපු මාමෙක් ඇවිත් ඉදගත්තා මන් ලගින්.. හම්මේ. මේකා සුවර් එකටම ගල් බෝතලෙන් කාලක් බීලා ඉතුරු ටිකම නාලා.. මට දැන් ඉන්නම බෑ.. හුස්ම ඇදෙන්නෙත් නෑ.. කන් දෙකට ගහන් උන්නු දෙක නාහෙ ඔබාගන්න හිතුනා මට.. වනචරයා..හිනා වෙනවා ඉවරයක් නෑ.. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ.. බීපුවාම සිහියක් පතක් නෑ… ඉන්නෙ කොහෙද දන්නැ..
මේකා මොනාදෝ කියනවා ඇහුනෙනෑ..කනේ ඇබනෙ මගෙ. ශේප් එකෙ සවුන්ඩ් අඩු කරලා අහන් හිටියා මන්.. ඇබේ ගැලෙව්වෙත් නෑ..
“”” හප්පටසිරි යකෝ එලිසබත් රැජින නේද මේ ඉන්නේ…”” මේකා මට කියපි. බනින්න හිතුනෙත් නෑ ඉතින්.. මොනා උනත් එලිසබත් රැජින කියලා මගේ ජීවිතේටම මට කීවෙ මේ ලොක්කා විතරයි. ඇහුනෙ නෑ වගේ හිටියා..
මොන මගුලක් කියනවද මන්දා…. බස් එකේ අතරින් පතර…හුකුස් කුස් හිකිස් ගානවා ඇහෙනවා එක එකා.. හිනාව නවත්තගන්න බැරි එවුන් සද්දෙට කහිනවා.. ක්‍ෂයරොග ඒකකය වාගෙ බස් එක. හොදම ආත්ල් එක ගත්තෙ ඉස්කෝල කොල්ලො ටික… අනේ ඕකුන්ට් හෙන පාර්සල් වෙලා දොරකඩටම වැදියන්.. මටත් සෙට් උනොත් ඔහොම පරාලාක්මයි!!!! මත් රකුසා… මත් රකුසා කීවට මන් අදමයි ඌව දැක්කේ.. ලගම හිටපු බේබ්ස් අන්කල්ගෙන්…ලොවි ගෙඩි වගේ ඇස් දෙකත් උලුක්කු කොරාන රිලවුන්ට කෙසෙල් පෙන්නුවා වගේ මන් දිහාන බලන් ඉන්නවා මුන්දැ…. මේකා දැන් මෙලිගෝ රවුන්ඩ් යනවා වගෙ…මට දැන් මේකගෙ හොම්බට ඇනලා බොම්බයි මොටයි කවන්න හිත. ඒත් මුකුත් කරගන්න බෑ..ඊයෙ දෙනෝදාහක් ළමයි මැද්දෙ ස්ටඩියෙ පතබෑවිලා තැරි ගැහිලා පැත්තක් බකල් වෙලා ඉන්නෙ.
ඒ අතර කොන්දොස්තර අයියා සද්දෙටම මාමට කීවා කෑවනම් බීවනම් පාඩුවේ යන්න කියලා..ඒ කියලා මන් ලගට ටිකට් කඩන්න ආව අයියා කීවා.. “””නන්ගි දැන් නම් පායලා නේහ් ? “””
ඇත්තටම ඇයි මට මේ සමහර වෙලාවට මිනිස්සු කියන ඒවා තෙරෙන්නෙ නැත්තෙ???? මේක මගේ අවුලක්ද.. නෑ මේක සිස්ටම් එකේ අවුලක් සහෝදරවරුනි.. අයියෙ අක්කේ.. නැන්දෙ මාමේ.. නංගි මල්ලියේ.. මන් ඔයාලටත් කියන්නෙ.. ගෑණු ළමයෙක් තනියම කොහෙහරි යනවා නම් ඒ කියනෙ ඒ ළමයාඅ තනිවෙලා කියන එක නෙමෙයි!! ඒ ළමයා එනකන් බලාගෙන අම්මෙක් තාත්තෙක් එයාටත් ඉන්න පුළුවන්! .. කොටට ඇන්දා කියලා කර කැපෙන්න ඇන්දා කියලා කියන්නේ.. ඒ ගෑණු ළමයා වටේ යන එකියක් නෙමෙයි!! ඒ ළමයාගෙ ෆැෂන් එක වෙන්න පුළුවන්! ඒකෙන් දකින්න ඕනෙ ලස්සන මිසක්.. ඊටත් එහා ගිහින් හිතින් මවා ගත්ත නිරුවත නෙමෙයි!! හැමදාම සමාජෙ වැරැද්ද කියලා බැන්නට.. ඒ සමාජෙ ඉන්නෙත් අපිමයි.. වෙනසක් ඇති කරන්න ඕනෙත් අපිමයි… එත් මේක තමයි අපේ සිස්ටම් එක…
සිතුවිලිදාමයක මගේ හිත පැටලිලා හරියට නිකන් තංගුස් නූලක් ඇගවටේ මාලක්කම් ගහනවා වගෙ…. කොන්දොස්තර අයියාගෙ කන ගාවට ඇදුනු කටේ පොටත් එක්ක පිටවුනේ.. “”” මොනා උනත් නංගි ඔලුව පරිස්සම් කරගන්න එක වටිනවා..””
වටේ තිබුනු ගැටේ බෙල්ලෙ ලෙල්ටම හිරවිමට ගියේ ත්තපර අනුවයි දශම දෙකයි පින්වතුනි..පඩුපුල් ආසනේ ගිනිබත් වුනා… තොරණ් බලන්න ආව බල්ලො වගේ අරුන් ටික හූ තියනවා..බේබ්ස් අන්කල්ගෙන් ඇමතුමක්..!!! ඒකා උගේ තට්ටෙ අත ගගා… ඇටිකුබ්බා වගේ ඔලුව වනන ගමන්…. මාත් අද පොඩි සොට් එකක් දැම්මා ඌ කිවේය.. ඉතිං මට පාන්ද??? මං හිතින් පිලිතුරු දුන්නා.
බලාන ඉන්න බැරිම තැනදෝ කොහෙදෝ…පිටි පස්සෙ සීට් එකෙ හිටපු නන්ගියක්..
“” අක්කෙ හෙල්මට් එක දාගෙන ඔයා..!!!””””
හෝ….ඕඕඕ… ඕඕඕ… ඕඕඕඔ…. තාලෙට මාත් එක්කම කියන්න.. මේක මගෙ සිස්ටම් එකේ අවුලක් සහෝදරවරුනි..