ටජ් මහල (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
1631 වසරේ ජූලි මස 07 වන දින 38 හැවිරිදි Arjumand Bann Begum නොහොත් මුම්ටාස් දේවිය මෙලොවින් සමුගත්තේ සිය 14 වන දරු උපත සිදු කිරීම සදහා පැය 30කට අධික ප්රසූත වේදනාවක් විදවීමෙන් සිදු වූ අධික ලේ වහනය වීම නිසයි. සිය මවගේ බරපතල තත්වය දුටු පලමු දියණිය වන 17 හැවිරිදි Princes Jahanara මවගේ ජීවිතය අයදමින් දුප්පත් අයට මැණික් ගල් බෙදූ බවද ඉතිහාසයේ සදහන් වේ.
1592 ජනවාරි මස 05න්වන දින උපත ලද Shahab – Ud – Din Muhammad Khuran ලෙස නම් දැරුවත් සැමදෙනා අතර සාජහාන් ලෙස ප්රසිද්ධ වූ ඉන්දියාවේ 05 වන මූගල් අධිරාජ්යයා හට බිරින්දෑවරුන් 07ක් සිටියත් ඔහුගේ ප්රියතම බිරිද වූයේ ඔහුගේ 04 වන බිරිද වු මුම්ටාස් දේවියයි. රාජ්ය පාලනයේ සිට සියලුම දේට සම්බන්ද වූ මුම්ටාස් දේවිය සිය 14වන දරුවා බිහිකිරීමෙන් පසුව මිය යාම සාජහාන් රජුට දරා ගැනීමට අපහසු විය.
මුම්ටාස් දේවිය සිහි වීම පිනිස 1632දී ටජ් මහල සෑදීම ඇරබුනු අතර එය ඉන්දියාවේ ආග්රා නුවර යමුනා නදිය ආසන්නයේ අක්කර 42ක භූමියක පිහිටා ඇත. කලාකරුවන් 20,000ක් සම්බන්ද වී 1643 වසරේ වැඩ අවසන් කලත් උයන අවසන් කිරීම සදහා තවත් වසර 10ක් ගත වී ඇත. ලෝක පුදුම 07න් එකක් වන මෙය වටිනා මාබල්, දියමන්ති, මැනික් ආදියෙන් සාදා ඇති අතර අද වන විට ඩොලර් බිලියන 70ක් පමන වටින බැව් තක්සේරු කර ඇත.
1666 වසරේ ජනවාරි 22 දින සාජහාන් රජු මිය ගිය පසු මුම්ටාස් දේවියගේ සහ සාජහාන් රජුගේ දේහයන් ටජ් මහල තුල තැම්පත් කල අතර පින්තූරයේ ඔවුන්ගේ සොහොන්හි පින්තූරයක් දැක්වේ..
මෙම වීඩියෝව මගින් රූපරාමු, දෙපලගේ සොහොන් කොත් සමග තවත් ව්ස්තර නැරඹිය හැකිය..
මෙම පෝස්ට් එකෙන් ඔබේ දැනුමට දෙයක් එකතු වීනම් එය තවත් කෙනෙක් දකින එක වටිනවායැයි සිතෙනවානම් share කර සහයෝගයක් ලබා දෙන්න..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!