ටෙස්ලාගේ පිස්සුව (විද්‍යා හා තාක්ෂණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ටෙස්ලා 3-6-9 කේත ක්රමය
නිකොලා ටෙස්ලා ( ) යනු විශිෂ්ට මෙන්ම සුප්රකට විද්යාඥායෙක්. ඔහු ගණනය කළ නොහැකි තරම් වූ අත්හදා බැලීම් කළ නමුත් ඔහු අභිරහසක් වූයේය. සෑම බුද්ධිමත් මිනිසෙකුට ම යම් උමතුවක් තිබේ. නොකොලා ටෙස්ලාටත් එය එසේ විය.
නිකොලා ටෙස්ලා ගොඩනැගිල්ලකට ඇතුළු වීමට පෙර එය වටා තුන් වතාවක් නැවත නැවතත් ඇවිද්දේය. ඔහු තුවා 18 කින් ඔහුගේ පිගන් පිරිසිදු කළේය. හෝටල් කාමරවල ජීවත් වූයේ 03 න් බෙදිය හැකි අංකයක් සහිත කාමරයක පමණි. ඔහු, ඔහු ජීවත් වූ පරිසරයේ ඇති දේවල් පිළිබඳ ව ගණනය කිරීම් කළේය. එම සෑම. ගණනය කිරීමකින් ම ලද ප්රතිඵලය 3 හි ගුණාකාර වූ අතර ඔහු සෑම කටයුත්තක් ම 3 හි කට්ටලවලින් සිදු කළේය.
ඔහුට ( ) ( උමතු සම්පීඩන ආබාධය) යන මානසික අසනීප තත්ත්වය ඇති බව සමහරු කියති. සමහරුන්ගෙ විශ්වාසය ඔහු මිථ්යා දෘෂ්ටිකයෙක් බවයි. කෙසේ වෙතත් සත්යය ඊට වඩා ගැඹුරුය.
“තුනේ, හයේ, සහ නවයේ විශ්මයජනක බව ඔබ දැන සිටියා නම්, ඔබට විශ්වයට යතුරක් ලැබෙනු ඇත” – නිකොලා ටෙස්ලා
ඔහුගේ උමතුව හුදෙක් සංඛ්යා සමග නොව විශේෂයෙන් ම මෙම සංඛ්යා සමග පමණක් විය: 369!
කෙසේ වෙතත් ඔහු එම සංඛ්යා තෝරාගත්තේ යම්කිසි හේතුවක් ඇතුවය. ටෙස්ලා කියා සිටියේ මෙම සංඛ්යා අතිශයින්ම වැදගත් බවයි. ඔහු 3, 6 , 9 අංකවලට සම්බන්ධ කර පෘථිවිය වටා ඇති නෝඩල් ලකුණු ( ) පවා ගණනය කළේය.
ඇත්තටම මේ 3,6,9 සංඛ්යා මෙතරම් වැදගත් ඇයි?
උදාහරණයක් ඇසුරෙන් අපි එය පැහැදිලි කරගනිමු. අපි ” කාලය” විෂය සලකමු.
විනාඩියට තත්පර 60 = 6+0 = 6
පැයට තත්පර 3600 = 3+6+0++0 = 9
දවසට පැය 24 = 2+4 = 6
දින 365 × පැය 24 = 8760 = 8+7+6+0 = 21 = 2+1 = 3
මේ සියලුම ගණනය කිරීම්වලින් ලැබෙන ප්රතිඵල 3/6/9 න් එකක් වේ.
තවත් උදාහරණ 02 ක්:
* ගාථාවක් / මන්ත්රයක් 108 වාරයක් ජප කිරීමෙන් එහි ප්රතිඵල ප්රබල ය.( 1+0+8 = 9 )
* හින්දු ආගමේ චාරිත්රයකි, දින 21 ක් උපවාස කිරීම ( 2+1 = 3 )
එපමණක් නොව, භූගෝල විද්යාව, භෞතික විද්යාව, ජීව විද්යාව, ජ්යෝතිශ්ය ශාස්ත්රය ආදී සියලු ක්ෂේත්රවල 3-6-9 කේතය භාවිත වේ.
කොහොමද අපි ටෙස්ලාගේ 3-6-9 කේතය ආකර්ෂණ නීතියේදී භාවිත කරන්නෙ?
ක්රමය:
පියවර 01: එක් ඉලක්කයක් තෝරා ගන්න, පැහැදිලි ඉලක්කයක්.
පියවර 02: දැනටමත් එය ඉටු වී ඇති ලෙස වාක්යයක් සකස් කරගන්න, ධනාත්මක මෙන්ම ප්රබල වාක්යයක්.
එම වාක්යය අවම ලෙස තප්පර 17 ක් වත් දිග විය යුතුය. ( තප්පර 17 ක් වත් තම අවධානය රදවා ගත හැකි වාක්යයක් විය යුතුය) ( තප්පර 17 නීතීය – ඊළග ලිපියෙන්)
ඔබට අත් විදීමට අවශ්ය දේ, ඔබේ හැගීම්, සහ ඉලක්කයේ පසුබිම එම වාක්යයට ඇතුළත් කරන්න. ( දැනටමත් ඉටු වී ඇති ලෙස)
උදාහරණ වාක්ය:
* මගේ ජීවිතයට එතරම් පහසුවෙන් ගලා එන මේ මුදල් ගැන මම ස්තුතිවන්ත වෙමි. එය සැහැල්ලු සහ ප්රීතීමත් හැගීමක් ඇති කරවයි. මට සැප පහසු ජීවිතයක් ගෙන දෙයි. / .
* මම ආදරය ලබන බව මට දැනෙන, වඩාත් සතුටින් පිරුණු, ජීවිතය විදීමට ඉඩ සලසන ආදර සම්බන්ධතාවයක් මා සතුව තිබීම ගැන මම ස්තුතිවන්ත වෙමි. / , .
දැන් ඔබ ඔබේ වාක්යය සකස් කරගෙන අවසන්.
පියවර 03: උදෑසන අවදි වීමෙන් පසුව ඔබ සකසා ගත් වාක්යය 3 න් පාරක් ලියන්න, එය දැනටමත් ඉටු වී ඇති ලෙස චිත්තරූප මවමින් ( ) ස්තුතිවන්ත වෙමින් ලියන්න.
පියවර 04: දහවල් කාලයක් තෝරාගෙන එලෙසම 6 වතාවක් ලියන්න.
පියවර 05: රාත්රී නින්දට පෙර එලෙසම 09 වතාවක් ලියන්න.
මෙලෙස දින 21 ක් හෝ ( 2+1 = 3 )
දින 33 ක් හෝ ( 3+3 = 6 )
දින 45 ක් හෝ ( 4+5 = 9 ) මෙම ක්රියාවලිය කළ යුතුය.
ප්රතිඵල : මෙම ක්රියාවලිය අතරතුර දී ( උදාහරණ: දින 21 ට පෙර) හෝ ක්රියාවලිය නිමවන විට ( උදාහරණ : දින 21 ක් ගත වූ කළ) හෝ ඊට පසුව ( උදාහරණ : දින 21 න් පසුව ඕනෑම දවසක) ලැබිය හැකිය.
උපුටාගත් සටහනකි.
කතෘ අයිතිය සුරක්ෂිත කර ඇත.

මූලාශ්‍රය:    ධනාත්මක චින්තනය

                  Tharu Dewpura

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!