කොටකලිසම ඇඳලා පාසල් යන කාලේ.මම එතකොට අටේ පංතියේ. දහම් පාසලේ අභාෂයෙන් කථිකත්වය පුරැදු පුහුණු කරමින් සිටි මට දවසක් පාසලේ 9 වසර පංතියේ ශිෂ්ය සාහිත්ය සංගමයෙන් පවත්වන විවාද තරඟයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. අපේ පංතියේ යාළුවො තුන් දෙනෙකුත් එකතු කරගෙන මමත් කණ්ඩායමක් ඉදිරිපත් කලා. අවසන් තරඟය අපි ජයග්රහණය කලා තියුණු තරඟයකින් පස්සෙ. අපි හතර දෙනාටම සහතිකපත් ලැබුණා. දක්ෂතම කථිකයත් තෙරැවා. තරඟය පැවැත්තු පංති කාමරයේ ප්රධාන මේසය උඩ ලස්සනට තියලා තිබුණු ලොකු තෑගි පෙට්ටිය තමයි දක්ෂතම කථිකයාට ලැබෙන තෑග්ග. ප්රතිඵල නිකුත් උනා. මමයි එදා දවසේ ඒ තෑග්ගට හිමිකරැ. ආඩම්භර මුහුණ දාගත්තු මම තෑග්ග ගන්න ඉදිරියට ගියේ ලෝකය දින්නා වගේ සතුටකින්. ඒ වෙන කොටත් මම කථික සහ විවාද තරඟ වලට (දහම් පාසලේ සහ පාසලේ)සහභාගි වෙලා ජයග්රහණ ලබා තිබුනත් කිසිදාක සහතිකපත් හැරැණු කොට තෑගි ලබා තිබුනේ නෑ . ඒ මදිවට ලොකූ තෑගි පෙට්ටියක්. මට ඉස්සරහට යද්දි හිතුනේ මට මේක උස්සන්නවත් පුළුවන් වෙයිද දන්නෙ නෑ කියලා. ඒ තප්පර කීපයට මගෙ පුංචි ඔළුව පිරිලා ඉතිරිලා ගියා හිතට ආපු දේවල් වලින්.මම ඒක ප්රධානය කරන්න ආරාධනා කරලා හිටපු අංශභාර ගුරැතුමාගෙන් ඒක ලබාගත්තා. තෑග්ග දෙන ගම සර් කිවුවා ‘මම හිතපු තරම් මේක බර නම් නෑ පුතා ‘ කියලා. සර්ට සැහැල්ලු උනාට ඒක මට මහමෙර වගේ බරක් දැනුනා.
මම තෑගි පෙට්ටිය අරන් යාළුවන් අතරට ගියාම යාළුවෝ ඇවිටිලි කලා මට ඒක ඇරලා බලන්න. ඒත් මට ඕන වුනේ ඒක ගෙදර ගෙනිහින් අම්මයි තාත්තයි ඉස්සරහ වීරයෙක් වගේ පෙට්ටිය ඇරලා ආඩම්භරයෙන් ඔවුන්ගෙ මුහුණේ සතුටු කඳුළු දකින්න.
ඒත් එක්කම පාසලේ නිෂ්ශබ්ද සීනුව නාද වුනා. අපි මිනිත්තු කීපයක් නිෂ්ශබ්දව ඉඳලා ඊළඟ සීනු හඬ ඇසෙනවාත් එක්කම පාරට දිවුවා. ඒ වෙනදට! . අද එහෙම බෑ මගෙ අතේ ලොකු තෑගි පෙට්ටියක්. මම ඇවිද්දෙ හෙමින්. ඒ ඇවිදන් යනකොට ගුරැවරැ ලොකු අයියලා අනිත් පංතිවල යාළුවො ඒ ගැන විස්තර අහද්දි මට දැනුනු සතුට නිසාම මම එයාලට උත්තර දුන්නේ නැවතිලා.
මහ පාරට ඇවිත් සෙනඟ අඩු බස් එකක නැග්ගෙ වෙනදා වගෙ පොරකන්න ගිහින් තෑගි පෙට්ටියට කැඩෙයි කියලා බයට. බස් එකේදිත් බස් එකේ ඉන්න අය මගෙ දිහා බලන හැටි හොරෙන් බැලුවේ සතුටු කඳුළු එලියට වැටෙන්න නොදෙන ආඩම්භරයකින්.
ගමට යන්න තියෙන පාර ගාවදි බස් එකෙන් බැස්සා. ඒ පාරෙත් කි.මී. කීපයක් යන්න ඕන අපේ ගෙදරට. ඒ පාරේ පොඩි වෑන් එකක් දිව්වා මිනිස්සු ගෙනියන. ඒ වෑන් එක සෙනඟ පිරැනම තමයි යන්නේ.මට මතක විදිහට ගාස්තුව රැපියලක් හෝ රැපියල් එකයි පනහක්. මහපාරේ බස් එකේ එන්නේ සීසන් ටිකට් එකෙන් නිසා අම්මා උදේට සල්ලි දෙනවා වෑන් එකේ එන්න. ඒත් මම හැමදාම ඒ සල්ලි වලින් බීම පැකට් අරගෙන බිබී පයින් යනවා.
ඒත් අද එහෙම බෑ.වෑන් එකත් පාර අයිනෙ නවත්තගෙන ඉන්නවා සීට් පිරෙනකම්. මගෙ අතේ ලොකු පෙට්ටියක්. ඒ පෙට්ටිය බර නැති වුනාට ඔළුව බරයි.
මම වෑන් එකට නඟින්න යනකොට, මගේ තුරැළු කරගෙන හිටපු පෙට්ටිය දැකපු ඩ්රයිවර් අන්කල් (අපි දන්න ගමේ මිනිස්සු) මට කිවුවා ‘ පුතා ඔය පෙට්ටිය මට දෙන්න ඉස්සරයින් තියාගන්න ඔයත් ඉස්සරහ සීට් එකට එන්න’ කියලා.
හෙමින් හෙමින් වෑන් එකට මිනිස්සු නඟිනවා. හැමෝම අහනවා මොකද්ද මේ කාගෙද කියලා. මම ඩ්රයිවර් අන්කල්ට මුලින්ම විස්තරේ කියපු නිසා ඊට පස්සෙ මිනිස්සු අහන ප්රශ්ණ වලට උත්තර දුන්නේ එයා.
ටික වෙලාවකින් වෑන් එකත් පිරිලා ගමන් ආරම්භ කරන්න ඔන්න මෙන්න තියෙද්දි එක ගමේ මනුස්සයෙක් කිවුවා ‘ පෙට්ටිය ඇරලා බලමු මොනවද තියෙන්නෙ කියලා’.
මම මුලදි බැහැම කිවුවට පස්සෙ කිවුවා ‘හා’ කියලා. කුතුහලයක් වුනත් දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවනේ.
ඩ්රයිවර් අන්කල් පෙට්ටිය අරින්න පටන් ගත්තා.රැපින් පේපර් ගලවලා හෙමින්සීරැවේ පෙට්ටිය ඇරියා. උඩම තිබුනේ පත්තර කොල ගුලි කරලා. හැමෝම කිවුවා බිඳෙන දෙයක් වෙන්න ඇති පරිස්සමින් අරින්න කියලා. හෙමිහිට හෙමිහිට පත්තර කොල ගුලි අයින් කරමින් බැලුවම යටම තිබුණේ ලොකු වේලුනු පිදුරැ ගොඩක්.
මම විදුරැවෙන් එපිට බලාගත්තා. ඩ්රයිවර් අන්කල් අර කොල ගුලි ආපහු තිබුනු විදිහටම පැක් කරලා පෙට්ටිය මගෙ උකුලෙන් තිබ්බා. කවුරැවත් හයියෙන් හිනා වෙනවා මට ඇහුනේ නෑ. ඒත් සමහරැ හිනා වෙන්න ඇති. කවුරැත් මට මොකුත් කිවුවේ නෑ ඒත් සමහරැ ගම පුරා කිය කිය යන්න ඇති.
මම පිදුරැ පෙට්ටියත් අරන් ගෙදර ගියේ දරන්න බැරි වේදනාවකින්.
මම කථික තරඟයකට යන්න කලින් අම්මා තාත්තා ඉස්සරහ කථා කරලා පුරැදු වෙලයි යන්නේ.
අම්මා දන්නවා මම අද දිනලා එන්නෙ කියලා.ඒත් අම්මා දන්නෙ නෑ මාව මිනිස්සු රවට්ටලා බොරැ තෑගි දිලා කියලා.
ඒත් මම එනකම් මග බලන් හිටපු අම්මට ගෙට ඇතුල් වෙන්නත් කලින් මම විස්තරේ කිවුවා.
අම්මා කිවුවා ‘ තෑගි වැඩක් නෑ ඔයා දිනුව කිවුවම මට සතුටුයි ඒ ඇති’ කියලා.
ඒදා ඒ දැනුනු වේදනාව අදටත් මම මේක මේ ලියන මොහොතෙත් මට දැනෙනවා.
ඊට පස්සෙ මම ඊටත් වඩා උනන්දුවෙන් තරඟ වලට සහභාගි වුනා. එකක් දෙකක් ඇරෙන්න අනිත් සියළු තරඟ ජයග්රහණය කලා.
ඒත් කවදාවත් තෑගි නම් බලාපොරොත්තු වුනේ නෑ. සහතිකයක් ලැබුනම එක ෆයිල් එකට දාලා තිබ්බා.
එදා මොකද වුනේ ,කවුද එහෙම කලේ ,ඇයි එහෙම කලේ සියළු විස්තර මම දන්නවා.
ඒත් මට වැදගත් ඒක නොවේ..
මම දෙන පණිවුඩය..
කවදාවත් පුංචි දරැවන්ට බොරැවට නම් තෑගි දෙන්න එපා.
උපුටා ගැනීම: Aruna Priyadharshana