තාක්ෂණවේදය විෂය ධාරාව කියන්නේ පළමුවරට 2013 වර්ෂයේ දී උසස් පෙළ සඳහා හඳුන්වාදුන් නව විෂය ධාරාවක්. නව ලෝකයට ගැලපෙන දැනුමෙන් මෙන්ම ප්‍රායෝගික කුසලතා වලින් ද පිරිපුන් සිසුන් බිහි කිරීමේ අරමුණෙන් හඳුන්වාදුන් මෙම නව විෂය ධාරාව විශේෂයෙන්ම අනාගත ලෝකයට පරිපූර්ණ වෘත්තිකයින් බිහිකිරීමේ නව ප්‍රවණතාවයක් පවතියි.ඒ අනුව පාසල් කිහිපයකට පමණක් මුල් කාලයේදී සියලු පහසුකම් සහිත තාක්ෂණාගාර ඇතුළුව සිසුන්ට මෙම විෂය ධාරාව හැදෑරීම සඳහා අවස්ථාව ලබා දුන්න ද වර්තමානය වන විට පාසල් ගණනාවකටම මෙම විෂය ධාරාව හැදෑරීම සඳහා පහසුකම් සහිතව අවස්ථාව සකස් කර ඇත.
ඒ අනුව මෙම ලිපියෙන් අපි කතා කරන්නෙ තාක්ෂණවේදය විෂය ධාරාව පිළිබඳව , විශ්ව විද්‍යාලයන් වල පවතින උපාධි සහ ඔබට ලබාගත හැකි වෘත්තීමය අවස්ථාවන් ගැනයි.ඒ වගේම තාක්ෂණවේද විෂය ධාරාව පිළිබදව බොහොමයක් සිසුන්ට පැන නගින්න නගින ගැටළු වලට විසඳුම් ද මෙහි ඇතුළත් වෙනවා.
(1) තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සෙ රාජ්‍ය විශ්වවිද්‍යාලයයන් තුල සිසුන්ට හැදෑරිය හැකි පාඨමාලාවන් කවරේද ?
තාක්ෂණවේද විෂය ධාරාව ප්‍රධාන වශයෙන් කොටස 2කි.එනම්,
1- ඉංජිනේරු තාක්ෂණවේදය
2- ජෛව පද්ධති තාක්ෂණවේදය

මෙහි අතරින් ඔබ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන්නේ නම් ඔබට රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තුළ ඉංජිනේරු තාක්ෂණවේදී උපාධියක් හැදෑරිය හැක.ඔබ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව වශයෙන් තෝරා ගන්නේ නම් ජෛව පද්ධති තාක්ෂණවේදය උපාධි පාඨමාලාව ද හැදෑරීමේ අවස්ථාවක් ඇත.ඊට අමතරව තවත් විෂයක් වශයෙන් තොරතුරු හා සන්නිවේදන විෂය තෝරා ගන්නේ නම් තොරතුරු හා සන්නිවේදන උපාධිය ද හැදෑරිය හැක.
(2) විශ්ව විද්‍යාල වල ආරම්භ කර ඇති පීඨ සංඛ්‍යාව කීයද ? ඒ මොනවද ?
පීඨ සංඛ්‍යාව 7 කි.
1- තාක්ෂණ පීඨය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
2- පරිගණක තාක්ෂණ පීඨය – කැළණිය විශ්වවිද්‍යාලය
3- තාක්ෂණ පීඨය – රුහුණ විශ්වවිද්‍යාලය
4- තාක්ෂණ පීඨය – කොළඹ විශ්වවිද්‍යාලය
5- තාක්ෂණ පීඨය – යාපනය විශ්වවිද්‍යාලය
6- තාක්ෂණ පීඨය – ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
7- තාක්ෂණ පීඨය – නැගෙනහිර විශ්ව විද්‍යාලය

(3) රජයේ කාර්මික විද්‍යාල වල පවතින තාක්ෂණවේදයට අදාල උසස් ජාතික ඩිප්ලෝමාව සහ ඉහත සඳහන් කළ රාජ්‍ය විශ්වවිද්‍යාලයයන් වලින් පිරිනමන උපාධිය අතර පවතින වෙනස කුමක්ද ?
රජයේ කාර්මික විද්‍යාලයේ වල විද්‍යාලයේ වල දැනට ක්‍රියාත්මක වන තාක්ෂණවේදයට අදාල උසස් ජාතික ඩිප්ලෝමා සහතිකය
ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවෙහි NVQ 6 මට්ටම ද,
ශ්‍රී ලංකා යෝග්යතා මාර්ගෝපදේශ යෙහි(SLQF) 4 මට්ටමෙහි පවතියි.
ඒ වගේම විශ්ව විශ්වවිද්‍යාල වල තාක්ෂණවේදී උපාධි පාඨමාලා සහතිකය ශ්‍රී ලංකාව යෝග්‍යතා මාර්ගෝපදේශයෙහි 6 වන මට්ටමේ පවතියි.
(4) මෙම උපාධි පාඨමාලාවන් හැදෑරීමෙන් රැකියා අවස්ථාවන් ලබා ගත හැකි ක්ෂේත්‍ර මොනවාද ?
ඉංජිනේරු තාක්ෂණවේදී උපාධි පාඨමාලාව – මෙහෙයුම් කළමනාකරණය,නඩත්තු සහ තාක්ෂණික කළමනාකරණය ආශ්‍රිත රැකියා.
ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධි පාඨමාලාව – කෘෂිකර්මාන්තය, ජෛව විද්‍යා කටයුතු හෝ ඒ ආශ්‍රිත රැකියාවන් සඳහා.
තොරතුරු හා සන්නිවේදන උපාධි පාඨමාලාව – මෘදුකාංග නිර්මාණය ,තොරතුරු තාක්ෂණය, තොරතුරු සන්නිවේදන සන්නිවේදන තාක්ෂණය,බහු මාද්‍ය නිර්මාණ තාක්ෂණවේදය යන ක්ෂේත්‍රයෙන් වල රැකියා සඳහා.

තාක්ෂණවේදී සියලුම උපාධි පාඨමාලාවන් සකස් වී ඇත්තේ මෙරට පවතින රැකියා වෙළඳපොළ හිඩස් සම්පූර්ණ කිරීම සඳහා මෙන්ම දැනුමෙන් සහ කුසලතාවෙන් පරිපූර්ණ තාක්ෂණවේදීන්ගෙ හිගයන් හේතුවෙනි.ඒ වගේම මෙරට පවතින කාර්මික අවශ්‍යතාවයන් සපුරාලීමටයි.ඉංජිනේරු තාක්ෂණවේදී උපාධි පාඨමාලාව සකස් කොට ඇත්තෙ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය sydney accord අනුසාරයෙන් සකසන ලද Accreditation manual යන ග්‍රන්ථය පදනම් කරගෙනයි.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාධි පාඨමාලාව සැකසී ඇත්තේ ශ්‍රී ලංකා පරිගණක සංසඳයේ උපදෙස් අනුසාරයෙනි.ඒ වගේම ජෛව පද්ධති තාක්ෂණවේදය උපාධි පාඨමාලාව සැකසී ඇත්තේ අදාල ක්ෂේත්‍රයන්හි වෘත්තීය මාර්ගෝපදේශයන් වලට අදාලවයි.
මේ අනුව වෘත්තීය ආයතනයන්හි නිසි පිළිගැනීමක් පවතින නිසා අදාළ ක්ෂේත්‍රයන්හි සුදුසු රැකියා සඳහා මෙම උපාධිධාරීන්ට අවස්ථාවක් සැලසෙනු ඇත.
තොරතුරු : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෙන් අසන ලද ප්‍රශ්න ඇසුරින්.