අනාගතයේ දිනක තම බලය රට පුරා ස්ථාපිත කරන්නේ පනවනු ලබන තහංචි ගණනාවක් තලිබාන් වරු ප්‍රකාශ කළේ මීට වසර ගණනාවකට පෙරයි. ඒවායින් බොහොමයක් කාන්තාවන් මුල් කර ගත් ඒවාය.
මෙය උපුටා ගනු ලැබුවේ Joydeep Roy – Bhattacharya ගේ අති විශිෂ්ට The Watch (2012 ) නම් ග්රන්ථයෙනි.
1 . පිරිමි සහායකයෙකු නොමැතිව ( Mahram – සැමියා , සහෝදරයා , හෝ වෙනත් ළඟ ඥාතියෙක් ) කාන්තාවන්ට නිවසින් පිටත බැසීම තහනම් වෙයි.
2. පිරිමි වෙළෙන්දන් ගෙන් මිළදී ගැනීම කාන්තාවන්ට තහනම් වෙයි.
3. කාන්තාව නිරන්තරෙන්ම burqa ව ඇග ලා සිටිය යුතුය.
4 . කාන්තාවකගේ විලුඹ හෝ ප්‍රදර්ශනය වේ නම් එය කස පහර හිමි වන වරදකි.
5. කාන්තාවන්ට පිරිමියෙකු සමග කතා කිරීම හෝ අතට අත දීම තහනම් වෙයි . අමුත්තෙකුගේ සවනට කාන්තාවකගේ හඬ නෑසිය යුතුය. එසේත් නැතිනම්
හඬ නගා කතා කිරීම කාන්තාවන්ට තහනම් වෙයි.
6. ප්‍රසිද්ධ ස්ථාන වල සිනහවිම කාන්තාවන්ට තහනම්ය.
7. ආදී උස සපත්තු පැළදීම කාන්තාවන්ට තහනම් වන අතර කාන්තාවකගේ පාවහන් හඬ පිරිමියෙකුගේ සවනට නෑසිය යුතුය. එසේත් නැතිනම් කාන්තාව
සීරුවෙන් අඩි තබා ඇවිදිය යුතුය.
8. කාන්තාවන්ට රූපාලවන්‍ය තහනම්ය. නිය පාට කරන කාන්තාවගේ ඇඟිලි කපා දමනු ලැබේ.
9. කාන්තාවන්ට ක්‍රීඩා කළ නොහැකි අතර ක්‍රීඩා සමාජයකට ඇතුළත් වීම තහනම්ය.
10. ලිංගික ආකර්ෂණය ඇති කරන වර්ණ රැගත් ඇඳුම් ඇඳීම කාන්තාවන්ට තහනම් වෙයි.
11. නදී තීරයන්හි හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථාන වල ඇඳුම් සේදීම කාන්තාවන්ට තහනම්ය.
12 . කාන්තාවන්ට තමන්ගේ නිවෙස් වල සඳළුතයන්හි පෙනී සිටීම තහනම් වෙයි. සියලු කවුළු වසා තබිය යුතු අතර පිරිමියෙකුගේ ඇසට නාදුනන
ගැහැනියකගේ රුව හසු නොවිය යුතුය.
13 . යම් වීදියක ගැහැනියකගේ නම සදහන් වී ඇත්නම් එය ඉවත් කළ යුතුය.
14. සංගීතයට සවන් දීමේ අවසරය , රූපවාහිනිය හෝ වීඩියෝවක් නැරඹීම තහනම් වෙයි.
15. කාඩ් සෙල්ලම් කිරීම, චෙස් සෙල්ලම් කිරීම හෝ සරුංගල් තහනම්ය .
16 . පක්ෂීන් ඇති කිරීම තහනම්ය. ඇති කරන්නීය සහ පක්ෂියා මර දමනු ලැබේ.
17. සියලුම පොත් වල ඡායාරූප මුද්‍රණය තහනම්ය. නිවෙස් වල ඡායාරූප එල්ලා තැබීම තහනම්ය . (ගැහැනු පිරිමි දෙපාර්ශවයටම )
18. ඉස්ලාම් ධර්මයට අදාළ නොවන පොතක් ළඟ තබා ගැනීම මරණ දඩුවම මබිය හැකි වරදකි.
19. සියලු දෙනාම ඉස්ලාම් ධර්මය පාදක කර ගත් නමක් දැරිය යුතුය.
20. සෑම පිරිමියෙක්ම, දරුවෙක්ම සිරුර හොඳින් වැසෙන සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසිය යුතුය.
පූර්ණ කතු අයිතිය Manjula Senaratne
ශ්‍රී ලංකාව තවදුරටත් හිතේ සැනසීමෙන් ජීවිත් විය හැකි රටක් බවට තහවුරු කලාට ඔබට අපේ ප්‍රණාමය….
උපුටාගැනීමකි