ලෝකය පුරාම ඉන්න, කොයි කවුරුත් දන්න පක්ෂියෙක් විදියට පෙලිකන් පක්ෂියා හඳුන්වන්න පුළුවන්. ඔබත් සමහර විට සත්වෝද්‍යානයේ දී හෝ ජලය ඇති ප්‍රදේශ ආශ්‍රිතව මෙම පක්ෂියා දැක ඇති.
මාංසභක්ෂක පක්ෂීන් විශේෂයක් වන පෙලිකන් පක්ශීන්ගේ ආයු කාලය වසර 10ත් 25ත් අතර වෙනවා.. මොවුන් සාමාන්‍යයෙන් කිලෝ 14ක පමණ බරකින් යුතු වෙනවා. මෙම පක්ෂීන් ප්‍රමාණයෙන් විශාල ජලචර පක්ෂීන් විශේෂයක්. උගුරේ ඇති කුඩා මල්ලක් වැනි කොටස නිසා හා දිගු හොට නිසා මෙම පක්ෂීන්ව පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකියි.
දැනට සොයා ගෙන තිබෙන පෙලිකන් පක්ෂීන්ගේ යැයි සැලකෙන පොසිලය මීට වසර මිලියන 30ක් තරම් පැරණි එකක් ලෙස සැලකෙනවා. එම පොසිලය විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබුවේ නිරිත දිග ප්රංශයෙනුයි. එමෙන්ම එම පොසිලය හා සැලකීමේදී ඔවුන් වර්තමාන පෙලිකන් පක්ෂීන්ට බෙහෙවින්ම සමානතා දක්වන බවද සොයා ගැනුණා. තවද ඔලිගෝසීන අවධියේ සිටම මෙම පක්ෂීන්ගේ දිගු හොට ද තිබී තිබෙනවා.
පොසිල විද්‍යාඥයන් පවසන පරිදි මෙම පක්ෂීන්ට ඔවුන්ගේ ආහාර සොයා ගැනීමේලා පවතින හොට ඉතාම යෝග්‍ය යි. පෙලිකන් පක්ෂීන් හැර මෙසේ දිගු කාලයක් පුරාවට විශාල වෙනස් වීමක් පෙන්නුම් නොකරන ලද පියාසරිකයින් පිරිසක් ලෙස සැලකෙන්නේ වවුලන්. ඔවුන්ගේ පැරණිතම පොසිලය වසර මිලියන 50ක් පමණ පැරණි එකක්.
කොහොම නමුත් මේ ආකාරයෙන් තමන්ගේ සිරුර තම හොටෙන් තුවාල කර පැටවුන්ට ආහාරය සදාහා ලබා දීමට ඔවුන්ට දවසක සිද්ද වෙනවලු.. ඒ ආහාර නොමැති කාලවල්දි.. අතීතයේ ඊජිප්තුව අවට නයිල් නදියේ මෙවැනි අවස්තා සුලබ වූ බව ඊජිප්තු පුරාවෘත්තයන් කියාපානවා. එ කියන්නේ මේ සිදු වීම ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ ඊජිප්තුවේ නයිල් නදි ආශිතව.
ඒ කියන්නේ මේකත් පුරාවෘත්තයක්… 

තව කෙනෙක්ට දැනගන්න SHARE කරන්න
උපුටා ගැනීම: රාම් වණා