තමා විසින්ම නව වායුගෝලයක් නිපදවා ගන්නා, ලාවාවලින් පොහොසත් පිටසක්වළ ග්‍රහලොවක් (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තම වායුගෝලය අහිමිවූ පසු තමා විසින්ම නැවත වායුගෝලයක් සාදා ගන්නා ලද පිටසක්වළ ග්රහලොවක් පිළිබඳව විද්යාඥයන් පිරිසක් විසින් සොයා ගැනීමක් කර ඇත.
හබල් අභ්යවකාශ දුරේක්ෂය මඟින් 2017 වර්ෂයේදී, GJ 1132 b ලෙස නම් කරන ලද ග්රහලොවෙන් ලබා ගන්නා ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම සොයා ගැනීම සිදුකර ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41 ක දුරින් පිහිටා ඇති රතු වාමන තරුවක් වටා භ්රමණය වන මෙම ග්රහලොව, එක් වටයක් සම්පූර්ණ කිරීමට පෘථිවි දින 1.5 ක් ගන්නා අතර මෙම ක්රියාවලියේදී තාරකා විකිරණ විශාල ප්රමාණයක් අවශෝෂණය කර ගැනීම සිදු කරයි. එමෙන්ම, විද්යාඥයන් සිතන්නේ මෙය ග්රහලොව නිර්මාණය වීමෙන් කාලයක් ගත වීමෙන් පසු සෑදුණු ද්විතීයක වායුගෝලයක සලකුණු බවයි.
මෙවැනි ප්රකිරණයට ලක්වූ ග්රහලෝකවල වායුගෝලයක් නොමැති බවට උපකල්පනය කළ බවත් එනිසා ඒ පිලිබඳව එතරම් සැලකිලිමත් නොවූ බවත් NASA JPL හි විද්යාඥයෙකු වන Raissa Estrela ප්රකාශ කළේ ය. එහෙත් හබල් දුරේක්ෂය මඟින් මෙහි වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීමේදී එයට වායුගෝලයක් පවතින බව සොයා ගෙන ඇත.
ග්රහලොවකට වායුගෝලයක් පවත්වා ගැනීම ඉතා අසීරු වේ. පෘථිවියේ නම් චුම්භක ක්ෂේත්රය මඟින් වායුගෝලය රඳවාගෙන සිටිය ද සෑම ග්රහලොවකටම එම හැකියාව නොමැත. උදාහරණයක් ලෙස මීට වසර බිලියන 4කට පෙර එහි චුම්භක ක්ෂේත්රය අහිමි වීමට පෙර අඟහරු සතුව තුනී වායුගෝලයක් තිබී ඇත.
අනෙකුත් බාහිර ග්රහලෝකවලද මෙයට සමාන වූ ක්රියාවලියක් සිදු විය හැකි නමුත් ඇතැම් අවස්ථාවල දී නෙප්චූන්ට වඩා කුඩා වේගවත් විචලනයන් සහිත වායු ග්රහලෝකවල මෙය වෙනස් විය හැකිය. මෙම වායුගෝලය අහිමි වීමෙන් පසු පෘථිවියට විශාලත්වයෙන් සමවූ ග්රහලොවක් නිර්මාණය විය හැකි වූවත් එය පෘථිවි ඉතිහාසයෙන් වෙනස් විය හැකි බව JPL හි විද්යාඥ මාක් ස්වේන් පවසා ඇත..
විද්යාඥයන් සිතන්නේ මෙම GJ 1132 හි සොයා ගැනීම මෙම ක්ෂේත්රයේ තවත් ඉදිරි පියවරක් බවයි. ග්රහලොවකට වායුගෝලයක් අහිමි වූ පසු එය නිසරු ග්රහලොවක් බවට පත්වේ. එහෙත් හබල් දුරේක්ෂයේ මෙම සොයා ගැනීමෙන් හෙළි වන්නේ මෙය හයිඩ්රජන්, හයිඩ්රජන් සයනයිඩ්, මීතේන් යන වායුවලින් පොහොසත් පැරණි පෘථිවි වායුගෝලයට සමාන ගති ලක්ෂණ දරන බවයි.
සෑම විටම පෘථිවියේ එකම පැත්තට මුහුණලා, චන්ද්රයා පෘථිවිය වටා ගමන් කරන්නා සේම තම මව් තරුව වටා ගමන් කරන අතර මෙම ග්රහලොවේ ක්රියාකාරිත්වය පිළිබඳව අධ්යයනය කිරීමට විද්යාඥයෝ නිරතුරු ඒ පිලිබඳව අවධානයෙන් සිටිති.
එහෙත් මෙම ග්රහලොවේ කක්ෂය පිළිබඳව අධ්යයනය කිරීමේදී ලද තොරතුරු අනුව විද්යාඥයන් සිතන්නේ එහි මව් තරුව මඟින් යෙදෙන බලය හේතුවෙන් ඇතිවන උෂ්ණත්වය නිසා මෙය ක්රියාකාරී ගිනිකඳු පවතින ග්රහලොවක් බවයි. එම ගිනියම් වූ පාෂාණයන්ගෙන් පිටවන වායූන්ගෙන් මෙම වායුගෝලය නිර්මාණය වීමට හැකියාවක් ඇති බවටද අදහස් පළවී ඇත.
සිහින් කබොලකින් ආවරණය වී ඇති බිත්තර කටුවක් මෙන් ඉරිතලා යන ග්රහලොවක් ලෙස විද්යාඥයන් මෙය ප්රතිනිර්මාණය කර ඇත. මෙම ඉරිතැලීම් නිසා පිටවන වායුවෙන් දෙවන වායුගෝලය නිර්මාණය වීමට ද හැකියාවක් පවතී.
නාසා ආයතනය විසින් නුදුරේදීම දියත් කිරීමට සූදානම්ව සිටින ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය හරහා GJ 1132 ග්රහලොවේ මතුපිට අධෝරක්ත කිරණ මඟින් නිරීක්ෂණය කිරීමට විද්යාඥයෝ බලාපොරොත්තු වෙති.
යම් ලෙසකින් මෙම ග්රහලොවේ මැග්මා තටාක හෝ ගිනිකඳු පවතීනම් එම ප්රදේශවල උෂ්ණත්වය අධික විය යුතු අතර එමඟින් විශාල විමෝචනයන් ඇතිවිය හැකි අතර එමඟින් අපට මෙහි සිදුවන සැබෑ භූ විද්යාත්මක ක්රියාකාරකම් පිළිබඳව සිත් ඇදගන්නාසුලු තොරතුරු රාශියක් ලබා ගත හැකි වනු ඇති බවට විද්යාඥ මාක් ස්වේන් පවසයි.
උපුටා ගැනීම:       චතුකි සඳරේඛා සෙනරත්
                          (Image credit: NASA, ESA, and R. Hurt (IPAC/Caltech))
                          Tharulowa

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!