තම බිරිඳ ගුරුවරියක් වීමෙන් ස්වාමි පුරුෂයන්ට ලැබෙන වරප්රසාද (කරුම)
කියල පෝස්ට් එකක් ලියල තිබුණා
අසංකා වීරසිංහ
ඒකෙන් පස්සේ කට්ටා (Udyan S Ameshan Jayasekara කියන එකා ලිව්වා තම බිරිද හෙදියක් වීමෙන් ස්වාමිපුරුෂයන්ට ලැබෙන වරප්රසාද (කරුම) ![👇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png)
![👇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png)
![👇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png)
![👇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png)
![👇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png)
![👇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png)
![👇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png)
![👇](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png)
මම ලියනෝ බිරිඳක් නැති වීමෙන් ලබන වරප්රසාද (ඔව් ඔව් වරප්රසාද)
|| තමාට බිරිඳක් නොමැති වීමෙන් පුරුෂයන්ට ලැබෙන වරප්රසාද (ඔව් ඔව් වරප්රසාද)
1.නිවස ආතල් නිදහස් තැනක් බවට පත්වීම.
2.තමා කාර්යබහුල විට ගෙදර දොරේ වැඩ පසුවට කල් දැමිය හැකි වීම(ගේ අතුගාලා නෑ සතියකිං අර අතනත් මකුළු දැල් කොහොම ඉන්නවද මන්දා වැනි වදන් නොමැති වීම)
3.තමාට ඕනෑ විදියට ඕනෑම දෙයක් උපදෙස් හා කරදර බාධව වලින් තොරව කල හැකි වීම (ඔහොම නෙවෙයි අරෙහෙම කරන්නෙ,ඔහොම කරාම මෙහෙම වෙනවා.අරක අරම කල නිසා මේක මෙහෙම වුනා කියා ලතෝනි දීමට කිසිවෙකු නොමැති වීම)
4.තමාට මහන්සි වී කොහේවත් ඇය එනතුරු රස්තියාදු නොවී කෙලින්ම නිවෙසට හෝ වෙන කොහේට හෝ යාමට හැකි වීම
5.තමාගේ ඕෆ් දවසේදි ගෙදරට වී සිටීම හෝ නැතිනම් යහළුවන් සමග සෙට් වීම හෝ කැමති දෙයක් කල හැකි වීම(අනේ අරෙහෙ යං මෙහෙ යං.අරයගෙ ගෙදර ගියේ නෑ කාලෙකිං.අහවලාට බබා හම්බෙලා මාසයක් තාම යන්න බැරිවුනා වැනි කංකෙඳිරිලි තොර වීම)
6.අවශ්ය නං ගෙදර දොර වැඩ ඉවුම් පිහුම් ද කම්මැලි වගේ නං කඩෙන් ද.කෑ හැකි අතර මිතුරෙකුගේ ගෙදරින් වුවද කෑ හැකිය.(ලකුණු කපන්නට කව්රුත් නැත)
7.දැනටමත් බිරියක් තියා කෑල්ලක්වත් නොමැති වුව රෑ දෙගොඩ හරියක් වන තුරු යෙහෙළියන්ගේ දුක් අඳෝනා ඔහේ අසා සිටීමට සිදුවීමේ කට්ට පමණක් පරහකට ඇත.
8.අර සෙමිනා මේ ට්රේනිං වලට ඇයත් සමග යාමට සිදු නොවන අතර එම කාලය ගේම් එකක් ෆිල්ම් එකක් වැනි ප්රයෝජනවත් දෙයකට යෙදවිය හැකි වීම
9.කාගෙවත් තරහ අපහසුව තමාගේ පිටින් නොයෑම සහ අනවශ්ය වගකීම් නොමැතිව සැහැල්ලු දිවි පෙවතක් ගත කල හැකි වීම
10.දුෂ්කර කාලය සේවා ස්ථානයෙන් බැහැර වූ පසු නිම වන අතර නැවත පාන්දර වන තුරු උපරිම ආතල් එකේ සිටිය හැකි වීම
11. අරය අද මෙහෙම එකක් ඇඳන් ආවා මාත් ගන්න ඕන මං මහත් වෙලාද කෙට්ටු වෙලාද මේකට මම ලස්සනද වැනි මල අඳෝනා අසන්නට නොමැති වීම
12.සුකුරුත්තං බොරු සෝබන වලට යන වියදම් නැති වීම නිසා මුදල් ඉතිරි වීම(එම මුදලින් මහළු වූ විට සුපිරි මහළු නිවාසයක ආතල් එකේ සිටිය හැකි වීම)
13.මිතුරියක් හා මිතරන් සමග සෙට් වීමේදි අරකි කව්ද ? මොකද්ද ඔච්චර දෙන්නගෙ තියෙන ෆිට් එක? අරූව ගෙන්නුවෙ මොකටද? බීලා මෙතන විගඩං නටන්න තියා ගන්නැතුව ඉක්මණට කට්ටිය ගෙදර යවන්න..බ්ලෑ බ්ලෑ බ්ලෑ වැනි කන්දොස්කිරියා නොමැති වීම
14.අතපය දිගහැර නිදහසේ මුළු ඇඳේම තනියම නිදාගත හැකි වීම
මලියා
ප.ලි – අනේ ඉතිං මේක ආතල් එකට ලිව්ව එකක් කව්රුවත් ටිපර් වෙලා බණින්න එපා මෙහෙම හිතන එකෙක්ට ගෑණියෙක් නැතිවෙන එකමයි හොඳ කියලා..ඕකේ ද?
උපුටා ගැනීම: Malin Sadeepa Rathnayaka