තනි තත්තා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එකදිගට යෙදුනු සේවා සැසි කිහිපයක් නිමකර නිවසකරා යාමේ අපේක්ෂාවෙන්
බසයට ගොඩවී පැය භාගයකටත් ආසන්නව ඇත. එහෙත් බසය දැන්ම පිටවී යන අයුරක් පෙනෙන්නට නැත. මම හිස බිමට නැඹුරු කර ජංගම ද්රකථනය දෙසට දෑස යොමු කලෙමි.
“අයියෙ මේ සීට් එකේ කවුරු හරි ඉන්නවද?”
නිවුන් දරුවන්යැයි සිතිය හැකි කුඩා දරුවන් දෙදෙනෙකු දෙඅතින් වඩාගෙන විශාල බෑගයක් කරේ එල්ලාගත් තරුණයෙකු මා අසල සිටගෙන සිටී.
“කවුරුත් නෑ මල්ලි වාඩිවෙන්න”
“බොහොම ස්තුතියි”
ඔහු මා අසල තිබූ හිස් අසුනේ අසුන් ගත්තේ මා හට ස්තුති කරමිනි.
මා නැවත ජංගම දුරකථනයට දෑස යොමුකලෙමි. කුඩා දරුවන් දෙදෙනාම එකවර හඬන හඬ ඇසෙයි. වයස අවුරුදු 25ක් තරම් වූ තරුණ පියා කුඩා දරුවන් දෙදෙනා එක ආකාරයකට තබා ගැනීමට බොහෝ වෙහෙසෙන බවක් පෙනේ. එකෙකු හඬන විට අනෙකාද එයට හවුල් වෙයි. තරුණයා මාරුවෙන් මාරුවට දරු දෙදෙනා නැලවීමට වෙහෙසෙයි. පියාට අභියෝග කරන්නට මෙන් ඔවුන් දෙදෙනාම එකවර හඬයි . දරු දෙදෙනාට වයස අවුරුදු එක හමාරක් පමන වෙන්නට ඇතැයි මට සිතේ. එක දරුවෙකු කලිසම තෙමාගෙන ඇත දරුවාගේ කලිසම මාරු කිරීමට පියාට අවැසි බව වැටහේ නමුත් අනෙක් දරුවා අතදරා ඔහුට එක කිරීමට නොහැක.
“මල්ලි මම මේ බබාව ගන්නද එතකොට ඔයාට ලේසි වෙයි අනෙක් බබාගෙ ඇඳුම මාරු කරන්න”
ඔහුගේ බැල්ම කෘතක්ඤ පූර්වකය.
“අනේ පුළුවන්නම් ලොකු උදව්වක් අයියේ මෙයාලගෙ වැඩේම කලිසම් තෙමා ගන්න එක තමා”
ඔහු හිනැහෙමින් පවසයි.
කරෙහි එල්ලාගෙන පැමිනි බෑගයෙන් ඇඳුමක් ගෙන තරුණයා එය දරුවාට අන්දවයි. එය ඔහුට එතරම් හුරු පුරුදු කටයුත්තක් බව පෙන්නෙන්නට නැත. මේවා දරුවන්ගේ මව නිරන්තරයෙන් ඉටුකරන රාජකාරීන් බැවින් ඔහුට එය ආදුනික වන්නට පුළුවන.
“හරි අයියේ බොහොම ස්තුතියි”
ඔහු මා අත සිටි දරුවා වඩාගැනීමට තැත්කරයි.
“කමක් නෑ මල්ලි මම මේ බබාව මෙහෙම තියාගෙන යන්නම් ඔයාටත් ලේසිනෙ”
ඔහු අහිංසක ලෙස හිනැහෙයි.
“අයියව තෙමයිද දන්නෙ නෑ’
ඔහුගේ මුහිනේ ප්රශ්නාර්ථ බැල්මකි.
“ආ ඒකට කමක් නෑ”
මම සිනාසී පිළිතුරු ලබාදුනි.
“අයියෙ හොරණින් රත්නපුර බස් තියෙනවා නේද?”
ඔහු මාගෙන් විමසයි.
“පානදුරෙන් එන බස් හොරණ හරහා යන්නෙ. ඔයාට හොරණින් බස් එකක් අල්ල ගන්න පුළුවන් මල්ලී. ඔයා රත්නපුරේද යන්නෙ? “
“ඔව් අයියෙ මම රත්නපුරේට ගිහින් තව බස් එකකත් යන්න ඕනා”
ඔහු අත සිටිනා දරුවා හඬා වැටෙයි. මා අත සිටින දරුවාගෙ අත මගේ ජංගම දුරකතනය තැබූ නිසා ඔහු එය හා පොර බදමින් සිටී. දරුවා සිනාසෙමින් නොදන්නා භාශාවකින් මොන මොනවදෝ මුමුණයි.
“ගම එහේද මල්ලි?”
මම ඔහු දෙස බලා විමසුවෙමි. ඔහු කුඩා දරුවාට දොඩම් බිකක් කවමින් සිටී.
“ඔව් අයියෙ උපන් ගම. අම්මලා ඉන්නෙ එහේ. ඒත් මම පහුගිය අවුරුදු හත අටේම හිටියෙ ගනේමුල්ලෙ”
“ආ මේ බබාලගෙ අම්මත් ඉන්නෙ එහේද?”
මගේ පැණයත් සමගම ඔහුගේ දෑස බිමට බරවිය. එහි ඇත්තේ වේදනාවක් බව මට සිතෙයි.
“නෑ අයියෙ එහේ ඉන්නෙ මගෙ අම්මා.. මෙයාලගෙ අම්මා දැන් අපි එක්ක නෑ”
හදවතට වැදුනේ අකුණකි.
“අනේ මට සමාවෙන්න මල්ලී ඒ ගැන ඇහුවට. ඔහොම තමයි මිනිස්සුන්ගෙ ජීවිත අපි ආවොත් අපිට යන්නම වෙනවා ඒක සොබාදහමෙ හැටි”
මම ඔහුගේ හිත සනසා අදහසින් පැවසුවෙමි.
ඔහු හිනැහීමට උත්සහා දරයි. බසය සෙමින් සෙමින් ඉදිරියට ඇදෙයි.
“එහෙම උනානම් මම හිත හදාගෙන අයියේ. එයා මාවයි දරුවො දෙන්නවයි දාලා යනකොට මේ දෙන්නට වයස මාස අටයි. එදා ඉඳන් මම සෑහෙන වෙහෙසෙනවා මේ දෙන්නව බලා ගන්න. මෙචර දවස් අපේ අක්ක ගාව මෙයාලා හිටියෙ. මම වැඩට ගිහින් එනකම් අක්කා මෙයාලව බලාගත්තා. ඒත් අක්කගෙ මහත්තය ඒකට කැමති නෑ. ඒ නිසයි මම මේ රස්සාවෙනුත් අස්වෙලා බබාලවත් අරන් ගමට යන්නෙ. ගොවිතැනක් බතක් කරලා හරි ගමේ ජීවත් වෙන්න පුළුවන් අයියේ. මම මෙ දෙන්ව දුකක් නොදී බලා ගන්නවා අයියෙ අම්මත් ඉන්නවනෙ ගෙදර ඒ නිසා මට ලේසියි.”
හදවතින් කොටසක් බිමට කඩා වැටුනා වැනි හැඟීමක් දැනේ. දෙනතට කඳුළු උනා ඇත්තේ නිරායාසයෙනි. මම මගේ උකුලේ සිටිනා දරුවාගෙ මුහුන දෙස බැලුවෙමි ඔහුතවමත් ජංගම දුරකථනය සමඟ සිනාසේ.
“දෙයියෙනේ මෙච්චර් හුරතල් පොඩි උන් දෙන්නෙක් දාලා යන්න අම්මෙක් කොහොමද හිත හදාගත්තෙ”
මම මගෙන්ම විමාසාසිටියෙමි.
තරුණයා බසයේ කවුළුවෙන් පෙනෙන අනන්තය දෙස දෑස දල්වා බලා සිටී. ඒ දෑස්වල ඇත්තේ වේදනාබර බවකි. ඉන් පසු මා ඔහුගෙන් කිසිවක් විමසන්නට නොගියෙමි. හොරණ නගරය කරා බස් රථය සෙමෙන් ලඟාවෙමින් තිබේ. අප අතර ඇත්තේ නිහඬ බවකි.
“ගෑණු කියන්නෙ ඉක්මනට වෙනස්වෙන ජාතියක් අයියෙ. අපි අවුරුදු හතරක් ආදරේ කරලයි බැන්දෙ. මම දැනුවත්ව එයාට කිසිම වරදක් කරලත් නෑ. ඒත් එයා අන්තිමට අපි තුන්දෙනාවම දාලා වෙන කෙනෙක් ගාවට ගියා”
ඔහු සුසුම්ලමින් පවසයි දෑස කඳුලින් බරව ඇත. තරුණයාගේ පෙනුම බොහෝ ප්රිය මනාපය ඔහුගේ කතා විලාශය සහ පෙනුම අනුව ඔහු හොඳින් ඉගෙන ගත් අයෙකුබව වැටහේ.
“ඕවා ඔහොමතමයි මල්ලී.. දැන් ඔයාට ටාගට් එකක් තියෙනවා. ඒ තමයි මේ පොඩි පැටව් දෙන්නට ජීවත්වෙන්න ලස්සන අනාගතයක් හදන එක. යටගිය අතීතයට වැලලෙන්න දීලා අනාහගතය ගැන සුබ සිහින දකින්න ඔයා වගේ අයට කවදාවත් වරදින්නෙ නෑ මල්ලි”
ඔහු අවිහිංසක ලෙස සිනාසෙයි.
බස් රථය හොරණට පැමින ඇත. මා දැන් ඔවුන් තිදෙනාගෙන් සමුගෙන යායුතුව තිබේ. කුඩා දරුවාට තවමත් මා අතේය.
“මම බස් එකක් එනකම් බබාව තියාගෙන ඉන්නම් මල්ලි”
ඔහු කිසිත් නොකියා නිහඬව සිනාසෙයි. විශාල ගමන් මල්ල කරේ එල්ලාගෙන අනෙක් දරුවා පපුවට තුරුළු කරගෙන ඔහු ඉදිරිය බලා සිටී. ඈතින් රත්නපුර පානදුර බසයක් අප දෙසට පැමිනෙයි.
“අන්න බස් එකක් එනවා මල්ලි පරිස්සමින් යන්න. කැමතිනම් ඔයාගෙ ෆෝන් නම්බර් එක මට දෙන්න”
“හරි අයියේ අයියත් පරිස්සමින් යන්න”
ඔහු දුරකථන අංකය පවසයි.
දරුවන් දෙදෙනා දෙඅතට ගෙන බෑගයත් කරේ ලාගෙන බසයට නගින මේ අපූරු තරුණයා දෙස මා මවිතයෙන් බලා සිටියෙමි.
සැබවින්ම ජීවිතය කොයිතරම් පුදුමාකාරද?
  උපුටා ගැනීම:  සමීර මධුසංක.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!