මේ සිද්ධිය වුනේ අපි 8 වසර වගේ ඉගෙන ගන්න කාලේ..ඉස්කෝලේට අලුතෙන් කොල්ලෙක් ආවා තරංග කියලා.ඌගේ තිබ්බේම හෙන ලොකු ලයින්..හැම්බේකන් චීස් බටර් රත්තරන් හෑඳි ගෑරැප්පු වලින් කාලා මොණර කොලෙන් අත පිහිදාන එකෙක් වගේ තමා මුගේ කතාව..ඉගෙන ගන්නත් මූට පුලුවන්..
හැම සඳුදා උදේම මුගේ පම්පෝරිය දිග අරිනවා ඉස්කෝලේට ඇවිත්.වීකෙන්ඩ් එකේ මුලු ෆැමිලියම රේන්ජ් රෝවර් එකේ නැඟලා රට වටේ ගිය හැටි,කාපු බීපුවා ,ගත්ත ඇදුම් පැලදුම් ආයේ ඉතින් ලක්සෙට කොඩිය දාලා වගෙ තමා මූ ඉන්නේ..
අලුත් වාරයක් පටන් ගත්ත දවසට නම් ඉදලා ඉවරයි..උන් මැලේෂියා,සිංගප්පෝ ,මෝල්ඩිව්ස් ගිය ටුවර් ගැනත් කියවනවා..අපේ පංතියේ හිටපු සමහරක් ඌව ඔලුව තියන් හිටියේ..
දවසක් මායි තව කොල්ලෙකුයි අපේ නැන්දාලාගේ ගෙදර ගියා..කිලෝ මීටර්7-8 ක් විතර එහායින්..අපි ඒ ගෙදර කිට්ටුවට යද්දීම කොට කලිසං කෑල්ලක් ගහගත්ත කොල්ලෙක් පාන් භාගෙකුත් සිලිං උරේක දාගෙන අනිත් අතින් ලාම්පු තෙල් කාලෙකුත් අරගෙන අපේ ඉස්සරහට එනවා.. අපිව දැක්ක ගමන් ඌ ආපහු හැරිලා දිව්වා..
අඩෝ..අර තරංගයා නේද ඒ??
අපිත් ඌ පස්සෙන්ම දිව්වා..ඌ දුවල පොඩි ලෑලි ගෙයක් අස්සට රිංගුවා..
ඒ වේලාවේම කට ගොන්නක් බී ගත්තු මිනිහෙක් සරමත් කරේ අරං අපි ලඟට ආවා.
මොකෑ ඔය ලමයි??
ආ…අංකල් අපි මේ තරංග කියල ලමයෙක් හොයනවා..අර අහවල් ඉස්කෝලේට යන්නෙ..
අප්පාද බොල..ඒ මයේ කොල්ලනේ..
තරංග….මෙන්න ඉස්කෝලේ යාලුවෝ වගයක් ඇවිත්…
ඒත් තරංග නෙමෙයි ඔලුවවත් දැම්මේ..
පස්සේ විස්තර හොයලා බලද්දී තරංග ගේ තාත්තා බන්ධනාගාරේ හොඳ නිවාඩුවක් ගත කරල ආපු අයෙක්..
එදායින් පස්සේ තරංගයා බොරු පොයිය දිග අරින එක නැවැත්තුව කියලද හිතුවේ?? ඌ ඉන්න තැනක තාමත් නයි අරිනව ඇති..සමහරක් ඌට අහුවෙනවාත් ඇති
උපුටා ගැනීම: Krishan Sampath