තරු කඩා හැලෙන දවසක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තරු කඩා හැලෙන දවසක් අපි හිනා උනා වරුවක් මේ ජීවිතයට නෑනේ බාදා….”
සිංදුව කියාගෙන මම ගෙට ගොඩ උනා විතරයි
👩අද උබට තරු කඩා වට්ටන්නම් උදේ ඉදන් අයාලේ ගිහින් තෝ දැන්ද ගෙදර එන්නේ😠
ඒ ඉතින් මගේ ආදරණීය මෑණියන්ගේ වාග් මාලාව. මොකකට හරි අද මල පැනලා ඉන්නේ.
👨අම්මේ…”
එක වතාවක් කතා කරා මං දිහා බැලුවෙවත් නෑ.
👨අම්මියෝ”
කිසිම ප්රතිචාරයක් නෑ ඔහේ උයන ගමන් ඉන්නවා.
👨මවු”
තුන්වෙනි පාරත් කතා කරා හැරිලවත් බැලුවේ නෑ.
👨මෑණියනේ”
එක පාරටම මං දිහා හැරිලා බැලුවා. ඒත් බලපු මූඩ් එක එච්චර කොලිටිනෑ කෝකටත් මං එක කකුලක් පස්සට ගත්තේ ඉදිරි ක්රියාමාර්ග වලට මුහුණ දෙන්න ඕනි නිසා.
👩තොට මං…”
අතේ තිබුනු හැන්දෙන් දමලා ගැහුවනේ. දොරෙන් එහාට පැනපුනිසා යාන්තම් බේරුනා නැත්තම් ඉතින් සොරිම තමායි.
අම්මගේ පළමු ප්රහාරයෙන් බේරුනු මම හිම් හිමින් ගෙට ඔලුව දාලා බැලුවේ එයා තවත් ප්රබල ප්රහාරයකට සූදානම් වෙනවාද බලන්න. කතා දෙකක් නෑ වෙනදා වගේම ඒ.කේ හතලිස් හතක් බදු
ශ්රී ලංකා කර්මාන්තශාලා තුල නිෂ්පාදිත ඇගේ ප්රියතම ආයුධය වන කොස්ස අතට ගත්තා. මම ඉක්මනින් ඔලුව පැත්තට කරලා ප්රහාරයට
සූදානම් උනා. මුලින්ම එයත් එක්ක සාම සාකච්ඡාවකට යන්න පුලුවන්ද කියලා කතා කරලා බැලුවා. සාකච්ඡා මාර්ගයෙන්
ප්රශ්නය විසදන්න සටන් විරාමයක් ඕන කරන නිසා මං සමාව ඉල්ලුවේ වරද මොකක්ද කියලවත් නොදැන.
👨අම්මේ පොඩි එක්ස්කිවුස් එකක් දෙන්නකෝ……මම ඔක්කොම විස්තරේ කියන්නම්…”
👩තෝ හදන්න බෑ….කවදාවත් ….”
👨හරි හරී ඔයා කොස්ස පැත්තකින් තියන්නකෝ…..ඒකෙන් අතු ගානවට වඩා ඔයා යූස් කරන්නේ මට ගහන්නනේ….ඕක හදලා තියෙන්නේ අතුගාන්න…”
👩තෝ දැන් මට කියලා දෙන්නත් එනවද…”
කියන ගමන් අඩි දෙකක් ඉස්සරහට තිව්වා විතරයි මං දන්නේ. කොස්ස කොහොම මං ලගට ආවද මංදා. පෙර පිනක් පහල වෙලාදෝ මංදා බෲස්ලිගේ ඇක්ශන් එකක් දාලා කොසු ප්රහාරයෙන් බේරුනා.
👩උබ බේරුනා කියලා හිතන්න එපා….අද තමයි මං උබේ හම ගලවන්නේ…”
සටන් විරාම අසාර්ථකයි. සාම සාකච්ඡා එයාට අදාලම නෑ වගේ.
ප්රහාර දෙකකින් දැන් උබ බේරුනා ඒකට හේතුව තමයි
අනිච්චානුගතිකව මං ඒ වේලාවේ තීරන ගත්තු නිසා මොළය මට උපදෙස් දුන්නා. ඉතින් මෝඩයෝ තුන්වෙනි ප්රහාරය ගොඩාක් බලවත් වෙන්න පුලුවන් මෙතනින් එහාට මට කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිසා දැන්ම දුවපන් කියලා මගේ මොළය කකුලේ පේශිවලට පණිවිඩයක් දුන්නා.
කඩුල්ලෙන් එළියට පනිනවාත් එක්කම මගේ කන ගාවින් මටත් වඩා වේගයෙන් ඉදිරියට ගියේ මිට නැති උදලු තලයක්.
👩උබ දැන් බේරුනා කියලා හිතා ගනින්…වරෙන්කෝ ගෙදර…කියට හරි එන්නෙ නැතයි උබ…”
ප්රහාරයකට ලක්වීමේ අවදානම සීයට සීයක් පහවන දුරකින් එයයි මමයි අතර මීටර විස්සක විතර පරතරයක් වෙනකම් දුවලා මම ආයෙත් ගේ පැත්තට හැරුනා. අම්මා මන් දිහාවේ කාලි මෑණියෝ වගේ බලන් ඉන්නවා හති දාන ගමන්.
👨අම්මේ…මොකක්ද දැන් මම කරපු වරද…”
👩උබ කිසි දෙයක් කරේම නෑ….උබ බබා….නිකම් නොදන්න එකා වගේ කියවන්න එපා මෙතන…”
👨දන්නෙ නෑ තමයි ඉතින්…අම්මපල් මම යනවා යන්න අද ගෙදරින්…කැලේකට ගිහින් අලයක් හරි හාරගෙන කාලා මං තනියෙන් ජීවත් වෙනවා….”
👩නිකම් බොරුවට උබ මාව අල්ලගෙන දිවුරන්න එපා…උබ යන කැලේ අපි නොදන්නවැයි…”
👨යන එකනම් යනවා…”
👩ඉතින් පලයන්කෝ…මෙතන කියවන්නේ නැතුව….”
👨කමක් නැද්ද…”
👩නෑ…”
👨දුක නැතිද…”
👩නෑ…නෑ…”
👨ඇත්තටමද…”
👩ඔව් යකෝ…මේ ගෑණිගේ ලේ කෝප කරන්නෙ නැතිව මෙතනින් පලයන්…”
👨සිරාවටමද…”
👩තොගෙ… අම්මට…”
කියන ගමන් මිදුලේ තියෙන ඉදල අතට ගත්තා.
👨අම්මේ…මේ මං හොදින් කියන්නේ නිකම් මගෙ අම්මට විතරක් බනින්න එපා…හොදේ…”
👩තොගෙ අම්මා මමනෙ බොල…”
👨එහෙනම් ඉතින් අම්මා බැනලා තියෙන්නේ අම්මටමනේ…”😁
👩මේකත් එක්ක කතා කරනකොට මට කේන්තියක් එනවා…ඉතින්…පල යන්න මෙතනින් කිව්වම් අහලා…”
👨යනවා තමයි…”
කියලා තප්පර දෙකක් යන්න නෑ මගේ කනෙන් කව්දෝ ඇල්ලුවා වගේ දැනුනා. මං එක පාරටම හැරිලා බැලුවා කව්ද කියලා. බඩුම තමයි අපේ ගෙදර පළවෙනියා. ප්රදානම පොලිස් මූලස්ථානයටම අහුවෙලා ඉවරයි. ඒ තාත්තා.
🧔යමං ගෙදර…”
👩කෝ…දැන් මගෙත් එක්ක කතා කරපු කට…ඒක වැහුනද දැං…”
අම්මා එහෙම කියද්දී. තාත්තා මාව කනෙන් ඇදගෙනම ගෙදර එක්කන් ආවා.
🧔ඔතන වාඩි වෙයං…”
👨හා… ඉතිං…”
🧔තෝ ඊයේ රෑ…යාලුවාගේ ගෙදර නිදාගන්නවා කියලා…තෝ කොහෙද ගියේ…”
👨මං එහේ හිටියේ…”
🧔තෝ…අර වත්තට පැන්නේ නැතිද…කියපන් ඔව් නේද…”
👨නෑ…ආ…නෑනේ…ඔව්නේ…ඔව් වගේ තමයි…”
🧔ඔව් වගේ…”
තාත්තා මගේ කන පැත්තට අත තියලා කිව්වා.
👨ඔව්…”
🧔දැන් කියපිය ඔක්කොම විස්තරේ…”
👨ඒවා ඉතින් කියන්න බෑනේ…”
🧔මගෙන් මැරුම් නොකා කියපන්…”
වෙන දෙයක් වෙන්න කියලා මං ඔක්කොම පාපොච්චාරණය කරන්න තීරණය කරා.
👨මං කියන්නම්…”
🧔කියන්න වෙනවා තමයි උබට…”
👨යාලුවයි මමයි එහාට යනකොට රෑ එකය විතර ඇති…”
👩මේකට රෑක් දවාලක් ගානක් නෑ…සර්පයෙක්
එහෙම කෑවනම්…”
අම්මා කුස්සියේ ඉදලා හයියෙන්ම කිව්වා.
🧔තමුසේ මැදින් පනින්නේ නැතුව ඉන්නවකෝ…මූට කියන්න දීලා…”
තාත්තා අම්මට එහෙම කිව්වා.
👨එයාලගෙ අම්මා නිදාගෙන හිටියේ නෑ…මමයි යාලුවයි රෑ දෙක වෙනකම් ගේ ඉස්සරහා කැලේට වෙලා හිටියා…”
👩කාගේ අම්මද බොල ඔය තෝ කියන්නෙ…”
අම්මා එහෙම කියාගෙන මං ලගට ඇවිත් පුදුමෙන් වගේ මං දිහා බලාගෙන මටත් දැන් නිකන් පුදුමයි වගේ.
🧔තමුසේ කට පියන් ඉන්නවකෝ…”
තාත්තා ආයෙමත් අම්මට කිව්වේ කට කොනින් පොඩි හිනාවකුත් එක්කම. මටනම් දැන් ටිකක් අමුතුයි වගේ දැනෙන්න ගත්තා.
🧔කියපන්…”
👨එයාලගෙ අම්මා නිදාගත්තට පස්සේ එයා මැසේජ් එකක් එව්වා දැන් එන්න කියලා…”
මං බලා ඉද්දිම අපෙ අම්මගේ ඇස් ලොකු😲වෙන්න ගත්තේ හරියට යකෙක්ට බය උනා වගේ.
👨පිටි පස්සේ දොර ඇරලා තියෙන්නෙ කිව්ව නිසා මං ඒ දොරෙන් පැනලා ඇතුලට ගියා….යනකොටත් එයාලගෙ අම්මා සාලේ බිම නිදාගෙන හිටියේ. මං ඇගට උඩින් පැනලා යන්න හදද්දිම එයාලගේ අම්මට ඇහැරෙන්න ඔන්න මෙන්න කියලා මට හිතුනා…ඒක නිසා මං ටක් ගාලා දුවලා ගිහින් ට්රිප් සුවිච් එක ඕෆ් කරලා එලියට දිව්වා…ඊට පස්සේ එයාලගෙ අම්මගේ ඇගේම කලුවරේ හැප්පුනා…මං ඊට පස්සේ ආවා…එයාගේ අතින්වත් ඇල්ලුවේ නෑ…අම්මපල්…”
තාත්තා අම්මා දිහාවේ බැලුවා.
🧔ඒයි…එතකොට සෝමයාගේ කුකුල් කොටුවේ කුකුළෝ හොරකම් කරලා තියෙන්නේ අපේ එකා නෙවෙයිනේ…”
මං උඩ ගිහින් බිමට වැටුනා වගේ හැගීමක් දැනුනා.
👩එතකොට ඊයේ මේකා පැනලා තියෙන්නේ
කාන්තිගේ කෙල්ල හම්බවෙන්න උන්ගේ ගෙදරටනේ…එතකොට උන්ගේ ගෙදරට ඊයේ ඇවිත් තියෙන්නේ ඒකිගේ මැරිච්ච තාත්තා නෙවෙය්ද…අද එහේ තොයිලෙකුත් ලෑස්ති කරලනේ…”
🧔ඒ…පැනපු යකා මේකා…”
තාත්තා කේන්තියෙන්😠කිව්වා.
👨කුකුළෝ හොරා කාපු එකක් ගැනද ඇහුවේ…මගෙන් මුලින්ම ඇහුවානම් කියනවනේ ඉතින්…”
🧔ඕකට තමයි යකෝ…කියන්නේ හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්න කියලා…”
තාත්තා එහෙම කියනවා විතරයි මට මතක.
ශූන්ය ගුරුත්වයක් යටතේ මං පැයක් විතර හිටියේ අඩි පහක් විතර උඩ. බිමට වැටෙනකොටම ආයි ගහනවා.
👨අම්මියෝ…”
👩කියපිය…”
👨අම්මා කියපු දේ හරි…”
👩මොකක්ද…”
👨තරු කඩා හැලෙන දවසක් තමයි අද…ඔයා කිව්වා වගේම දැන් තරු පේනවා මට…ගෙදර අයඩෙක්ස් මොකුත් නැද්ද අම්මේ…අඩුම පැනඩෝල් දෙකක්වත් තියේද…”
ඔය අතරේ සුදාම්මිගෙන් කෝල් එකක් ආවා.
📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲
මං ඉතින් ෆෝන් එක ආන්සර් කරා.
👨හෙලෝ… සුදාම්මි…”
👧හෙලෝ…සුදු තාත්ති මොකද තාම පරක්කු අපේ ගෙදර තොයිලේ පටන්ගෙන ඉවරයි…ඉක්මනට එන්න ළමයෝ…මොකද ගෙට පැනපු යකා ඉතින් සුදු තාත්තිනේ…”
👨සුදාම්මියෝ…මට එන්න විදිහක් නෑ…පැටියෝ…”
👧එහෙනම් මං තලහම තලහයි…”
👨මං තොට කියලා තියෙනවා පොඩි එව්න් වගේ කතා කරන්න එපා කියලා…හරි වචනය කතා කරපිය හොදේ… ආයි මං කියන්නේ නෑ තොට…”
👧ඇයි මට බනින්නේ…යකෙක් වගේ…”
👨යකාට… එන්න විදිහක් නෑ…”
👧ඇයි මගෙ යක්ෂ පැටියෝ…එන්න බැරි…”
👨යකා පතුරු ගහලා තියෙන්නේ…තියපිය ෆෝන් එක…”
(නිමි❤️❤️❤️)
උපුටා ගැනීම: Dilanka Lakmali

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!