තරැණ බිරිඳ ….. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු….
මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු….
බිරිඳ කිව්වලු…. “අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට.” කියල…
අනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු…..
බිරිඳ කිව්වලු “සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති ” කියල.
මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු…..
දවසක් බිරිඳ කියනවලු “ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට රෙදි හෝදල තියෙනව, ඇඳුන් හොඳ පිරිසිඳුවට තියෙනව ” කියල…..
එතකොට සැමිය කිව්වලු “මම අද උදේම නැගිටල අපේ ජනෙල් වල වීදුරු ටික පිහදැම්ම.” කියල….
පසු සටහන :-
අනුන්ගේ කුණු ගැන හොයන්න කලින් තමන්ගේ කුණු සුද්ද කර ගැනීම තමා හොඳ ….මොකද සමහරු අනුන්ට ඇගිල්ල දික් කරාට තමන් දන් නෑ තමන්ට ඇගිලි 4 දික් වෙලා කියලා ….
මේ කතාවනම් ටිකක් පරන කතාවක් …එහෙත් වැදගත්….
කියවපු හැමෝම ලයික් එකක් කොමන්ට් එකක් දාගෙන යන්න….ශේයාර් කරන්න ……
උ.ගැ.
උපුටා ගැනීම: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!