වැඩ ඉවරවෙලා මම ගොඩාක් වෙලාවට පුස්තකාලෙට යන එක ඉස්සර ඉදම්ම මගේ පුරුද්දක් වීමී.ඉස්කෝලේ කාලේ 6යේ 7 තේ පන්තියේ ඉදම්ම ගොලු හදවත, තුම්මං හන්දිය,ගැහැනු ළමයී වැනි පොත් පුස්තකාලායාධිපති ගුරුතුමී ට හොරෙන් අරන් කියෝපු මං නව කතාවලට , කෙටි කතාවලට,කවි සන්ග්රහ වලට තරම් කිරි පැණි වලටවත් පෙරේත නැතැයි මට සිතේ. මේ පුරුද්ද මට එන්නට ඇත්තේත් තාත්තාගෙන්ය.වැඩිය ලොකු දැනුමක් නැතත් තාත්තා ඉගනගත් දේ මටත් එහාය. මා මිලටගත් අකුරකට වැඩිය ලොකු බලයක් තාත්තාගේ වචන තුල ඇතැය් විටක මට සිතුනි.13වසරකුත් ඉගෙන ගෙන,තව හතරක් උසස් අද්යාපනයක් ලබපු මා දන්නා සියල්ල තාත්තත් දැනන් සිටියේය. 3නේ පන්තියට විතර තාත්තාගියත් මේතරම් දැනුමක් ලැබුනේ තාත්තා මර්ටිං වික්රමසින්හයන්ගේ නෑ පරපුරේ කෙනෙක්වත්දැයි විටෙක මට සිතුණි.
වැදගත්ම පෝයකට, පින්කමකට හැරුනාම තාත්තා නිතර පන්සල් නොයයි. ලොකුවට පිරිත් පොත් නොකිවුවත් , බණ දහම් නොඇසුවත් තාත්තා ඉතා අල්පේච්චතාවයකින් දිවි ගෙවන තැනැත්තෙකි. තාත්තා තරම් සරල ජීවිතයක්, නිතරම පන්සල් දුවන පොල් රුප්පාවැටේ බබාහාමී නැන්දා ලගවත් නැත.
තාත්තාට මගේ පලමු පඩියෙන් 4000ක බතික් සරොමක්ද, ඊට වඩා අඩ වටිනාකමෙන් යුතු පිජාමා කමිසයක්ද ගෙනත් දුන්නාය. අම්මාටත් ,නංගීටත් , මල්ලීටත් , ඒ හා සමාන වටිනාකමෙන් යුතු ඇදුම් ගෙනාවේය. අම්මා මෙන්ම නංගීත්,මල්ලීත් ඔවුන්ගේ සතුට ඔවුන්ට ආවේනික අයුරින් මට පිදුවත්, තාත්තා අතින් තිබූ බෑගය මදක් හැර බලා අසල පුටුවක තැබුවේය. සිනාවෙලා මම ඒක අරං තිබ්බත් මම තාත්තාගෙන් මීට වඩා සතුටක් අපේක්ෂා කෙරුවෙමි.
” ලොක්කියේ, තාත්තාට ඕව වැඩක් නෑ. රාබෝතලයක් තිබ්බනම් අගෙයි පිරිමි අපට අගේ ඒවා “
අපේ ගෙදරට ඇවිත් සිටි දිලුම් මාමා කීවේය.
ඒකටත් කට කොනින් හීන් හිනාවක් දා තාත්තා නික්මුනේය. තාත්තා ඉදහිටක මලපැනි පොදක රහ බැලුවත් ඔහු බේබද්දෙකු නොවේ.. සිමෙන්ති කදුලුවලින් දියකරන තාත්තාගේ වියලි හද මදක් හරි පුච්චා දමන්නේ මල්පැනි වීදුරුවක් නිසා මම ඊට නීතී නොදැමීමි. කෙසේ නමුත් තාත්තාගේ ආදරේවත් , ඔහුගේ යුතුකම්වත් පැනි වීදුරුවට බාල්දු නොවුනේය. තාත්තාබ්මට ඉරක් නොවේ. හිරුමඩලම මගේ තාත්තාය. දිලුම් මාමා ගැන මාතුල ඉපදුනේ පිලිකුලකි.
හුගක් කල් වැඩෙන් පීඩිතව උන් මට පොඩි විවේකයක් ලැබුනේ බක්මහේදීය. තාත්තා එක්ක ටිකක් ඉන්න ලැබුන එක ගැන තියෙන්නේ පුදුම සතුටකි. තාත්තා වැඩට ගොස් ගෙදර ආවේ හරිම මහන්සියෙනි.
එළ දෙනය් පැටියයි, ගාල් කර පහල දොල කැටේ සීතල වතුර ටිකක් ඇග දාගෙන තාත්තා එද්දී මං සිටියේ පත්තරේ බලමිනි.
” තාත්තේ උනු උණු කහට එකක් වක්කරන්නද? ” මම ඇසීමී.
“ඒක යස අදහස” තාත්තා කීවේය.
උනු උනුවේම විනිවිද පේන වීදුරුවෙන් මන් කලුම කලු කහට කෝප්පයක් ගෙනාවේය.
කෝප්පය අත මැද තැබූ මම එවිට තාත්තාගේ මුහුනෙන් දුටුවේ පෙර නොදුටු සතුටකි.
තාත්තා හරිම කාර්ය බහුලව එහේ මෙහේ දුවය්. තාත්තා අඩ අදුරේ චේන් එක පැනපු බයිසිකලයේ චේන් එක සවි කරමින් සිටියේය. බෙල්ලට හිර කර ගත්ත ටෝච් එක හරි අමාරුවෙන් එහෙ මෙහෙ කරයි. ඒ දැක මා එතෙනට ගොස් ටෝච් එක අතට ගෙන තාත්තාට උදවු කෙරුවේ සතුටිනි. හරිම තැනටම ටෝච් එක ගහද්දී අදුරේ උන් තාත්තාගේ මූනේ ප්රභාශ්වර බාවයක් දුටුවේය. ඒ සැනින්ම එක්ව තිබු තොල් පට දෙපසටම විහිදෙනවා මම දුටුවෙමි.
තාත්තා ගොඩාක් බෙරි වෙච්ච බත් එක්ක කිරි හොදි කන්න කැමතියි. හුගක් මාලු පිනි තියන දවසට තාත්තා ඒ මාලු මස් කෑලි මල්ලීගෙත්,මගෙත් නන්ගිගෙත් පංගුවලට ගොඩ ගහයි. තාත්තා අපිත් තෙක්ක ඉදන් කෑම කනවාට වඩා තනිව හිද කෑම කයි. ඒ වෙලාවෙත් බෙරි බතුය්,කිරි හොදියි තාත්තා කෑවේ සතුටින් බව මට පෙනිනි.
තාත්තා රේඩියෝව හරි රූප පෙට්ටිය හරි දාන හැම වෙලාවෙම ප්රවෘත්ති යනවනම් තාත්තාගෙ මුවේ ඇදෙන සිනාව, ඒ වගේම ඒ වෙලාවට අපි හැමෝම මුනිවත රකිනවානම් ඒ සිනාවේ අව්යාජ නිර්මල බවක් මම දුටිවෙමි.
සමහර දවසට අපි එක්කල කියන කතා කවි එහෙම අපි පාඩුවේ අහන් ඉන්නවනම් තාත්තස් ඉන්නේ ඊටත් වඩා සතිටිනි.
“තාත්තේ පත්තරේ ගෙනාවා”
මෙහෙම කීවාම තාත්තා දුවන් එන්නේ මුලු ලෝකෙම තාත්තාගේ අතට දුන්නා වගේ සතුටිනි.
තාත්තාව සතුටු කරන්න 6000ක් වියදම් කරපු මට සිතුනේ තාත්තා සතුටු කරන්නට කිසිදු කහවනුවක් වැය නොවෙන බවයි.
අපිට වඩා පරිනත වූ තාත්තාගේ සතුට තිබ්බේ මිල මුදල් වලවත් තෑගි බෝග වලවත් නොවන බව මට සිතුනි. තාත්තා නාල එද්දී දෙන උනුම උනු කහටකෝප්පෙ ලගත්,හරියටම ඉලක්කෙට අල්ලපු ටෝච් එලිය දිගෙත්, ප්රවුර්ති යද්දී රැක්ක මුනිවත තුලත් මම තාත්තාගෙ සතුට අකලංකව රැදී තිබෙනු මම දුටුවෙමි . අපි හොයන අපි සිතන සතුටට වඩා තාත්තා හොයන සතුට සරලයි. සමහර වෙලාවට අපේ අතින් මගේ අතිනුත් මේවා මග හැරුනු වෙලාවල් තිබුනි. ඒ කාලේ ස්තිර රැකියාවක් නැත්ත් කරපු රස්සවෙ සතුට සැනසුම තිබුනු බව මම සිතීමු. ඒත් ලොකුම ලොකු රස්සාවේ ලොකු මුදල් යට හැංගිච්ච පොඩිම පොඩි සිනහවක් වත් මට අහුලා ගත නොහැකි විනි. කුමක් කරම්ද ලෝකේ කැරකෙන්නේ මේ විදියටනම් ඒ ඔස්සේ අපි යා යුතුය. නැත්තම් අපේ කුලී මාළිගාවල් අපේ දෙපා මුලම වැටෙනු ඇත. එසේ උවහොත් අපේ සා පැටවු මහ මගට වැටෙනු ඇත.
කෙසේ නමුත් , හැම වැඩක්ම අතහැරලා මේ සතියෙවත් තාත්තාව බලන්නට ගමට යා යුතුය . තාත්තාට කුමක් අරගෙන යා යුතුද? ඇදුමක්, ඔරලෝසුවක්, සපත්තු දෙකක්, නෑ නෑ ඒවා හරියන්නෑ . ලෙනාඩ් වුල්ෆ් ගේ බද්දේගම පොතය්, උපැස් යුවලකුය්, රට පුවක් එක්ක බුලත් විටකුය් අරන් යන්න ඕන. ……..
…….සමාප්තයි………
උපුටා ගැනීම: Sasangi Witharanage