අද 2019 අගෝස්තු 10 වෙනිදා. අපේ තාත්තා මියගියේ 1997 අගෝස්තු 10 වෙනිදා.හරියටම අවුරුදු 22යි.
තාත්තා ගැන හැඟුම්බර මතකයෙන් බිඳක් ලෝකය බෙදා ගන්නට අද සුදුසු දවසක් කියල හිතෙනවා.ඒ
1990 -91 වසර භීෂණකාරී සමයේ උච්චතම අවස්ථාව. නිවසක තරුණ පුතකු හෝ දුවක සිටි ඕනම දෙමව්පියක් තම දරුවන් ගමනක් ගොස් නැවතත් ගෙදර එනතුරු පසූවන්නෙ පුදුම භීතියෙන් .
“ මම දේශපාලන කටයුතු කරන්නේ නැති නම් කාටවත් කරදරයක් කරන්නෙත් නැතිනම් මොකටද බය වෙන්නේ” අපි අපේ දෙමව්පියන්ගේ බය නැති කරන්න කියපු කතා. ඒ කාලේ හැටියට අපි තේරුම්ගෙන තිබුනු
දවසක් මට අවස්ථාවක් ලැබෙනවා ඉන්දීය චිත්රපට උලෙලක ප්රදර්ශනය උන සිනමා කෘතියක් නරඹන්නට
චිත්රපටය : ඵිරවි Piravi
අධයක්ශනය : සාජි ඇන් කාරුන්
චිත්රපටයට පසුබිම් වන්නෙ තරුණ ඉන්ජිනේරුවරයෙක් වටා. නමුත් ඔහුගේ රූපය චිත්රපටයෙ එක දර්ශනයකවත් නෑ. හේතුව දේශපාලන කටයුතුවල යෙදීම නිසාම පොලිසිය ව්සින් අත්අඩංගුවට ගෙන ඔහුව අතුරුදන් කරලා.ඒත් ඔහුගේ වියපත් පියාට මෙය තවම රහසක්. තම සොහොයුරියගේ විවාහ ගිවිස ගන්නා උත්සවයටවත් ආපු නැති පුතා අදවත් ඒවී යැයි කියා පියා හැමදාම බස් නැවතුම්පොලට යනවා. අවසාන බස් රතයෙ අවසාන මගියාත් බැස්සට පස්සෙ බලපොරොත්තු සුන්කර ගෙන මේ පියා නැවත ගෙදර එනවා.පවුලෙ අය සත්යය දැන ගත්තත් මෙය පියාට රහසක්. ඔහු තම පුතා ගැන බලපොරොත්තුවෙන් සිහින ලෝකයක තනි වෙනවා. කතාව අවසන් වෙන්නේ හද පිරි දුකක් එම පියා වෙනුවෙන් ඉතිරි කරල.
ඉතින් චිත්රපටය ඉවර වෙනකොට ටිකක් රෑ බො වෙලා. ගමනාගමන පහසුකම් බොහොම අඩුයි. මග දුරකට බස් එකෙන් ඇවිත් තවත් ටික දුරක් පයින්ම ඇවිල්ල ගේට්ටුවෙන් වත්තට ඇතුලු වෙලා මිදුලට එනකොට අපෙ තාත්තා ඉස්තෝප්පුවෙ පුටුවක වාඩිවී මන් එනකන් බලා ගෙන ඉන්නවා. සැනකින් මට මතක් උනෙ පිරවි චිත්රපටයේ තාත්තාව.
තවත් විශේෂ කරුනක් මතක් උනා. වෙනදටත් මම ගෙදර එන කොට තාත්තා ඔය පුටුවෙම ඉන්දන් බලා ඉන්නවා.
මම ගානක් නැතිවම ගෙට ඇතුළු වෙනවා. තාත්තා මගෙ පස්සෙන් ඇවිත් කෙලිම්ම නිදා ගන්න ඇඳට යනවා.
නමුත් එදා අපෙ තාත්තා මගෙ පස්සෙන් ඇවිත් ඇඳට යන කොට වෙනදා වගෙ නොවේ.මොකක්දො බරක් මගෙ හිතට දැනුනා.
තාත්තලාගෙ ආදරයත් ඒ වගේ. ඒක ප්රකාශ කරන්නේ නෑ.ඒ නිසාමඅපිට එකේ අගයක් දනෙන්නෙ නැ. එහෙම උනා කියල තාත්තාල කවදවත් එයාලගේ ආදරය අඩු කරන්නෙ නැ.
උපුටා ගැනීම: ——බන්දුල පෙරේරා——–