” මං තමුසෙට කී සැරයක් කිව්වද කෝල්ස් ගන්න එපා කියලා ආහ් ??? සිංහල තේරෙන් නැද්ද “
” අනේ ප්ලීස් මහත්තයො ඒම කරන්න එපා මට”
දුලී දැන් තේනුකව සම්බන්ධ කරගන්නට හදන්නේ දින ගණනාවක සිට ය. නමුත් ඔහු දුලීගේ ඇමතුම් සියල්ල විසන්ධි කරයි. ඈ නැවත නැවතත් සිය කෙටි පණිවිඩ හා ඇමතුම් වලින් තේනුකගේ දුරකථනය පිරවූවා ය. දින කිහිපයක සිට දැනෙන තේනුකගේ වෙනස් වීම දුලීට මහත් පටලැවිල්ලක් විය. ඔහුගේ ආදරය මතක් වන හැම වරෙකම දුලී දහස් වර සිතින් වේදනා වින්දා ය.
” මං ආදරෙයි මගෙ මැනික…”
සීත සැන්දෑවක දුලීගේ කම්මුල පුරාම උණුසුම් හාදුවක් තවරමින් තේනුක මිමිණූ සැටි ඇයට මැවී පෙනෙයි. එදින ඇයට දැනුණේ රටක් රාජ්යයක් තමාට හිමි වූවා සේ හැඟීමකි. දුලී ද තේනුකගේ ලැමතුරෙහි පහස රිසි සේ වින්දා ය. දුලී සිය පණ දෙවැනි කොට තේනුකට ආදරය කළා ය.
ඔවුන් දෙදෙනාගේ හමුවීම සිදුවූයේ සයිබරය තුළය. කෙටියෙන්ම කිවහොත් එය භෞතික ස්පර්ශයකින් තොරව ඇතිවූ ආදර කතාවකි. වර්තමානයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන ටික්ටොක් සමාජ මාධ්යය හරහා ඔවුන්ගේ ප්රේමය දලු ලා වැඩෙන්නට ගත්තේ ඔවුන්ටම නොදැනී ය.
තේනුකගේ විනෝදාංශය වූයේ ටික්ටොක් වීඩියෝ පල කිරීම ය. එයට වඩාත් උණුසුම් ලෙස ප්රතිචාර දැක්වූයේ දුලී ය. තේනුක ද දිනපතා වීඩියෝ පල කලේ ඇයගේ අවධානය දිනා ගනු පිණිසය. ඔවුන් ටික දිනකින් ම අන්තර්ජාලය හරහා කෙටි පණිවිඩ හුවමාරු කරගත්හ.
“බබා එනවද මාත් එක්ක ගමනක් යන්න. මට ටිකක් නිදහසේ ඉන්න ඕන ඔයත් එක්ක”
ප්රේම සබඳතාව ඇරඹී සති දෙකක්වත් ගතවන්නට මත්තෙන් තේනුකගෙන් දුලීට ඇරයුමක් ලැබුණි. කාලය කෙතරම් කෙටි වුව ද දුලීගේ ආලය තේනුකගේ නමට සදාකාලිකව ලියා දී හමාරය. එබැවින් දුලී එම යෝජනාව එක පයින් අනුමත කළා ය. තේනුක ද සිතා සිටියේ ඔහුගේ ලොව එකම සැනසීම ඇත්තේ ඇ ලඟ බව ය.
පළමු හමුවීමෙන් ම දුලීගේ මුලු ආත්මයම තේනුක නතු කරගත්තේ ය. ඇයට දැනුණේ තමාට නව ජීවිතයක් ලැබුණාක් මෙනි. දින සති මාස ගෙවෙමින් ඔවුන්ගේ ආදර කතාව තව තවත් ශක්තිමත් විණි. තේනුක සෑමවිටම දුලීගේ සෙවණැල්ල මෙන් ඈව ආරක්ෂා කළේ ය.
ඔහුගේ රැකවරණය පියා ද අහිමි වූ දුලීට මහමෙරක් විය.
එහෙත් දුලී සහ තේනුක අතර යම් යම් ආරවුල් හටගන්නට පටන්ගත්තේ ද සයිබරය නිසාම ය. තේනුක පල කරන වීඩියෝ වලට ගැහැණු ලමුන්ගේ ප්රතිචාර වැඩිවත්ම දුලීට දැනුණ ඊර්ෂ්යාව ඇය රණ්ඩුවකින් පිරිමසාගත්තා ය. තේනුකට ද ඉවසාගත නොහැකි තැන ඇයට බැණ වැදුණේ ය.
කාලය මෙලෙසින් ගතවී ගිය අතර දුලී තේනුකගේ ආදරයට කණ කොකා හඬමින් තිබුණි. තේනුකගේ දෙමව්පියන් ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳ දැනගත් අතර එයට එකහෙලාම විරුද්ධ විය. ඔහුගේ පියා කිහිප වතාවක්ම දුලී හමුවී තර්ජනය කරන්නට වූයේ ය. තේනුක මවට කෙසේවෙතත් පියාට බිය විය. එම නිසාම ඔවුන් ගෙන ආ යෝජනාව ප්රතික්ෂේප කිරීමට තේනුකට නොහැකි වූයේ ය.
එමනිසාම ඔහු දුලීව මඟහරින්නට පටන්ගත්තේ ය.
මනාලිය බැලීමට යන දිනය පැමිණියේ ය. තේනුක අකමැත්තෙන් වුව ද සිය පියාට අවනතව සූදානම් වූයේ ය.
” එන්න මිස්ට ඇන්ඩ් මිසිස් නාරම්පනාව. එන්න පුතා වාඩිවෙන්න.”
මනාලියගේ මව ඔවුන් තිදෙනා පිළිගත්තා ය. එතැන් පටන් විවිධ කතාබහ සිදු වුව ද තේනුකගේ සිහිය තිබුණේ වෙනතක ය.
“මේ දෙන්නා තමා ඉතින් මගෙ ජීවිතේ ම. මේ අක්කයි නංගි යි දෙන්නට දෙන්නා හරිම සමගි යි. “
වරෙක ඇසුණි.
මනමාලිය බුලත් හෙප්පුව ද රැගෙන තේනුක ඉදිරියට ආවා ය. හිතේ අවුල හේතුවෙන් අහක බලාගෙන සිටිය ද අහම්බෙන් මෙන් ඇගේ මුහුණ දුටු තේනුක යලිත් හිස ඔසවා බැලුවේ ය. ඇය මද සිනහවක් පාමින් ගොස් ඇගේ මව අසල සිටගත්තා ය.
” එහෙනම් වරුණි දුව එලියට ගිහින් ටිකක් කතාකරන්නකො පුතත් එක්ක “
ඒ අනුව තේනුක ඇය ද සමඟ මදක් එලියට ආවේ ය. ඇය තේනුකගේ දැහැන බින්දාය.
” ම්…ඔයා කොහෙද වර්ක් කරන්නෙ?”
” මං ගාමන්ට් ෆැක්ට්රි එකක සුපර්වයිසර් විදියට වැඩ “
” මොකක්ද ගාමන්ට් එක?”
” ම්… ඒ ඩී ඇපරල් “
” අහ් අර අජන්ත දන්තනාරායනගෙ ගාමන්ට් ෆැක්ට්රි එක නේද?”
” ඔව් ඔයා කොහොමද එයාව දන්නෙ?”
” ම්ම්ම් එයාගෙ නංගි විනූෂා දන්තනාරායන මගෙ ක්ලාස් මේට්”
” ඕහ් ඒ කියන්නෙ අපි දෙන්නා සේම් ඒජ්”
ඔවුන් දෙදෙනාට නොදැනීම ඒ කතාබහ බොහෝ දුර ඇදෙන්නට විය.
තේනුකට සෑමවිටම දුලීව සිහියට නැගීම මහත් හිසරදයකි. එමනිසාම වරුණිට සත්ය තේරුම් කර දීමට තේනුක සිය හඬ අවදි කළේ ය.
” වරුණි මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියනවා”
ඇය ද ඉතා ඕනෑකමින් ඔහු වෙත සවන් යොමුකළා ය.
“ඇ.. ඇත්තටම වරුණි…”
තේනුක මුල පිරූව ද ඔහුට එය සම්පූර්ණ කරගත නොහැකි වූයේ යමෙකු බාධා කළ නිසාවෙනි.
“නංගි එන්න දෙන්නම කෑ….”
එය එක්වරම නැවතුණි. වරුණි සහ තේනුක එකවරම හැරී බැලුවෝ ය. තේනුකට ඇස් අදහාගත නොහැකි විය. මේ ඇය යි.
” දුලී “
තේනුක හිමින් මුමුනන්නට විය. දුලී ද ගල් ගැසී බලා සිටියේ අදහාගත නොහැකි දසුනක් දුටුවාක් මෙනි.
” ඔයා කොහොමද අපේ අක්කව දන්නෙ?”
වරුණි සිතේ සිරකරගෙන සිටි පැනය මුදාහැරියා ය. නමුත් එයට දෙන්නට පිලිතුරක් දෙදෙනා සතුවම නොවී ය. දුලීගේ ඇස් කොනක සිරවී තිබූ කඳුලු කැටයක් කොපුල් දිගේ ඔහේ ගලා යන්නට විය.
” එ…එතකොට ඔ…යා…ද නංගිව??”
දුලීට අසන්නට බොහෝ දේ තිබුණ ද ඇගේ මුව ගොලු ව ඇත. තේනුකට ද දැන් අවුල් ජාලා ගොඩකි. නමුත් මහා නිහැඬියාවකින් තිදෙනාම වෙලී සිටියෝ ය.
” දුලී … ඔයා මැරි කරලා නැද්ද?”
ඇත්තටම තේනුකට අසන්නට තිබුණු දෙය නොව. ඔහුට කියවුණේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. නන්නාඳුනන අයෙකු ලෙස ඇගේ විවාහය ගැන ඔහු විමසුවේ ය.
” ඔව් තේනුක මම මැරි කලා. මටත් ලස්සන ජීවිතයක් තිබුණා..”
තේනුකගේ දෑස් පෙරට වඩා විශාල විය. ඔහු මහත් කේන්තියකින් පුපුරු ගැසුණේ ය.
” ඉතින් කියපන්. එහෙනම් ඇයි මාව රැවැට්ටුවෙ”
පෙරට වඩා දුලීගේ හැඬුම වැඩිවිය.
” අනේ නෑ තේනු මම ඔයාව රැවැට්ටුවෙ නෑ සත්තයි. මම මැරි කලා තමයි. ඒත් ඒ අපේ අම්මා තාත්තගෙ කැමැත්ත නැතුව. ඒ වුනත් එයා මාව ඇස් දෙකක් වගේ බලාගත්තා. ටික කාලයක් සතුටින් හිටියා. ඊටපස්සෙ මගෙ තාත්තා මම ගැන හිතලම හාට් ඇටැක් එකක් ඇවිත් අපිව දාලා ගියා. තාත්තා නැතිවුණේ මං නිසා නේද කියලා මං දුක්වෙද්දි නාරද තමයි මගෙ ලෝකෙ තිබුණු එකම සැනසීම. එයා නිතරම මගෙ හිත හැදුවා. මම නිසා එයා නොවිඳපු දුකක් නෑ. දවස තිස්සෙම ගඩොල් සිමෙන්ති එක්කම ගැහිලා නාරද මාව ජීවත් කලා. නාරද කැමති උන් නෑ එයාගෙ හුලඟකින්වත් මාව අපිරිසිදු වෙනවට. ඒත් ඒ ආදරේ ලබන්න මට පින තිබුන් නෑ. දවසක් ආරංචි උනා නාරද වහලෙකින් වැටුණා කියලා. ඊට පැය දෙකකට විතර පස්සෙ එයා ගෙදර ආවා. ඒත් කිසිම දෙයක් නොකියා ගල් ගැහිලා උඩුබැලි අතට හැරිලා ඉඳපු එයා එක්ක කියන්න තිබුණු දේවල්නම් මහ ගොඩක්.
මම දුකින් ඉද්දි නාරද වගේම කෙනෙක් ව දැක්කා. ඉතින් මගෙ නාරද ජීවත් වෙනව කියලා මට දැනෙන්න ගත්තා. ඒ වෙන කවුරුත් නෙමේ ඔයා තේනු… ඒ බැල්ම ඒ ආදරේ ඔයා ලඟ එහෙම පිටින්ම තිබුණා. ඒත් කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක්. කොහොම උනත් මේ කාලකණ්ණි ගෑනියෙක් නිසා ඔයාගෙ ජීවිතේ විනාස කරගන්න එපා තේනු. ප්ලීස් මගෙ නංගි එක්ක හොඳින් ජීවත් වෙන්න. මට මැරෙනකම් ජීවත් වෙන්න ඒ සතුට ඇති…”
තේනුකගේ කේන්තිය කෙමෙන් අඩුවන බවක් පෙනුණි. ඔහු ඔහේ ඉවත බලාගෙන කල්පනා කලේ ය.
” මට සමාවෙයන් නංගි. මං කවදාවත් උඹට දැනගෙන වැරැද්දක් කලේ නෑ. උඹලා දෙන්නා ලස්සන ජීවිතයක් ගෙවන්න ඕනෙ. මේ අක්කගෙ එකම ප්රාර්ථනාව ඒක…. “
දුලී වරුණිව බදාගෙන හඬන්නට විය. වරුණි ද ඇයව සනසාලමින් ඇගේ ඉල්ලීම අනුමත කලා ය.
” දුව….මොකද පරක්කු හැමෝම බලන් ඉන්නවා ඔය දෙන්නා කන්න එනකන්. ඉක්මනට එන්න ලමයො “
තේනුක වරුණි දෙස ආදරයෙන් බලා ඇගේ අතකින් අල්ලාගත්තේ ය.
” මේ අත හැමදා ම මගෙ විතරයි….”
දුලී එදෙස බලා හිඳිමින් සැනසුම් සුසුමක් හෙලුවේ තමාට ජීවත් වන තාක් ඒ මුහුණ තමා අසල ඇති බව සිහි කරමිනි. අනෙක් පසින් බලන විට ඇගේ නැගණියගේ ජීවිතය ගැනද දැන් කිසිඳු බයක් නැත. ඇත්තෙන්ම තමාගේ නැගණිය කෙතරම් වාසනාවන්ත දැයි දුලීට සිතුණි.
•••••••••••••••••••••••••••••••••••නිමි••••••••••••••••••••••••••••
ඇත්තටම අද සමාජයේ ගොඩක්ම තියන දෙයක් තමයි මේ සමාජ මාධ්ය හරහා ගොඩනැගෙන ආදර සම්බන්ධතා. මෙතනදි ගොඩක් පරිස්සමින් තීරණ ගන්න ඕනි. මොකද මේ අපේ ජීවිතේ. එක මොහොතක් ඇති ජීවිතයක්, නැත්නම් ජීවිත කීපයක්ම උනත් බිලිගන්න. ඒ වගේම තමයි එක ආදරයක් නැතිවුනාම තවත් ඒ වගේම ආදරයක් හොයන් ගිහින් හදවතට තීරණ ගන්න ඉඩදෙන එක. කෙනාගෙන් කෙනාට වෙනස් වෙන ආදරේ කොහෙද එක වගේ තැන්?
ඉතින් සමාජ මාධ්ය ප්රේමය කෙතරම් සාර්ථක ද? අසාර්ථක ද?
හැමදේම වෙනස් වෙන ලෝකෙක එක වගේ ආදරයක් හොයන් යන එක කෙතරම් සාර්ථක ද? අසාර්ථක ද?
තීරණය ඔබ අතේ…
කතාව හිතට දැනුනානම් like එකක් දාන් යන්න යාලුවනේ
ඔයාලගෙ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා 







උපුටා ගැනීම: සත්සරණි ගාල්ලගේ