තැනකට ගියා කියමුකෝ….
තේ බොන්න හදල තිබුන ජාති…
කියල වැඩක් නෑ…
රෝල්ස් කට්ලට් පැටිස් මාළු මස් එළවළු රොටි උණු උණුවෙ…
සුවඳ එනව අපි ඉන්න තැනටත් …
කේක් නියමෙට තිබුන රස්නෙට වාගෙ …
ඇත්තටම කියනව නම් කෑමවලට වඩා ලස්සනයි ඒව පිළිගන්නන්න හදල තිබුන විදිය …
ගැලපෙන වර්ණ…
සුවඳ….
පිළිවෙල…
රස…
ආයි මොනාද රස නහර කී සියයක්ද මන්ද පිනායනව…
මේ මහන්සිය පුදුම හිතෙන තරං…
ඒත් මේ වර්ණ නම් විඳින්න වෙන්නෙ කට ලඟට එනකම් විතරනෙ…
මෘදු ගතිය …ක්රිස්පි ගතිය වගෙ ඒවත් කටේදි විතරයි…
රහ දැනෙන්නෙ කොයි තරමකටද….
කටේ දිවේ දිගට විතරයිනෙ..
සුවඳත් එච්චරයි තමා…
සෙන්ටිමීටර දහයක් විතරකටනෙ මේ ටික දැනෙන්නෙ…
හරියටම හිතුවොත් තප්පර තිහක් විතර තමා විඳින්න වන කාලෙ
අපේ දිගවගෙ හතර ගුණයක් විතර දිගයිලු ආහාර මාර්ගෙ..සෙන්ටි මීටර හත්සිය පණහකින් දහයක් කියන්නෙ …
හැත්තෑ පහෙන් එකක් විතරනෙ….
ඒ ටිකටනෙ මේ ඔක්කොම ..
බැලුවාම මහ විකාරයක් වගෙනෙ….
ගිළුණු එකක් ආපහු ආවොත්…
කොයිතරම්ම රස සුවඳ වර්ණවත් එකක් වුනත්…
ඒක කෑලි කෑලි…
බාගෙට ක්රීම් වගේ…
සුවඳ නම් මතක් කරන්නවත් එපා…
මතක් කරනකොටත් ඔක්කාරෙට එනව…
හෙට උදේට එන ඒව කවුරුවත් මතක් කරන්නවත් කැමති නෑ…
හරියටම හිතුවොත් තත්පර තිහකට නේද මේ ඔක්කොම …
ඒ වුනත් ෂුගර් කොලෙස්ටෙරෝල්
බර වැඩිකම අරව මේව ඔක්කොම මේකට නේද…
මේ එකක්වත් පාලනේ කරගන්න බෑ අප බොහෝ දෙනෙකුට…
සෙන්ටිමීටර දහයෙ
තප්පර තිහේ ජොලියට…
අන්තිමේදි මරණ බයේ කොයිතරම්ම දුර ඇවිදින්න
පණ යනකං දුවන්න වෙනව අවුරුදු ගනං…
දාඩිය ලීටර් කී සීයක් නං හලන්න වෙනවද..
ස්ලිම් බොඩිය…ටයර් දාල අලිය වාගෙ ආරනව…
අඩිය තියනකොට මස් හෙලවෙනව
දිසාසේකර ගේ ගීතය සිහියට එනව
ලස්සන සැමදේ…
මොහොතක සුවදේ…
බැලුවාම සද්දෙ තත්පරයක් වත් නෑ…
අපි නිකාං බොරුවට ඒ තත්පරෙන් පංගුව ..
හැම තිස්සෙම …
නැවත නැවතත් හිතමින් …
අමුවෙම්ම රැවටෙන්නෙ නැද්ද…
පුදුම බොරුවක්නෙ අපි මේ කරන්නෙ…
තප්පර තිහේ ආසාව…
ජීවිත කාළයක් විඳෝනව…
ඒත් තේරෙන්නෙම නෑ…
අයිතිවාසිකම් අනුංගේවන පින්තූරු අන්තරජාලෙං
Tuesday , 12 January 2021
උපුටා ගැනීම: Gamini Ranasinghe