The Gangster, the Cop, the Devil
Action /Crime
Imdb : 6.9
Official US trailer : https://youtu.be/_96SVqqFltA
අද අරන් ආවෙ පොඩ්ඩක් වෙනස් විදිහේ serial killer කෙනෙක් ගේ කතාවක්. මෙම කතාව යන්නේ තුන් දෙනෙකු වටායි පාතාල නායකයෙක් පොලිස් නිලධාරීයෙක් හා දාම ඝාතකයෙක් පිලිබඳයි . මෙම චිත්රපටයේ රංගනයෙන් ඔවුන්ගේ කාර්යන් හොදින් නිම කර ඇත. මට වැඩියෙන්ම කැමති වූයේ පාතාලනායකයාගේ චරිතයටයි.කොරියාවේ action / crime / thriller වලට කිසිම අඩුවක් නැති නිසා ඔවුන් එම චිත්රපට වෙනස් ආකාරයෙන් ප්රේක්ෂකයන්ට ලබා දේ. මෙම චිත්රපටය පැය 1.49 කාලයක් නැරඹීමෙන් කිසිම පාඩුවක් වෙන එකක් නෑ.
මෙහි කතාව යන්නේ මුලින් ම දාම ඝාතකයා කාර් එකෙන් පැමිනි ඉදිරියෙන් ගමන් කරන වාහනය හප්පා ඉන් පසු ඔවුන් එක්ක සමාව ඉල්ලනව වගේ කතාකර පිහියෙන් කපා කොටා ඝාතනය කරයි. මේ වගේ ඔහු මිනිමැරුම් කරයි . අනෙක් පැත්තෙන් පාතාල නායකයෙක් හා ඔහුගේ හොර වැඩ අල්ලන පොලිස් නිලධාරීයෙක් පෙන්නයි. එම පොලිස් නිලධාරීයාටත් ලොකු ප්රශ්න යකට තියෙන්නෙ මෙම දාම ඝාතකයා ගේ මිනි මැරුම් සම්බන්ධ වයි. දවසක් පාතාල නායකය තනිව කාර් එකේ ගමන් කරද්දි දාම ඝාතකයා සුපුරුදු පරිදි පිටුපසින් පැමින පාතාලනායකයාගේ වාහනය අනතුරකට ලක් කරයි හැබැයි දාම ඝාතකයාට වැරදුණු තැන එයයි. ඉන් පසු ඔහු පාතාලනායකයාගේ පිටු පසින් ඇන ඝාතනය කරද්දි ඔහුත් මොහු එක්ක පොර බැද දාම ඝාතකයාටද පිහියෙන් අනී එවිට ඔහු පලා යයි. ඉන් පසු පාතාලනායකට පොඩි කැලල්ලක් ඇතිවේ මේ සිද්ධියෙන්. ඉන් පසු පොලිස් නිලධාරීයා මෙම් සිද්ධිය ගෙන ආරංචි වී මෙය දාම ඝාතකයාගේ ක්රියාවක් ලෙස දෙනගෙන ඔහු පාතාලනායකයාව හමුවේ. එවිට ඔවුන් දෙදෙනා එකතු වී දාම ඝාතකයාව සොයයි එක් කොන්දේසියක් මත එය තමයි පොලිස් නිලධාරීයා ට හමු වුනොත් නීතිය ඉදිරියට ගෙන යයි පාතාලනායකයාට හමුවුනහොත් මරා දමන ලෙස යි. අවසානයේ දාම ඝාතකයාට කුමක් සිදු වෙයිද???? දාම ඝාතකයාව අල්ලන එක හිතන තරම් ලේසිවෙයිද ??????
උපුටා ගැනීම : Fazlan Nazeer