ද ලන්ච් බොක්ස් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්සර ඉස්කෝලේ යන කාලේ මං හැමදාම කෑම ගෙනිච්චේ ගෙදරින් . අපේ අම්මා මට කැන්ටිමෙන් කන්න අවස්ථාවක් දුන්නෙම නෑ . මං එයාගෙන් ඒකට හේතුවක් ඇහුවත් එයා මට දුන්න උත්තරේ තමයි
” චුටී මැණිකේ මේ .. ගෙදිරින් දෙන එක කන්න බැරිනම් නොකා හිටපන් ” කියලා .
එත් මගේ පුංචි හිතට හරිම ආසාවක් තිබුණා කැන්ටිමෙන් කන්න .එත් අර කව්දෝ ….. කියන්නා වගේ ” මේවා තමයි ගුණසේකර හීන කියන්නේ … හීන ” කියලා මාත් ජිවත් උනා .
එත් අම්මට මගේ කෑම පෙට්ටිය එක්ක තිබුනේ දරුණු තරහක් . මං නැවත්තත් කියනවා මගෙත් එක්ක නෙවේ තරහා තිබුනේ මගේ කෑම පෙට්ටිය එක්ක . ඒ …. ඔය ටිකක් ලොකු කෑම පෙට්ටිය කවදාවත් මං ගෙදර ගිහින් හෝදන්නේ නැති එක නිසා .
ඇත්තම කියනවානම් කෑම පෙට්ටිය හෝදන්න මගේ පුංචි මොළේට අමතක වෙනවා . කෑම එක කෑවට පස්සේ ඉතිං කෑම පෙට්ටියක් තිබුනත් නැතත් අපිට මොකෝ . ඒ වෙද්දී අපි කෑම කාලා ඉවරයින්නේ .ඔන්න ඉන්ටබෙල් එකට කලින් ඔය කියන විදිහට කෑම පෙට්ටිය හෝදන්න තිබුනානම් සලකා බලන්න තිබ්බා .
පුංචි පුංචි කාලේ අම්මා අනේ ….. චුටී මැණිකේ …. කියලා කෑම පෙට්ටිය සේදුවත් මං ඒ ලෙවල් පන්තියේදී නම් ඒ වගේ අනුකම්පාව දැක්කුවේ නෑ මට . මුලින් මුලින් ” චුටී මැණිකේ ….. හැමදාම කෑම පෙට්ටිය හෝදන්න හොද බාබා වගේ ” කියලා කියලා ඇති වෙලාද මන්දා මේ සිදුවීම වෙන්න ටික කාලෙකට කලින් කිව්වේ ” උබ කාපු එක උබට සෝදන්න බැරිනම් නිකා හිටපිය ” කියලා . ආයේ කිව්වා ” උබ කවදා හරි කසාදයක් බැන්ද දවසට නැන්දම්මා මට එහෙම කියලා තිබ්බොත් මොනවා හරි , අන්න එදාට මං බලාගන්නම් කියලා “
අම්මා ඔය මොනවා කිව්වත් මං නෙවේ සැලුනේ . ඔය බැනුමක් දෙකක් ඇහුවා කියලා මගේ පළුවක් නැති වෙයියෑ . අනික ඉතින් බැන්නත් බනින්නේ මගේ ආදරණිය අම්මානේ කියලා පෙර මෙන් සැපසේ සුවෙන් ජිවත් උනා . අහ්හ් කියන්න අමතක උනා .අපේ අම්මා එයාවම මතක්කරලා බැන ගන්නේ විශේෂයෙන් සදුදා උදේට . මොකද දවස් තුනක් පරණ කෑම පෙට්ටියක් හෝදන්න කව්ද කැමති . අනික අර මගේ ස්කූල් බැග් එක කියන නයි මල්ලෙන් ඕක හොයාගන හෝදන්නත් එපැයි . ඒ නිසා එයා මට බනිනවට වඩා කරන්නේ එයාටම බැන ගන්න එක .
එක දවසක් දීර්ඝ නිවාඩුවක් අවසානයේ මං උදේ පිපිදුණූ මලක් වගේ ඉස්කෝලේ ගියා . හරියට චුට්ටන් බට්ටිච්චෙක් වගේ . සුදුම සුදු ගවුම ඇදලා , කොල පාට ඉරි ඉරි ටයි එක දාලා … ස්කූල් වැන් එකේ අංකල් එක්ක රණ්ඩු වෙලා ඉස්කෝලේ ගියා . ගිහින් ඉතිං උදේ පීරියඩ් ටික වෙනදා වගේම ඕපාදුප අතරේ ගෙවා දමමින් ඉද්දි මං ආසම ඉන්ටබෙල් එක ගැහුවා .
දඩි බිඩි ගාලා බැග් එකට අත දාලා සිරිමල් වගේ කෑම පෙට්ටිය දිග ඇරගත්තා . හෆොයි …………. මගේ ආදරණිය මව මට කරලා තියෙන දේ . කෑම පෙට්ටියෙන් එලියට ආපු මිහිරි සුවදක් මුළු පංතියේම පැතිරිලා ගියා . පංතියෙන් සයන්ස් සෙක්ෂන් එකටම පැතිරුනා . පංතියේ ළමයි මගේ දිහා බැලුවේ කුණු මාළු කැල්ලක් දිහා බලනවා වගේ . නහයත් වහගත්තා .
මගේ ආදරණිය මව දවස් තුනක් හතරක් පරණ කෑම පෙට්ටිය සොදන්නේ නැතිව ඒකට මගේ බත් එක දාලා . විලි ලජ්ජාවට සන්තෝසේ බැරි නිසා මං හොර ගෙඩියෙක් වගේ ආයෙත් හොදට සර්වියට් එකෙන් ඔතලා මගේ නයි මල්ලේම ස්ථානගත කරා .
ඒ කියලා ඉතිං සාගින්දරේ ජිවත් වෙන්න බෑනේ . මගේ දුක දැනිලා මගේ සෙනෙහෙබර යාළුවෙක් මට රුපියල් විස්සක් දුන්නා . අපි දෙන්නා කරට අත දාගන ගිහින් කැන්ටිමෙන් රෝල්ස් දෙකක් කාලා පුංචි බන්ඩිය පුරවාගෙන ඉතිරී පීරියඩ් ටිකත් ඕපාදුප වලින් කාදමා නිවසට පැමිණියා .
ඔයාලා හිතන්නේ ඒ සිද්ධියෙන් පස්සේ මං හැදුනා කියලද ? මොන පිස්සුද ? ඊට පහුවදාත් අම්මාම කෑම පෙට්ටිය සෝදලා මට කෑම එක දුන්නා .
උපුටා ගැනීම: Hasika Wijethunga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!