ආයුර්වේදයේ සංහිතා ග්රන්ථ වලට අනුව තිප්පිලි දීප්තිමත් කොල පැහැති පත්ර සහිත ශාකයකි.
ඵලය ඉදෙන විට රතු වර්ණයක් හා වියලෙන විට කළු වර්ණයක් ගනී.
එක ඵලයක එක බීජයක් පමණක් පවතී.
Essential oil, piperine,pipalatine, pipalserol,sesamine වැනි රසායනික සංඝටක පවතී .
නිගන්ටු වලට අනුව තිප්පිලි ශාකයේ වර්ග 4ක් ඇති බව සදහන් වේ. ඒවානම්,
පිප්පිලි
ගජපිප්පලි
සෛන්හලි
වන්ය පිප්පලි
කරලේ ප්රමාණය අනුවද කුඩා තිප්පිලි හා මහ තිප්පිලි ලෙස වර්ග 2ක් පවතී.
තිප්පිලි මුල් හා කරල ඖෂධ සදහා යොදා ගැනේ.
ඒකීයව භාවිතා කරන විට සති 2කට වටා භාවිතය නොසුදුසුයි.
රසායන ඖෂධයක් ලෙස ගන්නේනම් දින 18-20 පමණ භාවිතා කරයි.
පරණ උණ සදහා තිප්පිලි උක් හකුරු සමඟ යොදා ගනී.
තිප්පිලි ආහාර රුචිය නැති පුද්ගලයන්ට රුචිය වැඩීම සඳහා ඉතාමත් වටිනාම ඖෂධයකි.
කැස්ස, උදරයේ ඇතිවන රෝග, අර්ශස්, අජීර්ණය නිසා ඇති වන උණ, කුශ්ට රෝග සඳහා යොදා ගත හැකියි.
කල්ගත වූ උණ රෝග සදහා තිප්පිලි චූර්ණය උක් හකුරු සමග
කැස්ස සඳහා තිප්පිලි ගිතෙල් සමඟ බැද සහිඳ ලුණු එක් කර බීමට
කඵජ උණ රෝග සඳහා තිප්පිලි මී පැණි සමඟ ලේහ කිරීමට
යොදා ගනී…
හික්කාව නැති කරන ඖෂධයකි.
පාණ්ඩු රෝග සඳහාත් ගුණදායකයි.
නිවසේ තිප්පිලි පැලයක් සිටවා ගැනමෙන් රෝග වලින් මිදීමටත්, ආයාසයකින් තොරව වැවෙන හෙයින් වගාවක් ලෙස පවත්වා ගැනීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමටත් හැකියි.
උපුටා ගැනීම : Suwa arana