රිදෙන අයට රිදෙයි වදින තැනට වදියි. කොහොම උනත් කඳුළු ගෙත්තම් කරන තවත් පටාචාරාවකගේ සත්‍ය කතාවක්.
………………………………………………………………….
සිත ඔබට මුලා වී දුක් විඳිනා.
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා.
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකි ගසමින් හඬන් හැටී.
සිත ඔබට මුලා වූ දා ඉදලා………………………………………………………
සංජු අයියෙ ඔයා හුගක් බිසීද මම දන්නව ඔයා හුගක් බිසී කෙනෙක් කියල නමුත් පුළුවන්නම් විතරක් මගේ කඳුළු කතාවත් ලියන්න සමහර විට මගේ ඉදිරි ගමනට මේ කතාව රුකුලක් වෙයි සංජු ..
කෙනෙක් එහෙම කතා කරල අහද්දි ගලක් වගේ තියෙන මගෙ හිතත් මුදු මොලොක් වෙන්න යන්නෙ තත්පරයයි.
ලියන්නම් නංගී අනිවාර්යයෙන් ලියන්නම් ඔයා ගන්නකො හවසට මට..
………………………………………………………………
සංජු මම දන්නව ඔයා මට වඩා චුට්ටක් බාලයි කියල ඒත් ගුරුවරියක් උන මට නැති දැනුමක් නුබට තියෙනව ඒක නිසාම මම නුබට අයියෙ කියන්නම් ඒකට මටවත් නුබටවත් පවු නෑ සංජු ..
මාව අසරණ කලේ මගෙ ආදරේ .
දන්නවද සංජු කෙල්ලෙක්ට ආදරයක් ඇතිවෙන්න වයස පරතරයක් නෑ කියල.
සමහර විට ඔයත් මට බනියි ඒත් මීට අවුරුදු ගානකට කලින් මම කෙනෙකුට පන ඇරල ආදරේ කලා සංජු .
එත කොට මට වයස දාහතරයි ලොකු ලමයෙක් වෙලා පුංචි කාලයයි සංජු .
වයසට වඩා ලස්සන හුරුබුහුටි පෙනුමක් තියෙන මට පුංචි කාලෙ ඉදන්ම කරදර වලට මූන දෙන්න උනා.
සමහර විට ගිය ආත්මෙ කරපු ලොකු පවක් නිසා වෙන්න ඇති සංජු මට එහෙම වෙන්නෙ.
මගෙ මාමා ඒ කියන්නෙ අම්මගෙ මල්ලි එයා මගෙ ඇඟේ හැම තැනින්ම අමුතු විදියට අල්ලද්දි මම හුගක් අසරණ උනා සංජු .
එයා මන් දිහා බලන්නෙ මස් වැදල්ලක් ගානට.
කියන්න සංජු අවුරුදු දාහතරක කෙල්ලෙක්ගෙ ඇඟකට ආස කරන්න පිරිමියෙක්ට පුළුවන්ද.
මොකක්ද සංජු ඒ අසහනේ.
උත්තරයක් ඕනිමයි නුබ වන් කෙනෙක්ගෙන්.
……………………………………………………………..
සමාවෙන්න නංගී කතාව මැදින් මට පනින්න උනාට.
අපි මේ හැමදේම කතාව බලන අයගෙන් ඉල්ලමු එයාල ඔයාට කියයි..
………………………………………………………….
හිතන්න ලොකු ලමයෙක් උනා විතරයි පපුවක්වත් ඒ හැටි නෑ කෝමද මගෙ මාම උන එයා මගෙ ඇඟට අත තියන්න හිතක් හදාගත්තෙ සංජු .
පිරිමි සංහතියම මට තිත්ත වෙනව සංජු මට මේව මතක් වෙද්දි.ඉහි.ඉහි.ඉහි.
ඇඬුව කියල ප්‍රශ්න විසදෙන්නෙ නැති උනාට ගෑනු වෙච්චි අපි අඬනව ඇරෙන්න වෙන මොනව කරන්නද සංජු ..
ඒත් මම කෝම හරි ඒ බැල්මෙන් අමාරුවෙන් බේරෙද්දි කාලය හෙමින් ගෙවුන සංජු .
ඇත්ටම ඉස්කෝලෙ කෙල්ලෙක් කියන්න බැරි තරම් ලස්සන පෙනුමක් මට තිබුන සංජු .
මගේ හිත හොරකම් කරේ අපේ ඉස්කෝලෙ ඉදපු සර් කෙනෙක් එයාටත් වැඩි වයසක් නෑ සංජු .
මම කෝමද සංජු මෙතනින් එහාට ඔයාට කටක් ඇරල මේ හැම්දේම කියන්නෙ. ඒත් මමත් අසරණයි සංජු ඒ නුබත් පිරිමියෙක් නිසා.
නුබගෙ වගේ උතුම් ගතිනම් මට මේ වනතුරු කාගෙන්වත් පෙනිල නෑ සංජු .
ඒ සර් මට ඉගෙන ගන්න හුගක් උදව් කලා දන්නවද ඉස්කෝලෙ හැම මිස් කෙනෙක්ම ඒ සර්ට මන් ගැන බොරු චෝදනා කලා සංජු .
මාමා එක්ක රෑට බුදියගෙන උදේට පත්තිනි අම්ම වගේ සුදු ඇඳන් ඉස්කෝලෙ එනව කියල එයාට කියල තිබුන..
කෝමද සංජු ගුරුවරියක් ඒම දරුවෙක්ට පදයක් හදන්නෙ.
අනික කවුරුත් ඒව ඇස් වලින් දැක්කද.
වරදකට කියල කලේ හිතට ආපු කුළුදුල් ආදරේ පරිස්සම් කරපු එක.
අංතිමට මට ඉස්කෝලෙ යන්න එපාවෙන තැනටම වැඩ සිද්ද උනා සංජු
දවසින් දවස එක එක පද හැදෙද්දි අර සර් කලේ මාව තවත් විශ්වාස කරපු එක සංජු ඇත්ටම එයා දෙවි කෙනෙක් වගේ මට එදා පෙනුන..එයාගෙ ආදරේ නිසා තමයි මම හොදට ඉගෙන ගත්තෙ.
ටික කාලයක් යද්දි මම ඕලෙවල් ඉහලින්ම පාස් වෙද්දි මගේ හීන එකෙන් එක හැබෑ වෙන්න ගත්ත සංජු .
මම ඒලෙවල් කරද්දි ඒ සර්ගෙ හිතෙත් මන් ගැන ලොකු ආදරයක් තිබුන සංජු .
මගෙ හිතෙත් ඒමයි මට ඒ තරම් උදව් කරා එයා.මම මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාශ කලෙත් එයාව සංජු .
අංතිමට එයාට මම මගෙ හිත බාරදුන්නෙ ඒලවෙල් එක්සෑම් එක කට මුල තියෙද්දි සංජු .
එයා මාව හැමදාමත් හැමෝගෙන්ම පරිස්සම් කලා.
ඒත් එක දවසක් තිබ්බ සංජු චුට්ටක් වැහි දවසක්.
මගේ ආදරේ මාව අවිශ්වාස කරපු මහ මූසල දවසක් සංජු එදා.
එයා මාව මෙච්චර කාලයක් පරිස්සම් කලේ ඒකටද කියල මට එදා හිතුන සංජු .
එයාට මන් ගැන පුංචි පුංචි සැක මතුවෙන්න ගත්තෙ මම එන්න එන්න ලස්සන වෙද්දි සංජු මගේ අඟ පසඟ ලස්සනට හැදෙද්දි එයාට උනත් මන් ගැන ආශාවක් ඇති වෙන්න ඇති සංජු .
එයාගෙ සැකේ දුරු කරන්න මන් අමාරුවෙන් රැකගත්තු පතිවත කියන දේ බිත්ති හතරක් මැද්දෙ එයාගෙ නමින් ලියවුනා සංජු.
කලව දෙක මැදින් ලේ බිංදුවක් විදියට මගේ පතිවත දිය වෙද්දි එයා මාව තදින් බදා ගත්තෙ හරිම ආදරෙන් ඇත්ටම මට හිතුනෙ සර්ගෙ ආදරේ මාව පරිස්සම් කරයි කියල සංජු .
මන් එයාට ඒ තරම් ආදරේ කලා.ඒත් සංජු ඉහි ඉහි.ඉහි..ඉහි…
පූරුවෙ කරපු මොකක්දෝ කරුමක්කාර කමකට ඒ ආදරේ මටත් නොදැනිම මගෙන් ගිලිහිලා ගියා සංජු .
හැමදාමත් රෑට කොට්ටෙ බදන් අඩල මට දැන් හෙලන්න කඳුළුත් නෑ සංජු .
ඒත් මම අසරණයි සංජු .
කාටද මගෙ දුක කියන්නෙ පිට කෙනෙකුට කියන්න බයයි සංජු එහෙම උනොත් මම ගමටම බඩුවක් වෙයි නොදැනිම එහෙම නේද.
එත කොට නංගී සර්ගෙ සම්බන්දෙ නැවතුනෙ කෝමද මට තාමත් ඒක පෙහෙළිකාවක් ඒකයි.
………………………………………………………………සංජු එයා ටිකක් කළුයි එයා හිතුවෙ මම හුගක් ලස්සන නිසා කළු එයාට වඩා ලස්සන කෙනෙක් හම්බුනොත් මන් වෙනස් වෙයි කියල.
ඉතින් එයා මාව නිතරම සැක කලා සංජු කෑම කන්න ගියත් එයා හිතුවෙ මම වෙන මිනිස්සු එක්ක ගියා කියල.
ඔයාම කියන්න මට සංජු එහෙම පිරිමියෙක් එක්ක පුළුවන්ද පවුල් ජීවිතයක් ගත කරන්න.
ජීවත කාලෙම සැකෙන් ජීවත් වෙන කෙනෙකුට පුළුවන්ද තමන්ගෙ වයිෆ්ට ආදරෙන් ඉන්න.
එතන තියෙන්නෙ ආදරයක් නෙමෙයි රාගයක් කියල මට දැනුම් තේරුම් තියෙන වයසට එද්දි මටම ඒක තේරුනා සංජු .
මාව මාර විදියට අවිශ්වාස කරා මන් කිසිම වරදක් නොකර මාව අවිශ්වාස කරා එයාමයි හිතුවෙ මට වඩා එයා කැතයි කියල.
ඒත් සංජු කවදාවත් මම හිතල නෑ එයා කැතයි කියල.
අංතිමට මමම ඒ සම්බන්දෙ නතර කලා සංජු දරුවො එක්ක අනාත උන ගෑනු බාර අරන් ලස්සනට ජීවත් වෙන පිරිමි මම දැකල තියෙනවා සංජු මට නැති උනේ මගේ පිරිසිදු කම විතරයි ඒත් එයා එක්ක මම දිගටම ඉදියනම් මගෙ අහිංසක ජීවිතෙත් එයා අපායක් කරනව සංජු ඒක නිසාම මම එයාගෙන් අයින් උනා.
හොදම දේ මොකක්ද දන්නවද සංජු අසභ්‍ය වීඩියෝ වල ඉන්න කෙල්ලන්ගෙ ෆොටෝස් අරගෙන ඒවගෙ මූන අයින් කරල මගේ නංගිගෙ ඉදන් මගේ හැම යාළුවෙක්ටම යවල හිතන්න කොච්චර පහත් කමක්ද ඒක.
දවසක් හරි ආදරේ කලානම් ඒම කරන්න හිතෙනවද සංජු .
ඇත්ටම මට පිරිමි කියන ජාතියම එපා උනේ අන්න ඒ නිසා සංජු .
මුලින්ම මම කියුව මතකද එයා දෙවි කෙනෙක් උනා මීට කාලෙකට කලින් කියල.
එයා දෙවි කෙනෙක් උනේ එයාගෙ කුනු මගේ ශරීරෙ හැම සිදුරකම යවාගන්නකම් විතරයි කියල මට තේරුනේ කල් යද්දි සංජු ..
ඔහොම ටික කාලයක් යද්දි මගෙ අක්කගෙ නර්සරි එකේ කොන්සට් එකකට මම ගියා එතනට ආපු වීඩියෝ ටීම් එකේ අයිති කාරයට මන් ගැන හිතක් පහල වෙලා තිබුන .
ටික කාලයක් එයා එක්ක මම කතා කරද්දි ආදරේ කියන දේ මට දැනුන සංජු .
හැබැයි එතනත් මට වැරදුනා සංජු .
ඇයි කෙල්ලොන්ට මේ තරම් වරදින්නෙ සංජු එක පාරක්නම් කමක් නෑ ඇයි දෙපාරක්ම ඉහි ඉහි.ඉහි..
ඒ කොල්ලගෙ යූ ටියුබ් චැනල් ඒකේ වීඩියෝ වලටත් මම රඟපෑව අංතිමට අපි තීරනේ කලේ එන්ගේජ් වෙන්න .
එන්ගේජ් වෙනකම් අපි ඉදියෙ එකට.
මගෙ පහුගිය අතීතෙ උන හැම්දේම අකුරක් නෑර එයාට කියද්දි එයා මගේ ඔළුව අතගාල ආදරෙන් කියුව සංජු මට ඒවගෙන් වැඩක් නෑ කියල.
ඒත් එයාටත් ඕන වෙලා තිබුනෙ මගෙ ශරීරෙ විතරයි සංජු පන ගැහෙන හදවත නෙමෙයි .
කාලයක් එකට ඉද්දියි මට ආරංචි උනේ එයාට අවුරුදු හතලිස් හතක ආන්ටි කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනව කියල සංජු .
ඒ ගෑනු කෙනාගෙ මහත්තය රට .
එයාගෙ පුතා ඔයාගෙ වයසෙ සංජු එයත් රට.
හිතන්න ඒ මිනිස්සු රට ඉදන් හම්බ කරල එවන හැම රුපියලක්ම ඒ ගෑනි වෙයදම් කරන්නෙ මගෙ වෙන්න මහත්තයට.
තමන්ගෙ කියන හැමදේම දාල නොදන්න රටකට ගිහින් රස්සාවක් කරන්නෙ පවුල ගොඩ ගන්න නේද .
ඒ පිරිමි හිතේ කොයිතරම්නම් දුකක් ඇතිද මුළු ජීවිතේම රටකට දියවෙද්දි.
ඒත් ඒ හම්බ කරන හැම සතේම මෙහේ මිනිස්සුන්ට වියදම් කරාම හරියනවද සංජු.
ඔයාට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ සංජු රට ජීවිතේ ගැන මේ කතාව ඔයා අහන්නෙත් පිටරටක ඉදගෙනනෙ නේද .
ඇත්ටම ඒ පිරිමි කෙනා ගැන මට දුකයි.
ඒත් මගෙ ආදරේ දිහා බලද්දි මටම මං ගැන අප්පිරියයි සංජු .
මේ වගේ මනුස්සයෙක්ටද මම පන ඇරගෙන ආදරේ කලේ කියල දැනෙද්දි මම මටම ශාප කරගන්නව සංජු .
මට එයා ගැනත් දැනුනෙ පිලිකුලක් සංජු .
කොහොමද එච්චර වයස ගෑනු කෙනෙක් එක්ක නිදිය ගන්නෙ සංජු .
ඒ ගෑනු කෙනා මෙයාට මාව බඳින්න ඉඩ දෙන්නෙ නෑ කියල මට කෝල් කරල මරන තර්ජන පවා කලා සංජු .
කෝමද කෙල්ලෙක් උන මම මේ තරම් දුකක් ඉවසන්නෙ ඉහි.ඉහි.ඉහි…ඉහි..
…………………………………………………………
කතා කරනවට වැඩියෙන් කලේ නුබ අඬන එක උනත් මම කල්පනා කලේ නංගී කෝමද මෙච්චර වයසක කෙනෙක් එක්ක තරුනයෙක් යහන් ගත වෙන්නෙ කියන එක.
අද සමාජෙ හැටි මතක් වෙද්දි ඇත්ටම දුකයි නංගී කියන්නකො ඉතුරු ටිකත්..
………………………………………………………….
තව මොනා කියන්නද සංජු එයාගෙ යූ ටියුබ් චැනල් එක දවසින් දවස දියුනු වෙද්දි මම නිසා ගොඩ ගියපු එයා සස්ක්රයිබ්ස්ල ලක්ශෙ පන්නද්දි මම ගෙදර ඉදන් කඳුළු බියුව සංජු .
එයා හොර ගෑනිටයි එයාගෙ අනිත් ගෑනුන්ටයි පාර්ටි දුන්නෙ එයා තනියම මේ ගමන ආව කියල පුරාජේරු දොඩන ගමන්.
ඒ දියුනු ගමනෙ ඇත්තම අයිතිකාරි උන මම කොට්ටෙට දුක කිය කිය කඳුළු බියුව සංජු එදා..
ඇත්ටම එයා එක්ක මාස ගානක් පවුල් ජීවිතේ ගතකරපු මට අංතිමට ඉතුරු උනේ හීන ලෝකයක් විතරයි සංජු .
දැන්නම් මට පිරිමි කියන සංහතියම එපා වීගෙන ඇවිත් සංජු සමාවෙන්න මෙහෙම ඔයාටම කියන්න උනාට.
දැන් දැන් දුක හංගන් හිනාවෙන්න මම උපරිම උත්සහ කරනව සංජු .
මට නැතිඋන දේවල් ගැන දුක නෑ ඒත් ආදරේ කියන දේනම් මට දැන් තිත්තයි සංජු .
හැබැයි මට මොන දේ නැති උනත් මම මගේ හීනෙට ගියා සංජු ඇත්ටම මම දැන් ගුරුවරියක් ඒත් සියල්ල අහිමි………………………………………………………………………………………………………සමාප්තයි……………………………………………………….