ඇහුවමත් හිනා යනවා නේහ්….. ? 

අහලා තියෙනවා ද කතාවක් ලන්තෑරුම උණ පඳුරෙ එල්ලපු කතාව? 

ඔබ තමුන්නාන්සේලා දන්නවා ඇතිනේ කමත ගැන…. ඔන්න බොහෝ…..මයක් කාලෙකට ඉස්සර මෙන්නෙ මෙහෙ කමතක ගොයම් පෑගිල්ලකදි තමයි මේක වෙලා තියෙන්නේ ……
ගොයම් පාගන්නෙ කමතේ නැකතකට නේ.. කොහොම හරි වැඩේ පටං ගනිද්දි හවස් ජාමෙ වෙලා… කලුවරයි නෙ….. එක ගොයියෙක් ගෙහුං ලන්තෑරුමක් ගෙනැල්ලා බැලුවලු තැනක් මේක එල්ලන්න…. වටපිට බලද්දි ආවා කදිම අදහසක්….. 

කමත ළඟ තිබ්බාලු ටිකක් උස උණ පඳුරක් ….. උසම උණ ගහ නවලා උඩින් ම එල්ලුවලු ලන්තෑරුම…..
ඊට පස්සෙ….
ඊට පස්සෙද? 

උණ ගහ අතෑරියා…..



ගහ දිහෑරුනා කැටපෝලෙ වගේ… ලන්තෑරුම උඩී…….න් ගොහින් විසි උනෑ කොහාටද මංදා…. හොයන්න බෑ කලුවරනේ….
අපොයි දැන් මක් කොරන්නද… ඕක දැන් හොයාගන්ටත් එපායෑ…..
කොහෙ හොයන්ටද කලුවර නෙව….
ඔතන හිටියා සෑහෙන්න “බුද්ධිමත්” ගොයියෙක් …
“මේ… මෙතන අහස පොළොව ගැටලන්ට කල්පනා කොර කොර තටමන්ට දෙයක් නෑ… ආ ගං මේ මගෙ ගිරේ….. මේක එල්ලාප තෝ ලන්තෑරුම එල්ලාපු අත්තෙම… ඒ කොරලා අතෑරපං…. ගිරේ වැටෙයි ලන්තෑරුම ගිය පාරෙම ගෙහුං ලන්තෑරුම උඩටම…… ආය… දන්නවනේ… ඊට පස්සෙ සද්දෙ ඇහිච්ච තැනින් හොයා ගනින් උබෙ ඔය බඩකඩිත්තුව….” ආ ඳා ගිරේ 



ඊට පස්සෙ…..
මොකුත් නෑ ඉතිං… ලන්තෑරුමත් නෑ… ගිරෙත් නෑ…..
සතුටින් විසිර ගියා..
උපුටා ගැනීම: Adheesha Abeysinghe