මේ පද පේළි කිහිපයේ ඇත්තම අර්ථය මොකක්ද?
ඩොරිමේ…..
ඉන්ටරීමෝ ආඩාපාරේ… ඩොරිමේ…
ආමේනෝ ආමේනෝ ලචිරේ..
ලචිරේ..මෝ……ඩොරිමේ…ආමේනෝ…
ඔමනරෙ ඉම්පෙරවි…අමේනෝ…
Feel my pain
Absorb me, take me, Feel my pain
Free me, Free me, discover me
discover my signs, feel my pain
The pain
Comfort me, realize, the pain
“මගේ වේදනාවන් දරාගන්න.. මාව ලබාගන්න.. මගේ වේදනාවන් දරාගන්න.. මාව නිදහස් කරන්න.. මාව නිදහස් කරන්න.. මාව සොයාගන්න.. මගේ සලකුණු හදුනාගන්න.. මගේ වේදනාවන් දරාගන්න… වේදනාව.. මාව සනසන්න.. වටහාගන්න.. වේදනාව..”
ඉතිහාස කතාව
Facebook ,Tik-tok සමාජ මාධ්‍ය වල මේ දවස් වල වසංගතයක් වෙලා තියෙන බැලූ බැල්මට ගුප්ත, ආගමික මුහුණුවරක් තියෙන ගීතයක් බව පැහැදිලියි. මේ කණ්ඩය මේ විදිහට එකපාරටම කරළියට ආවෙ කොහොමද කියල හොයන්න අපි හිතුවා. ඇත්තෙන්ම අවුරුදු 20 කට වඩා පරණ “ඩොරිමේ” මේ විදිහට viral sound track එකක් බවට පත් වෙන්නෙ අද ඊයෙක නෙමෙයි.
1964 දී ප්‍රංශ ජාතික ගීත රචක Guy Protheroe ගේ පද රචනයක් සංගීතවේදී Eric Lév, අතින් සංගීතවත් වෙනවා. ඒ “Era” කියන සංගීත “ව්‍යාපෘතිය” ට සමගාමීවයි. ඉතා ඉක්මනින් ප්‍රංශය, බෙල්ජියම, ලතින් ඇමරිකාව, ස්වීඩනය ඇතුළු රටවල් ගණාවක “අමෙනෝ-ඩොරිමේ” සාර්ථක ලෙස ප්‍රචාරය වුණා.
2009 වර්ෂයෙදි ලෝකයෙ පළමු පෙළේ සජීවී Game streaming platform එකක (Twitch), Noxious_hs නම් ක්‍රීඩකයෙක් game (Heatherstone) එකක් අතරතුර පසුබිමින් “ඩොරිමේ” වාදනය වෙන්න සලස්වනවා. ඒත් එක්කම සජීවීව එකතු වෙලා හිටපු නරඹන්නෙක්, හරියටම ආගමික වතාවතක් හෝ සංගීත සංදර්ශනයකදී වගේ “༼ つ ◕_◕ ༽つAMENO༼ つ ◕_◕ ༽つ” යනුවෙන් comment කරනවා. ඒත් එක්කම සජීවීව සම්බන්ධ වෙලා හිටපු හැම දෙනාම මේ විදිහටම comment කරන්නට පටන් ගත්තා. අවසානයේ අදාළ Game Play එකේ වීඩියෝව අසීමිත විදිහට සමාජ මාධ්‍ය වල “ජනප්‍රිය” වෙන්නේ කිසිවෙකුත් නොහිතපු විදිහටයි.
2014 දි වගේම 2015 දීත් වරින් වර “ඩොරිමේ” හි remixes නිර්මාණය උණත්, ඒ සිදුවීමෙන් පස්සේ “ඩොරිමෙ” ආයෙමත් වරක් 2019 වර්ෂයේදී ලෝකය පුරා ජනප්‍රිය වෙන්නේ “Tik-tok” හරහායි. කණ්ඩයේ තිබෙන අද්භූත, බියකරු බව නිසා සහ වරක් ඇහුවායින් පස්සේ අසාමාන්‍ය විදිහට මනසේ රැව් දෙන ස්වභාවය නිසා “ශාපලත් ගීතය” (“Cursed Tik-tok Song”) විදිහට “ඩොරිමෙ” හඳුනවන්නට පටන් ගන්නවා. 2019 වසර ඇතුළත Tik-tok වල පමණක් videos තුන්ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට “ඩොරිමේ” පසුබිම් සගීතය විදිහට භාවිතා වෙනවා. එයින් නොනැවතී, 2019 නොවැම්බරය වෙද්දි YouTube සමාජ මාධ්‍යයත් ආක්‍රමණය කරන්න “ඩොරිමේ” සමත් වුණා.
“ඩොරිමේ” Facebook සම්ප්‍රාප්තිය
Tik-tok, YouTube වලින් නොනවතින “ඩොරිමේ” ඒ කවරකටත් වඩා වේගයෙන් FaceBook හරහා ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. Chims හෙවත් Doge, Patrick වගේ සුප්‍රකට meme characters, යාඥා කරන ඉරියව්වෙන් ඉන්න meme templates, සහ meme videos වල පසුබිම් වාදනයක් විදිහටත් අද වෙනකොට “ඩොරිමේ” සමාජගත වෙලා තිබෙනවා.