Titanic ගැන ඔබ නොදත් කරුණු (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

Titanic ටයිටැනික් නැව හදන්නේ white star කියන නැව් සමාගම. ඒක හදන්න පටන් පටන් ගන්නෙ 1909. 1911 මැයි 31 වෙනිදා නැව සම්පුර්ණයෙන්ම හදල ඉවර කරනවා. මේ කාලේ නැව් සමාගම් අතර ලොකු තරගයක් තිබිලා තියෙනවා. හරියට දැන් කාලේ ෆෝන් කම්පැනි අතර තියන තරග වගේ. කොහොමහරි ටයිටැනික් නැව දෙවියන්ටවත් ඉල්ලන්න බෑ කියලා මේ සමාගම විසින් මිනිස්සු අතර රාවයක් යවනවා. Titanic නැව එවකට නිපදවුණු විශාලතම නැව.
නැවේ හිටපු බෑන්ඩ් එක නැව ගිලෙන කල්ම පැය ගානක් එක දිගට වැඩ කරලා තියෙනවා. නැවේ තිබුණු රත්තරන් වල වටිනාකම රුපියල් වලින් නම් 800790000 ලු. නැවේ සුන්බුන් හොයන්න අවුරුදු හැත්තෑ තුනක් ගිහිල්ලා තියෙනවා. අයිස් කුට්ටියක හැපිලා ගිලුනු එකම සාගර නෞකාව Titanic. අයිස් කුට්ටියේ හැපිලා පැය දෙකයි විනාඩි හතලිහක් ගිහින් නැව සම්පූර්ණයෙන්ම ගිලෙන්ඩ. අයිස් කුට්ටියේ හැප්පුනා කියන පණිවිඩය මෙහෙයුම් මැදිරියට දෙන්න තත්පර තිහක් පරක්කු නොවුනානම් ටයිටැනික් නැව ගිලෙන්නෙ නැතිව බේරගන්න තිබුණා ලු.
නැව පිට කරපු ජීවිතාරක්ෂක බෝට්ටු එකක්වත් සම්පූර්ණ ධාරිතාවට පිරිලා තිබිලා නෑ. මේ ඉස්සරහම මැදිරි හතරකට වතුර ඇවිල්ලා තියෙන්නෙ වතුර එන්න අවදානමක් වත් නොතිබෙද්දි. නැවේ හිටපු මිනිසුන්ගේ සියයට පනස් තුනක් ම ජීවිතාරක්ෂක බෝට්ටු වලින් බේරිලා යන්න තිබ්බත් බේරිලා තියෙන්නේ සියයට තිබ්බෙ තිස් එකයි.
එන්ජින් එකේ වැඩ කරපු එක සේවකයෙක් වත් නැව ගිලෙද්දී පැනලා දුවලා නෑ ඒගොල්ලො දිගටම නැව ක්රියාත්මක කරන්න ඉඳලා තියෙනවා අනිත් අයට බේරෙන්න වෙලාව අරන් දෙන්න ඕනේ නිසා.
1881 ටයිටැනික් නැව ගිලෙන අවුරුදු 14කට කලින් මෝගන් රොබට්සන් කියන ලේඛකයා පොතක් ලියලා තියෙනවා. Titan කියලා අයිස් කන්දක හැප්පිලා ගිලෙන නැවක් ගැන. ඒ පොතේ නැව the wreck of the titan කියලා මුද්රණය කරලා තියෙනවා. Titanic නැවට වඩා අද තියෙන නැව් අයිස් කුට්ටියක හැපීමේ සම්භාවිතාව වැඩියිලු. නැවේ පළමු පන්තියේ කාමරයක් රුපියල් 11002168 ලු. Titanic නැව හැප්පුණු අයිස් කුට්ටිය ඔතනට එන්නේ ක්‍රිස්තු පූර්ව 1000 විතර ඉඳන් උත්තර ධ්රැවයේ සිට පාවෙලා එන අතරමගදී.

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!