traffic unit (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ඉතින් මට මේ අපේ එහා පැත්තෙ තියෙන බාලිකා පාසල නිසා වෙච්ච වැඩක්. දැන් ඉතින් කලින් කතාවෙන් අපේ පාසලේ නම දැනගත්තනෙ. ඒ නමම තියෙන බාලිකා පාසලක් තමා අපිට එහා පැත්තෙන් තිබ්බෙ.
මන් ඔය කාලෙ ඇටෙන් පොත්තෙන් මෝරන ගැටය. ඉස්කෝලෙ හොස්ටල් හිටපු නිසාම ගැහැණු පුළුටක් හරි ඇහැට දකින්න ලැබුවෙ ගෙදර ගියාම නිසා 8 වසරෙදිම මාත් ඉස්කෝලේ traffic unit එකට සම්බන්ධ උනා. අන්න සංගම් නම් සංගම්. මොනා උනත් ඒකෙ හිටපු අයියලයි රෝහණ ප්රමාදිගේ සර් නිසයි විනය නම් හැදුන. හරියට uniform එක අදින්න, සපත්තු පොලිශ් කරල කොන්ඩෙ හරියට පීරන්න වගේම තැනක ගිහින් හැසිරෙන්නත්. මොකද ඉස්සෙල්ලම කියාදුන්න දේ තමා එළියෙ ඉන්න අපි දිහා බලල තමා ඇතුලෙ ඉන්න අය ගැන හිතාගන්නෙ. ඒක නිසා අපි හොන්දට පුරුදු උනා හොරෙන් ගෑල්ලමයි දිහා බලන්න කාටවත් නොතේරෙන්න. අනික ඇටෙන් පොත්තෙන් එන කාලෙනෙ, ගෑල්ලමයි බලන්නම ඕකට සම්බන්ධ වෙච්ච එකේ ඒ වැඩේ නොකරත් බෑනෙ.
හරි හරි අටුවා ටීක වලින් වැඩක් නෑ දැන් කතාවට බහිමුකො. මන් ඉතින් ඔන්න ඔය සන්ගමේ ඉද්දි, මන් වැඩිපුරම ආස පාසලේ පිටිපස්සෙ, එහෙම නැත්නම් ප්රයිමරි ගේට්ටුවෙ ඩියුටි වලට යන්න. දන්නෝ දනිති හේතුව ඉතින්. ප්රධාන හේතුව කියන්න බෑ ඒක කිව්වොත් තත්වෙට හරි නෑ දැන්. ලොකුම හේතුව නොකිව්වට උප හේතුවක් තමා අල්ලපු බාලිකා පාසලේ පිටිපස්සේ ගේට්ටුවත් ඔය පැත්තට සෙට් වෙනව වගේම, ගෝතමී සන්ඝමිත්තා වගේ ඉස්කෝල වල නන්ගිලාවත් බලාගන්න පුළුවන් නිසා 😉
දවසක් ඔහොම ගිහින් ඩියුටි ඉවර කරලා අපේ සෙට් එක පල්ලම් බහිනව බාලිකා පාසලයි අපේ පාසලයි අතර තියෙන පාර දිගේ.
ඔහොම එද්දි පරක්කුවෙලා ආව ස්කූල් වෑන් එකක හිටපු මගෙ ගජයෙක් දැකල මට කතා කරපු නිසා මාත් බුවාට කතා කර කර ඉස්සරහට ගිය. දැන් බස් එක යන පැත්තට නෙමෙයි අපි යන්නෙ. ඒක නිසා මට බෙල්ල පස්සට හරෝගෙන තමා අරූට කතා කරන්න වෙන්නෙ. අනේ කියන්න සතුටුයි මිත්රවරුණි වචන දහයක් කතා කරන්න උනේ නෑ පාරෙ හිටවල තිබ්බ කණුවක මගෙ ඔළුව සද්දෙටම වැදුන. අම්මප කියන්නෙ ඔලුව රිදුනෙ නැතත් අරූගෙ නෝන්ඩි හිනාවයි, ඊට පිටිපස්සෙන් ආපු බාලිකා බස් එකේ කෙල්ලන්ගෙ හිනාවයි, පයින් ආපු කෙල්ලන්ගෙ හිනාවටයි හිත රිදුණ ඊට වඩා. ආයෙ සති දෙකක් විතර යනකන් ඒ පැත්තෙ ගියා තියා බැලුවෙත් නෑ විතරක් නෙමෙයි ට්රැෆික් යුනිට් එක පැත්තෙන් ගියෙ යලට මහට. මොනා උනත් මන් පස්සෙ අරූ මට හිනා උනාටනම් වාඩුවක් ගත්ත.
උපුටා ගැනීම: Ayesh Ariyasena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!