හදිස්සියේ අනපේක්ශිත අන්දමට මියයන ටුටන්කාමන්ව සොහොන්ගත කෙරෙන්නේ වෙනත් පුද්ගලයෙකුට සෑදූ සොහොන් ගර්භයක් තුල…
ක්රිස්තුපූර්ව 1341 කාලයේ මෙලොව එළිය දකින ටුටන්කාමන්ගේ උපත් නම ටුටන්කාටෙන්… එකල ඊජිප්තුවේ පාලකයා වූ ආකෙනටෙන් රජු තමා ඔහුගේ පියා… ඔහුගේ මව වෙන්නේ පියාගේ අග බිසව වූ නෙෆර්ටිටි රැජින නෙවේ… මව වෙන්නෙ පියාගෙම නැගනියක්…
දෙමාපියන් දෙදෙනා සහෝදර සහෝදරියන් වීම නිසා උපතේ සිටම ඔහුගේ ශරීරයේ විකෘති වීම් දක්නට ලැබිණ බව ඔබ දන්නවා ඇති…
ඉතින් ටුටන්කාමන් ගේ පියා වූ ආකෙනටෙන් රජුගේ සහ මවගේ යන දෙන්නගෙම අම්ම වෙන්නේ ටියා රැජින… ඒ කියන්නේ ටුටන්කාමන් රජුගේ අත්තම්මා සහ ආච්චි වෙන්නේ රැජින තමා මේ…
මේ ඇයගේ මුහුන තාක්ශනය හරහා ප්රතිනිර්මාණය කල ආකාරය…. ඇයගේ මමිය හමු වෙන්නෙත් තුනවන ආමෙන්හොටෙප් රජුගේ සොහොන් ගැබ තුලදීම… ඒ කියන්නේ ටුටන්කාමන් රජුගේ සීයාගේ සොහොන් කුටිය තුලම තිබී…
කොහොම හරි මෙම මමියේ කොන්ඩය පවා අවුරුදු 4500ක් ගෙවී ගියත් හොදින් සුරක්ශිත වී තිබුනා…
කොහොම හරි ප්‍රතිනිර්මාණය කල රූපය අනුව බලද්දි ඇය ගොඩක් හැඩයි…😊
ඔබ බලයි ආච්චිගේ මුහුන කොහොමද මේ තරම් තරුන උනේ කියලා.. වොහාරික විශේෂඥයන් DNA හරහා ඔවුන්ගේ මුහුනු ප්‍රතිනිර්මාණය කරද්දි පරිනත අවදියේ පෙනුම තමා ලබාගන්නේ…
උපුටා ගැනීම: රාම් වණා