“ඌ හෙන කපටියෙක්” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වසර කීපයකට පෙර එක්තරා දිනයක හවස් වරුවේ කෑගල්ල නගරයේ පොදු වෙළදසැල ලගදි පිටට තට්ටුවක් වැටෙනවා.
“මල්ලි, ටවුමට ආවද?”
කෑගල්ල අවටත් ඉන් පිටටත් ඒ වන විට විශාල පිරිසක් ඇසුරු කරපු නිසා කතා බහ කරල ගිය සමහරු කවුද කියල අදටත් දන්නෙ නැහැ.
“පොඩි වැඩකට ආව ගමන්”
“මාව මතකනෙ..මම අහවල් අයියගෙ යාලුවෙක්”
ඒ අහවල් අයිය නම් දන්නවා. හැබැයි මෙයා ගැන නම් මතකයක් නැහැ.
“මමත් බඩු වගයක් ගන්න ආව මල්ලි. මම එක්කම ත්රීවීල් එකේ යමු.”
එහෙම කියල කඩයක් අස්සට රිංගපු අයියා තව ටිකකින් එලියට එනවා.
“මල්ලි,තෙල් ගහන්න සල්ලි මදි. රුපියල් තුන්සීයක් තියනවා නම් දෙන්නකො.යන ගමන් තාත්තගෙ කඩෙන් ගමු”
පර්ස් එක අරිනකොට තිබනෙ එකම පන්සීයෙ කොලයයි.
මේකම දෙන්න මල්ලි. මම ඉක්මනට එන්නම්”
අදට වසර දහයක් . එතුමා තාම තෙල් ගහගෙන ආවෙ නැහැ.
අපේ වත්තෙ පුවක් ගස් විශාල ප්රමානයක් තිබුනා. මම කඩපු පුවක් වගයක් ගෝනියකට එකතු කර කර ඉන්නකොට එක මහත්තයෙක් පාර අයිනෙ ඉදල මටකතා කලා.
“බබා, අන්න කසිප්පු අල්ලන්න පොලීසියෙන් ඇවිත්.ගෙදර යන්න”
මම ගෙදර දුවල ටිකකින් ආයෙත් ඇවිත් බලනකොට පුවක් ටික අතුරුදහන්. හැබැයි ගෝනියක් කරේ තියන් ගිය කෙනෙක් ගැන නම් ආරංචි වුනා.
ඉස්සරෝම කරපු බිස්නස් එක.මඩපුවක් 2500ක් දුන්නා. කොළඹට ගෙනිහිං විකුනලා සල්ලි දෙන්නම් කීව මුදලාලි කොළඹ ගිහින් ඇවිත් කියනවා එතුමගෙ සල්ලි ටික හොරු ගත්තා කියලා.
කොළබට ආව ඉස්සරෝම දවසෙ යට කෑලි විකුනන අයියෙක් එනවා..
“ගන්න මල්ලි.. පනායී”
ලාභයිනෙ.. පෙට්ටියක් අරගෙන පනහක් දුන්නම..
“එකක් පනායී.. මේකෙ තුනක් තියේ..එකශිය පනායී..”
“මල්ලි ඉංග්රීසි පුලුවන්ද ” කියල තවත් පොරක් අහනවා.
ඔව්.. කියල කීවාම මූ සිංහලෙන් කියනවා රජරට කැම්පස් එකේ ඉගනගන්නෙ. පර්ස් එක නැති වුනා. යන්න විදිහක් නෑ. රුපියල් 200/=ක් පුලුවන් නම් දෙන්න කියලා.
නොදී ඉදීද මම…
යනගමන් කියනවා. “එකවුන්ට් එකට දාන්නම් ” කියලා. හැබැයි මගේ එකවුන්ට් නම්බර් එක ඉල්ලුවේ නැහැ.
කෘතිම කකුලක් දාන්න තව දහදාහක් අඩු මහත්තයෙක් බස් එකට එනවා. මිනිහට සීයක් දුන්නම ඊට මාස දහයකට විතර පස්සෙ මෙන්න මිනිහ ආයෙත් මහරගම බස් එකකත් කියනවා කකුල දාන්න 10,000 ක් මදි කියලා.
බඩු මල්ල වැටිලා හාල් ටික අහුලන මහත්මයාටත් සීයක් දෙනවා. ඒ මනුස්සයාගෙ ඒ වගේම බඩු මල්ලක් ඊට සතියකට විතර පස්සෙ කොටුවෙ ටෙලිකොම් එක ඉස්සරහත් වැටිල.
කැළනිය විශ්ව විද්යාලයේ ආදි ශිශ්ය සංගමයට රුපියල් පනහක පරිත්යාගයක් කරනවා බස් එකට නැගපු අයියෙකුට. පස්සෙ මතක් වෙනවා විශ්ව විද්යාලවල එහෙම ඒවා නෑ කියලා.
සුපර් මාකට් එකක පන්සීයක් ගත්තම ඩිස් කවුන්ට් එකක් දෙනවලු.. පන්සීයට ග්රෑම් පහක් වැඩී කියල ඩිස්කවුන්ට් එක නෑ..
පොතක් පතක් සටහන් වගේ ගිය ඒවත් ආයෙත් එන්නෙ එහෙමත් කෙනෙක්ගෙන් විතරයි.
බස් එකේ යන්න තියන රුපියල් දහය හරි දීලා අපි පයින් යනකොට මෝඩයා.
ලැබෙන්න තියන ඒවත් එපා කියල පැත්තට උනාම අපි මෝඩයා.
“අපිටත් කරදරයි” කීවම හා කීවම අපි මෝඩයා. වෙන එකක් තියා මූණ බැලුවම අං තට්ටුවකුත් එක්කයි පේන්නෙ.
බැරිවෙලාවත් අනුංගෙ ගැටේකට අහුවුනේ නැත්තම්… අන්න එතකොට ..
“ඌ හෙන කපටියා”
සුනිල් පෙරේරා මහත්තයාගෙ සින්දුවක් තියෙන්නෙ “අපි නම් ගගේ පනිනවා” කියලා.
අන්න ඒකෙ වගේ අපි ගොඩක් වෙලාවට කරන අනවශ්ය වැඩ වලින් පාඩම් ඉගනගන්නෙ නෑ…
එකම මෝඩ වැඩේ වෙන විදිහකට හරි කරනවා. ඒක මේ සමාජයේ ඉන්න ගොඩක් දෙනෙකුට වැරදුන තැනක්.
අන්න ඒ නිසා ජාතික සහ ජ්යාත්තන්තර ප්රමිතීන්ට අනුව අපිව අන්දන සහ ඇන්දෙන ලෝකෙක අපි ජීවත්වෙන නිසාම “මීටරෙන් ජීවිතේ” කියල කොරෝනා වලට මීටරෙන් ඉන්න ගමන් ජීවත් වෙනකොටත් මීටරෙන් ඉමු.
ස්තුතියි .
උපුටා ගැනීම: නන්දන ජයසේකර ..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!