උදෑසන දවස පටන් ගැනීමේදී ඔබ පුරුදු විය යුතු දේවල් 5 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපි ගොඩක් දෙනාගෙ උදෑසන දින චර්යාව සමානයි. නමුත් ටිකදෙනෙක් එයාලගේ දවස හොඳින් පටන් ගන්න පාවිච්චි කරන ඵලදායී ක්‍රම කිහිපයක් ගැන තමයි අපි අද ඔයාට කියන්න යන්නේ.

1. ඔයාගෙ කන් දෙක මසාජ් කරන්න

කන් දෙක මසාජ් කරන එකෙන් ඔයාගෙ නිදිමත නැති වෙලා යනවා. ප්‍රබෝධමත්ව නැගිටලා ඉන්න උදව් වෙනවා. මේක ඔයාට උදේ නැගිටපු ගමන් ඇඳේ ඉඳගෙනම කරන්න පුලුවන්. මේ විදියට කන හා කන වටේ මසාජ් කරන එකෙක් ඔයාට ශක්තිමත්ව හා නැවුම්ව දවස පටන් ගන්න පුලුවන් වෙනවා.

2. ලෙමන් දැමූ වතුර වීදුරුවක් බොන්න

උදේට කෝපි කෝප්පයක් වෙනුවට ලෙමන් දැමූ උණු වතුර වීදුරුවක් බොන එක ඔයාගෙ සෞඛ්‍යයට ගොඩක් වාසි ලබා දෙනවා. ඔයාගෙ ආහාර ජීර්ණය වගේම වකුගඩු හා බඩවැල්වල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනවා. එමගින් ඔයාගෙ ශරීරයෙන් විෂ ඉවත් කරන නිසා ඔයාගෙ ප්‍රතිශක්තිය ශක්තිමත් කරනවා. එක වීදුරුවකට දෙහි ගෙඩියක්ම ඕන වෙන්නේ නෑ. දෙහි බෑවක් හෝ ඒකෙනුත් බාගයක කෑල්ලක් හොඳටම ඇති. මේක බීලා විනාඩි 20-30ක් ඉඳලාම උදේ ආහාරය ගන්න.

3. ඔබේ දිව පිරිසිදු කරන්න

දවසකට දෙපාරක් අපි අපේ දත් මදින්න ඕනෙ කියලා ඔයාලා දන්නවා. එතනින් නවතින්නේ නැතුව බැක්ටීරියා දහස් ගානක් ඉන්න ඔයාගෙ දිවත් හොඳින් පිරිසිදු කරන්න ඕන. දිවේ බැක්ටීරියා එකතු වුණාම ඔයාගෙ කටෙන් දුගඳක් හමනවා වගේම දත් දිරායාම වගේ දත්වල ගැටළුත් ඇති වෙනවා. ඔයාගෙ සාමාන්‍ය දත් බුරුසුවෙන්ම දත් මදින වෙලාවට දිවත් හොඳින් පිරිසිදු කරන්න මතක තියාගන්න.

4. මී පැණි හැන්දක් කන්න

මී පැණි ඔයාට ශක්තිමත් බවක් ගෙන දෙනවා. ඔයාගෙ මතකය හා ක්‍රියාශීලී බව වැඩි කරන අතරම කැස්ස සුව කරලා ආසාත්මිකතා රෝග ලක්ෂණ අඩු කරනවා. උදේ ආහාරය ගැනීමට විනාඩි 15-20 කට කලින් නැවුම් ස්වාභාවික මී පැණි හැන්දක් ආහාරයට ගන්න. සීනි තියන අය මී පැණි හැන්දක් වතුර වීදුරුවක දිය කරලා බොන්න.

5. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්වලින් ඔබේ කට සෝදන්න

ඔයාගෙ උදෑසන දින චර්යාව අවසන් කරන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්වලින් කර සෝදන්න. වතුර මිලිලීටර් 50කට 30% සාන්ද්‍රණය ඇති පෙරොක්සයිඩ් බිංදු 5-7 ක් විතර එකතු කරලා කට සෝදන්න. මෙහෙම කලොත් ඔයාට ඔයාගෙ දත් සුදු කරගන්නත්, කටේ දුගඳ නැති කරගන්න වගේම විදුරුමස් ආරක්ෂා කරගන්නත් පුලුවන්.

 

උපුටා ගැනීම: adobae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!