කරීකා පපායා යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ගස් ලඹු මිනිස් ශරීරයට ඉතාමත් ගුණදායී පළතුරකි. විශේෂ රසයකින් යුත් ගස් ලඹු උදෑසන ආහාරයට ගැනීම මගින් ඔබට සෞඛ්‍ය වාසි රාශියක් හිමිකර ගත හැක. ගස් ලඹු අවුරුද්ද පුරාවටම ඵලදාව ලබා දෙන පළතුරක් නිසා, සොයා ගැනීමට ඉතා පහසුය. ගස් ලඹු උදෑසන ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රධානම සෞඛ්‍ය වාසි වන්නේ හදවත් රෝග, පිළිකා, දියවැඩියාව වැනි බරපතල රෝග වැළදීමට ඇති හැකියාව පැහැදි ලෙස අඩු කරනු ලබයි. තවද ආහාර ජීර්ණය පහසු කරන අතර රුධිර පීඩනය පාළනය කර ශරීරය නිරෝගීව පවත්වාගෙන යාමට අවශ්‍ය වට පිටාව සකසා දේ.
ගස් ලඹු පළමුව හදුනා ගත්තේ මෙක්සිකෝවෙන් වන අතර පසුව ඇමෙරිකාව, කැරිබියන් දූපත්, ඉන්දියාව, ශ්‍රීලංකාව සහ ඉන්දුනිසියාව දක්වා පැතිර ගියහ. නමුත් මේ වන විට ලොව වැඩිම ගස් ලඹු ප්‍රමාණයක් නිෂ්පාධනය කරනුයේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය වසරකට ටොන් මිලියන 5ක් පමණ වේ. අද අප ඔබට පෙන්වන්නේ උදෑසන ගස්ලඹු ආහාරයට ගැනීම මගින් ඔබගේ ශරීරයට සිදුවන විශේෂ දේවල් 8ක් පිළිබද විස්තරයකි.
1. ආහාර ජීර්ණය පහසු කර මළ බද්ධය නැති කරයි
ගස් ලඹු වල පැපීන් නම් විශේෂිත එන්සයිමයක් පිහිටා ඇති අතර මෙම එන්සයිමය ප්‍රෝටින් විභාධනය මගින් ආහාර ජීර්ණය පහසු කිරීම සදහා උපකාරි වේ. තවද මෙම එන්සයිමය මගින් ස්වභාවිකවම ආහාර මාර්ගයේ විශ ඉවත් කරනු ලබයි. ගස් ලඹු වල තන්තු සහ ජලය විශාල ප්‍රමාණ වලින් අඩංගු වේ. එම නිසා උදෑසන උදෑසන ගස් ලඹු ආහාරයට හෝ පානයට ගැනීම මගින් මළ පහ පිට වීම ක්‍රමවත් වන අතර මළ බදධය නැති කරනු ලබයි.
2. රාත්‍රී අන්ධතාවය වළක්වා ඇස් නිරෝගිමත් කරයි
ගස් ලඹු වල බීට කැරොටීන් වැනි ෆ්ලෙවනොයිඩ් වර්ග සහ ලූටයින්, සෙක්ස් සැන්තීන් වැනි ප්‍රති ඔක්සිකාරක අඩංගු වේ. මෙමගින් ඇසේ පටල වලට හානි සිදුවීම වළක්වන අතර රාත්‍රී අන්ධතාවය නැතිනම් වයසටයාමත් සමග ඇතිවන රාත්‍රියේදී පෙනීම අඩු බව නැති කරයි. තවද ගස් ලඹු වල ඇති සෙක්ස් සැන්තීන් ප්‍රති ඔක්සිකාරයකය මගින් අහිත කර කිරණ මගින් ඇසට සිදුවන හානිය අවම කරවයි.
3. සම පැහැපත් කරයි
ගස් ලඹු වල විටමින් C සහ ප්‍රති ඔක්සිකාරක බහුලව අඩංගු වන අතර කිමෝ පැපීන් නම් එන්සයිමයක්ද අඩංගු වේ. මේවා මගින් සම පැහැපත් කර සම පිරිසිදු කරන අතර කිමෝ පැපීන් නම් එන්සයිමය මගින් සමෙහි මැරුණු සෛල ඉවත් කර සමේ කුරුළෑ ඇති වීම වළක්වයි. විටමින් C බහුලව අඩංගු නිසා සමෙහි කොලැජන් නිෂ්පාධන වැඩි කරන අතර දිදුළන පැහැදිලි සමක් ඔබට ලබා දේ.
4. හදවත් රෝග ඇති වීම වළක්වයි
ගස් ලඹු වල පොටෑසියම්, තන්තු, විටමින් වර්ග, ප්‍රති ඔක්සිකාරක සහ ෆයිටො පෝෂක විශාල ප්‍රමාණ වලින් අඩංගු වේ. මෙමගින් රුධිර ධමනි වල ලේ කැටි හිර වීම වළක්වන අතර හදවත් රෝග ඇති වීමට හේතු සාධක නැති කරනු ලබයි.
5. දියවැඩියාව පාළනය කරයි
පරීක්ෂණයක් මගින් හෙලි වී ඇත්තේ අමු ගස් ලඹු උදෑසන ආහාරය ගැනීම මගින් රුධිරයේ ඇති සිනී සහ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාළනය කරන බවයි. විශේෂයෙන් ගස් ලඹු වල ඇති තන්තු මේ සදහා වැදගත් වේ. කුඩා ගස් ලඹු කැබැල්ලක ග්‍රෑම් 3ක තන්තු ප්‍රමාණයක් පවතී.
6. දිදුළන කෙස් කළඹක් ලබා දේ
ගස් ලඹු වල විටමින් A සැළකිය යුතු ප්‍රමාණයක් පවතී. මෙම විටමින් A සේබම් ස්ථරය නිෂ්පාධනය සදහා අවශ්‍ය වේ. සේබමය හිසකෙස් සිනිදු සහ දිගුවට වැඩීම සදහා අවශ්‍ය වන ස්ථරයයි. ගස් ලඹු වැඩිපුර ආහාරයට ගැනීම මගින් ඔබටත් සිනිදු සහ දීප්තිමත් කෙස් කළඹක් ලබා ගත හැකිය.
7. අස්ථි ශක්තිමත් කරයි
විටමින් K සහ කැල්සියම් ඌණතාවය අස්ථි දුර්වල වීම සදහා ප්‍රධානව බලපානු ලබයි. නමුත් ගස් ලඹු වල කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ කොපර් අවශ්‍ය ප්‍රමාණ වලින් අඩංගු වේ. එම නිසා ආතරයිටීස් වැනි අස්ථි ආශ්‍රිත රෝග වළක්වා අස්ථි ශක්තිමත් කරනු ලබයි.
8. රතුරුධිරාණු නිෂ්පාධනය වැඩි කරයි
ගස් ලඹු වල ෆෝලේට් නැතිනම් ෆෝලික් අම්ලය අඩංගු වේ. ෆෝලික් අම්ලය ඇට මිදුළු තුළ රතු රුධිරාණු සහ සුදු රුධිරාණු නිපදවීම සදහා ඉතා වැදගත් වේ. ගස් ලඹු එක පලුවක ෆෝලික් අම්ල මයික්‍රො මිලිග්‍රෑම් 85.26ක් අඩංගු වේ.
උපුටා ගැනීම: BENIPOST