උදෑසන කෙසල් යුශ වීදුරුවක් පානයෙන් ඔබේ ශරීරයට සිදුවන දේවල් 6ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කෙසෙල් යුශ නැතිනම් කෙසෙල් බීම වල ශරීරයට හිතකර සංඝඨක රාශියක් අඩංගු අතර විටමින් සහ ඛනිජ ලවණ බහුලව පවතී. කෙසෙල් වර්ග 60කට වඩා ලොවපුරා ඇති අතර, විශේෂයෙන් යුරෝපයේ සහ අනෙකුත් බටහිර රටවල මිනිසුන් උදෑසන කෙසෙල් යුශ නැතිනම් කෙසෙල් බීම පානය සදහා පුරුදුව සිටී. කෙසෙල් වල ඇති පොටෑසියම්, මැග්නීසියම්, විටමින් B3, B6 සහ B6 ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඉහළ දමන අතර ඔබව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි.

අද ලිපියෙන් අප ඔබට විස්තර කරන්නේ උදෑසන කෙසෙල් යුශ නැතිනම් කෙසෙල් බීම වීදුරුවක් පානය මගින් ඔබගේ සෞඛ්‍යට සිදුවන යහපත් බලපෑම් පිළිබද විස්තරයකි. කෙසෙල් බීම වීදුරුව සාදා ගැනීම සදහා ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්, මීපැණි මේස හැදි 1ක් සහ කිරි වීදුරු 1ක් අවශ්‍ය වේ. කෙසෙල් බීම සාදා ගන්නේ මෙසේය. පළමුව කෙසෙල් ගෙඩි කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩරයට දමා ගන්න පසුව එයට මීපැණි තේ හැන්දක් සහ කිරි වීදුරුවක් එක්කර අවශ්‍ය නම් අයිස් කැට කිහිපයක් දමා විනාඩි 2ක් 3ක් පමණ බ්ලෙන්ඩර් කර පානයට ගන්න. පහත ඇත්තේ උදෑසන කෙසල් යුශ වීදුරුවක් පානයෙන් ඔබේ ශරීරයට සිදුවන දේවල් 6ක් පිලිබද විස්තරයකි.

 

1. රුධිර පීඩනය පාළනය කරයි

කෙසෙල් වල ඇති පොටෑසියම් මගින් රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන යමට උදව් වන අතර දිනකට මිනිස් ශරීරයට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණයෙන් 10% එක් කෙසෙල් ගෙඩියක පවතී. උදෑසන කෙසෙල් බීම වීදුරුවක් පානය කිරීම මගින් හදවත් සහ සම්බන්ධ රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.

 

2. මානසික ආතතිය නැති කරයි

මානසිය ආතතිය නැති කිරීම සදහාද වැදගත් වනුයේ කෙසෙල් වල ඇති පොටෑසියම් මට්ටමයි. උදෑසන කෙසෙල් බීම වීදුරුවක් පානය මගින් මානසික ආතතියෙන් තොර ප්‍රබෝධමත් දිනයක් ගත කිරීමට අවශ්‍ය ලෙස ඔබගේ මනස සැහැල්ලුකරනු ලබයි.

 

3. ඔබව ශක්තිමත් කරයි

කෙසෙල් යුශ වල විවිධ් ආකාරයේ ශරීරයට හිත කර සහ ශක්තිය ලබා දෙන සීනී වර්ග කිහිපයක් අඩංගු වේ. ඔබ කෙසෙල් බීම වීදුරුවක් උදෑසන පානය මගින් ඔබට දිනය ප්‍රොබෝධමත්ව ගත කිරීමට අවශ්‍ය කායික සහ මානසික ශක්තිය ලබා දේ.

 

4. ප්‍රතිශක්තීකරණය ඉහළ නන්වයි

කෙසෙල් බීම වල ඇති විශේෂ විටමින් C සහ අනෙකුත් අත්‍යවශ්‍ය විටමින වර්ග මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාවලිය ඉහළ නන්වන අතර කෙසෙල් වල ඇති ඇස්ක්‍රෝබික් අම්ලය මගින් සුදු රුධිරානු ප්‍රතිශතය වැඩි කර ඔක්සිකාරක මගින් සෛල වලට සිදුවන හානිය අවම කරයි.

 

5. ශරීරයෙන් විශ ඉවත් කරයි

කෙසෙල් බීම වල ඇති තන්තු, විටමින් B6 සමග එක්වෙමින් ශරීරයේ ඇති විශ ද්‍රව්‍යන් ශරීරයෙන් බැහැර කිරීම සිදු කරයි. තවද මෙම ක්‍රියාවලිය මගින් අක්මාවේ සහ වකුගඩු වල ක්‍රියා කාරීත්වය ක්‍රමවත් කර අනවශ්‍ය විශ ද්‍රව්‍ය ගරීරයෙන් බැහැර කරයි.

 

6. ආහාර ජීර්ණය පහසුකරවයි

කෙසෙල් බීම වල ඇති සුවිශේෂි තන්තුමගින් ආහාර ජීර්ණය පහසු කරන අතර මළ බද්ධයෙන් පෙළෙන අයවලුන් සදහා ඉතා වැදගත් වේ. උදෑසන කෙසෙල් යුශ වීදුරුවක් පානයමගින් මළ පහ කිරීමේදී කිසිදු අපහසුතාවයක් ඇති නොවේ.

 

 

උපුටා ගැනීම:  https://news13daily.com/6-health-benifits-of-drinking-banana-juice-in-the-morning/

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!