“දවසකට ඇපල් ගෙඩියක් කෑමෙන් වෛද්‍යවරයා හමුවෙන්න යන ගමන් වාර ගණන අඩුකරගන්න පුලුවන්” කියලා කතාවක් තියනවා. හැබැයි දිනපතා උදෑසන ආහාරය ලෙස බිත්තර පිඟානක් හෝ යෝගට් කෝප්පයක් ගැනීම ගැන මොකක් ද කියන්න පුලුවන්? උදෑසන ආහාරය නීරස බවක් දැනුණත්, හැම උදෑසනකම එකම දෙයින් බඩ පුරවා ගැනීමෙන් ඔයාව යහපත් පුද්ගලයෙක් බවට පත් කරන්න පුලුවන්.
දිනපතා ඕට්ස් කෝප්පයක් ආහාරයට ගැනීමෙන් ඔයාගෙ සාර්ථකත්වයේ ඉණිමඟේ මුල්ම පියවර තියන්නෙ කොහොමද කියන එක ගැන තොරතුරු කිහිපයක් අද අපි ඔයාට අරගෙන එන්න හිතුවා.
01. ඔබට වැඩිපුර නිදහස් කාලයක් ලැබේවි.

උදෑසන ආහාරයට හදන්නෙ මොනවද කියලා හිතන්න සමහරවිට ලොකු වෙලාවක් ගත වෙන්න පුලුවන්. ඒක ඔයාගෙ දෛනික චර්යාවේ කොටසක් ලෙස පෙනුණත් ඒ වගේ දෙයක් අලුතෙන්ම හිතලා තීරණය කරන එකට ඇත්තටම ඔයා හිතනවට වඩා ලොකු වෙලාවක් ගතවෙන්න පුලුවන්.
ඔයා දිනපතාම එකම උදෑසන ආහාරය ගන්න පුරුදු වුණොත් ඔයාට හදන්නෙ මොනවද කියලා හිතන්න ගතවෙන කාලය ඉතිරි කරගන්න පුලුවන්. ඒ වගේම, සමහර විට කලින් දවසෙ රෑට ඒක හදන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්නත් පුලුවන් නිසා උදේට කිසිම කරදරයක් නැතුව අඩු කාලයකින්ම කෑම හදාගන්න පුලුවන්.
02. ඔයාගෙ මොළයට වඩාත් වැදගත් දේ ගැන සිතීම ඉඩ සැලසනවා.
ස්ටීව් ජොබ්ස් නිතරම බෙල්ලටම කොලර් එක තියන කළුපාට ඇඳුම් අඳින්නෙ ඇයි? නැත්නම්, මාර්ක් සකර්බර්ග් සාමාන්‍යයෙන් අළු පාටට හුරු ඇඳුම් ම අඳින්නෙ ඇයි කියලා ඔයා කවදහරි කල්පනා කරලා තියනවද? ඒ, එමගින් එයාලව වඩාත් ඵලදායි කරන බව ඔවුන් විශ්වාස කරන නිසයි. දවල් කෑමට ගන්නෙ මොනවද, උදේට කන්නෙ මොනවද කියන එක ගැන හිතන සිදු නොවීම මගින් ඔයාගෙ මනසට වඩාත් වැදගත් කරුණු සහ දිවා කාලයේදී කර ගත යුතු දේවල් ලැයිස්තුව ගැන අවධානය යොමු කිරීමට ඉඩ සලසනවා.
03. ඔයාගෙ ශරීරය කිසි විටෙකත් එහි පළමු පෝෂ්‍ය පදාර්ථ මාත්‍රාව අතපසු නොකරයි.
ඔයාගෙ උදෑසන ආහාරය ඕට් මීල් කෝප්පයක්, සරල ඔම්ලට් එකක් හෝ නැවුම් පලතුරු කෝප්පයක් නම් ඒවා මගින් ඔයාගෙ ශරීරය ශක්තිමත් කරනවා. පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු උදෑසන ආහාරයක් මගින් දවස පටන් ගන්න ඔයාට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න උපකාරී වෙනවා.
04. ශරීරයේ බර තරමක් අඩු කරගත හැකියි.
දිනපතා එකම ආහාර ගැනීමෙන් ඔයාගෙ බර අඩු කර ගත හැකි බව පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා. හැම ආහාර වේලකටම ඔයාට එකම දේ ලැබුණු විට, ඔයා ඔයාගෙ ශරීරයට ඇතුළු කරන දේ ගැන වැඩිපුර පාලනයක් ඇති නිසා සීනි සහ මේද වැඩිවීම වළක්වා ගත හැකි අතර එමඟින් ඔයාගෙ කැලරි ප්‍රමාණය හා ශරීර බර අඩු කර ගත හැකියි.
05. ඔයාගෙ ආහාර වියදම් අඩු වේවි.
උදෑසන ආහාරය ඕට්ස් නම්, ඔයාට මුදල් වැය කිරීමට අවශ්‍ය වෙන්නෙ ඕට්ස්, කිරි සහ පැණි රසකාරකයක් විතරයි. සතියේ හැම දවසකම ඔයා කන්නෙ මොනවද කියලා දැන ගැනීමෙන් ඔයාට වඩාත් නිවැරදි සිල්ලර බඩු ලැයිස්තුවක් හදාගන්න පුලුවන්. සිල්ලර බඩු කඩේට යන වියදම අඩු කරගන්නත් මේ ක්‍රමය ඔයාට උදව් වෙනවා. ඔයාගෙ වියදම් පාලනය කිරීමට විතරක් නෙවෙයි, පැන්ට්‍රියේ ගොඩක් දේවල් තිබුණෙ නැතත් පර්ස් එකේ වැඩිපුර මුදලක් ඉතුරු වෙන බව ඔයාට දැකගන්න ලැබේවි.
06. පුරුද්දකට යාමට ඔයා ඔයාවම පුහුණු කර ගන්න.
දිනපතා යමක් කිරීම අවසානයේ පුරුද්දක් බවට පත් වෙනවා. මේ ලෝකයේ සාර්ථකත්වයට හොඳ පුරුදු කියන්නෙ අත්‍යවශ්‍යම දෙයක්. බිත්තර පිඟානක් තරම් සරල දෙයකින් ඔයාගෙ ශරීරය සහ මොළය වෙනත් යහපත් පුරුදු වලට අනුවර්තනය වීම සඳහා පුදුමාකාර උදව්වක් වෙන්න පුලුවන්.
උපුටා ගැනීම: adobae