” කෙල්ලෙක් වුණාම අවුරුදු විසි පහෙන් බඳින්න ඕන “
” කොල්ලෙක් වුණත් තිහ පනිනකම් ඉන්න හොඳ නෑ “
” කාටද ඔච්චර හම්බ කරන්නේ, ළමයෙක් හදන්නේ කවද්ද “
ඔය කතා සමාජෙන් ඇහෙනකොට දුක් වෙනවද..?

” කනවා, බොනවා, බෝඩින් කුලී ගෙවනවා, කිසිම ඉතුරුවක් නැහැ, රටවත් යන්න බැලුවේ ” ගොඩක් උන්ගේ කතාව ඕක.

නොතේරෙන කිරි සප්පයෝ උස්සා ගෙන ඇවිල්ලා ඉන්නවා ගැහැණු, තමන්ගේ කසාද මිනිහාගෙන් වන්දි ගන්න. ගොඩක් ගැහැණුන්ගේ මිනිස්සු උසාවිය මගහරිනවා. ඒ ඉන්නේ ” ආදරෙයි බබා.. උම්මා පණ ” කියලා බැඳපු උන්ම තමයි.

ගොඩක් උන් බඳින්න කලින් මිනිහට ඉන්න තැනක්, කන්න, බොන්න දෙන්න පුළුවන්ද කියලා නොබලා, ඔහේ යන්නන් වාලේ මිනිස්සු එක්ක ගියපු ගැහැණු තමන්ගේ මිනිහට හම්බ කරලා දෙන්න රට ඉන්නවා.
ස්ථාවරයක්වත් නැතුව, අනිත් මිනිස්සුන්ගේ හිත් හදන්න ඕනි කමට කසාද බැඳලා පවුල් බර දරාගන්න බැරුව රට යන මිනිස්සු ඉන්නවා. උන් මැරිලා මැරිලා හම්බ කරලා එවන සල්ලි වලින් මෙහේ වෙන උන් එක්ක ඒ ගැහැණු සැප ගන්නවා.

” වටේටම ණයයි බන්, ෂික්.. වෙඩින් ගත්තා නිකන් ණය වුණා ” උන්ගේ කතාව ඕක.
අවුරුදු 25 න් බඳින්න ඕන, ළමයි හදන්න ඕන, ඔය ගොබ්බ කතා දාපන් අහකට.
වෙන රටවල් වල උන් බඳින්නෙ 30-35 අතර, උනුත් ළමයි වදනවා. කිසි හෙණයක් නැහැ ඒ ළමයින්ට.
” හදිස්සි වෙලා නම් බඳින්න එපා, පේනවනේ අපි මේ විඳින දුක “
” ණය වෙලා නම් බඳින්න එපා බන් කසාදෙත් එපා වෙනවා අන්තිමට “
මිනිස්සුන්ගේ කතා ඕවා…
මුලින් හරි කෙනෙක් තෝරගනින්. ඊළඟට තමන්ට ඉන්න තැනක්, ස්ථාවරත්වයක් හදාගනින්. අන්න එහෙම බැහැපන් කසාදෙට. අන්තිමට ජීවිතේම ලස්සන වේවී…!!
(උපුටා ගැනිමක්)
මූලාශ්‍රය: Ranjani Indi