අහපං මේ උඹේ #කතාව වෙන්න පුලුවන් .
මේ ලෝකෙ #ඉපදුන දා ඉදන්ම කෙල්ලෙක්ට අහන්න වෙන්නෙ,
“කෙල්ලෙක්ද ,#අපෝ බං මං හිතුවෙ කොල්ලෙක් කියලා.”
“කොල්ලෙක් #උනානම් හොදයි නේ”
“කෙල්ලො හදනවා කියන්නෙ #සල්ලි ගහක් හිටවන්න වෙනවා”
“මං ආසම නෑ #කෙල්ලන්ට”
“කොල්ලෙක් උනානම් #පවුල සම්පුර්ණයි නේ”
කෙල්ලෙක් ඉපදුනා කිවුවොත් #රත්තරනේ අහන්න වෙන්නෙ වැඩිහරියක් ඔි්වා.වැඩේ කියන්නෙ කියන්නෙත් වැඩියෙන්ම #ගෑනු.ඉතින් මොකෝ කරන්නෙ.මොකද මිනිස්සුන්ට අමතක වෙනවා තමනුත් එකම #අච්චුවෙ පිච්චිච්ච රොටි කියලා.(සමාවෙන්න එහෙම වචන නැතුව සමහරැන්ට තේරෙන්නෙ නෑ)කෙල්ලෙක් ඉපදෙනවා කියන්නෙ ඒ ගෙදරට ශ්‍රියා කාන්තාව වඩිනවා කියලයි කියන්නෙ.හැබයි ඉතින් ඉන්නකම්ම කරන්න තියෙන බලු වැඩ කරපු එකෙක්ට කෙල්ලෙක් ඉපදුනා කිවුවම බයයි.ඇයි දන්නවද ?ඌ තමන් කරපු පවු ගෙවන්න ලගයි කියලා #වෝනින් එකක් දෙනවයි කියලයි හිතන්නෙ.
කෙල්ලෙක් කියන්නෙ එච්චර පහතට දාන්න ඕන කෙනෙක් නෙමෙයි.මතක තියා ගනිල්ලා.උඹටත් දවසක #දරැවො ලැබෙයි.එදාට සතුටු වෙයන් කවුරැ ලැබුනත්.මතක තියා ගනිල්ලා ඔය කවුරැ මොන #බයිලා ගැහුවත් අම්මෙක් දස මාසයක් කුසේ තියන් රැකලා පන දෙවනි කරන් උඹව මාව #බිහිකරේ නැත්තන් ඔය වදන් දෙන්න උඹත් නෑ.මාත් නෑ.එහෙම කියන කාන්තාවො අමතක කරන්න එපා උඹලත් ගෑනු කියලා.#පිරිමි අමතක කරන්න එපා ආවෙ අම්මෙක්ගෙ කුසින් කියලා.
ඊළඟට ගොඩාක් උන් හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ උන්ට #සෙල්ලම් කරන්න දෙයියො දීපු තෑග්ගක් කියලා.මතක තියා ගනින් කාගෙවත් ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න උඹට මට ලයිසන් ලැබිලා නැති බව.
ඒක තේරැන් නොගත්ත නිසානෙ කාලයක් යද්දි සුදු අම්මි #පන #ගොනෙක්,#සතෙක්,#බඩුවක් වෙන්නෙ.ආයෙත් කියනවා #සමාවෙයන් මේ වචන පාවිච්චි කරනවට.එහෙම කිවුවෙ නැත්තන් උඹලට #තේරෙන්නෙ නෑ.
මතක තියා ගනින් එහෙම උන්ට දවසක ගෙවන්න වෙන්නෙ #පොලිත් එක්ක.
දැන එහෙම කියලා කෙල්ලෙක් උන පලියට හීන දකින්න බැරිද?හීන හැබෑ කරගන්න කාගෙන්වත් #ලයසන් ගන්න ඕනෙද?උන් කාගෙවත් අත පල්ලෙන් වැටෙන්න ඔිිනද?ඇයි කිරෙන් බාලද?
මතක තියාගනින් කෙල්ලෙක් කියන්නෙ හීන ලෝකයක්.ඒ හීන හැබෑකරගන්න ඕනෙ නම් උඹට කට්ට කන්නම වෙනවා.මතක තියා ගනින් කෙල්ලෙක්ට තියෙන දරා ගැනීමේ ශක්තිය පිරිමි අපිට අඩුයි බං.වැඩිය උදාහරන ඕනෙ නෑ.දරැවෙක් ලැබීමම ඇති කියලා හිතෙනවා.
කෙල්ලෙක් විදියට උඹට ලොකු ලොකු හීන ඇති.ඒ අතර උඹලට ඇති ලස්සන වෙන්න හීනයක්.ඒ නිසයි උඹලා හම්බකරන තුටිිටු දෙකත්, සමහරවිට #සැලුන් වලටයි,අර ක්‍රීම් එකටයි මේ ක්‍රිම් එකටයි වියදම් කරන්නෙ.අනාගතේ ගැන කිසි සැලසුමක් නැතුව.මං එපා කියනවා නෙමෙයි මේ.උඹ ලස්සනට ඉන්න ඕනෙ.ඒකටනෙ උඹ හම්බ කරන්නෙ.හැබයි ඒවා කරපන් වගකීමක් තියෙන තැනකින්.දකින දකින තැනින් නැතුව .මොකද මේ උඹේ ජීවිතේනෙ රත්තරනේ.උඹ දිනන්න ඔිනෙනෙ රත්තරනේ.උඹ මුලින්ම ජීවිතේ දිනපං.එදාට උඹ ඔින දෙයක් කරපන් පේෂල් බැරි නම් ඔින මල මගුලක්.ඒ වෙනුවෙන් එදාට ලක්ෂ ගනන් වියදම් කලත් කමක් නෑ.හැබයි දැන් උඹ කීය කීය හරි ඉතුරැ කරගනින්.උඹෙිි හීනෙට යන පාර කපා ගන්න.නැත්තන් උඹට අහන්න වෙන්නෙ කවදාහරි අර මං මුලින් කියපු කතාව.කාලකන්නි කෙල්ලෙක් කියලා ඒකට ඉඩ හදා ගන්න එපා.
හරි දැන් උඹත් කියනවද මං කෙල්ලෙක් මට පුලුවන් ද ඔිවා කරන්න කියලා.ප්ලීස් එහෙම උන් මෙිික කියවන්නත් එපා.
මතක තියා ගනින් මේ ලොකේ වෙනස් කරපු චරිත අතර කාන්තාවො කීදෙනෙක් ඉන්නවද කියලා.හොයලා බලපන් නෙටිි එකට ගිහින් මේවා.fb එකේ එක එකාගෙ කුනුහරැප හොය හොය ඉන්න වෙලේ.
උඹ කියයි.අනේ මට දැන් බෑ.මගෙ ලවිි එක ඉවරයි.මාව දාලා ගියා.නැත්තන් එයා මගෙ ෆෝන් එක ආන්ස කරන් නෑ.මට ජීවිතේ ම එපා වෙලා.
අනේ ප්ලීස් යන උන්ට යන්න දියන් උන් අද නැතත් කවදා හරි යනවා.උඹ උඹේ ගමන පලයන්.ජීවිතේ දිනපන් .කවදාහරි උන්ට අපරාදෙ කියලා හිතෙන්න.
දුවපන් උඹෙිි හීන පස්සෙ.ඒ හීන හැබෑ කරගනින්.ඒ වෙනුවෙන් කැප වෙයන්.
උඹ හීන පස්සෙ දුවද්දි නරි කෑ ගහයි.බල්ලො බුරයි.උන්ට පාඩුවෙ කෑ ගහන්න දීලා උඹ උඹෙිි ගමන යමන්.උඹ සාර්ථක වෙච්ච දාට ඔය ඔක්කොම එන්නෙ නැට්ට පස්සෙ ගහන්.
ඒ නිසා මං උඹලට කියන්නෙ දැන් වැලපුනා ඇති.එක එකා පස්සෙ ගියා ඇති.මේ දැන් ඉදන් උඹේ ගමන පටන් ගනින්.ඒක උඹට කරන්න පුලුවන් .උඹලට බැරිනම් කාටද රත්තරනේ පුලුවන් .
උඹලට ජය…
තෙරැවන් සරණයි !!
මම උඹලගෙ හදවතේ ගැස්ම
උපුටා ගැනීම :#රංගයා