13 🍃
•• දේවි දේවි මගෙ ගිරි දේවි…
සසර සර මා පුරන දේවි…
පෙම්බර ගිරිසාපි මගෙ දේවි…
නුබ එන මග මා බලන් දේවි…
සාපි අවසන කර මගෙ දෙවි…
සමා යදි සසර කලකිර දේවි…
මා නුබේ මානම්කුලය දේවි… ••
මානම්…
සිහින් හඩ නෑසි යද්දි අක්ශිගෙ මුවින් ඒ නම මිමිනුනේ අදුරු ඇස් බොද වෙලා ඇරෙද්දි.
මිති… අනේ කතා කරන්න… ඔයා හොදින් නේද… අනේ නිනි… මිති…
මෙල්… කලබල වෙන්න එපා… මිතිට සිහිය එනවා… නිදු මෙහෙ එන්න…
ලොකු… කෝ… අනේ මිති… නන්ගි අනේ මගේ රත්තරන් නැගිටින්න… ඇති ඔහොම හිටියා… නිදු දන්නවා මැනික…
බොද උන ඇස් ඉස්සරහා නිදුක්ගෙ හැඩුම් බර කටහඩ කෙල්ලට පැහැදිලි උනේ යන්තමින් වගේ. අක්ශි ඇස් කිහිප සැරයක් ගහලා වටපිටාවට හුරුවෙන්න උත්සහ කල.
නිනි…
අක්ශි හිමින් මුමුනද්දි කොල්ලා දෙන්නාම කෙල්ල ලග දන ගහගෙන ඒ අත අල්ලා ගත්තේ ඇතැරෙයි කියලා බයෙන් වගේ.
නිනි… නිදු… මෙල්…
අපි ඉන්නවා මිති… කො ඉතින් ඇස් අරින්නකො… බය කරන්න එපා මැනික…
නිනි… මානම්කුල…
අපි මානම්කුල අඩවිය මානේ තමයි මිති…
මානම්කුල… කෝප වෙලා නිනි… එහේ හැමොම කොප වෙලා… ලේ බිලි ගන්නවා… කිසිම ජිවිතයක් නැ… මානම්කුල සාපය දරුනු වෙලා… මානවිගෙ සාපය එක්කම… මන් ආවා කියලා එයා දන්නවා… මට එන්න දෙන්නෙ නැ නිනි… එයාට මාව එපාද… මෙච්චර දුරක් ආවේ හැරිලා යන්න නෙමෙයි… මට මානම්කුල දකින්න ඕන… මගේ මානම්ව දකින්න ඕන…
අක්ශි ඉකි ගගහා ඇඩුවේ බලාන් ඉන්න අයටත් හැඩුන් එද්දි. කෙල්ලගෙ අත අල්ලාගෙනම හිටපු නිදුක්ට ඒ වේදනාව ඒ විදිහටම දැනුනේ කෙල්ල හිර කරන් එන්න ඒ මතකයන් ඒ හැගීම් එකක් නැ වේදනාවන් එක්ක දැනෙද්දි. ඒ හැගීම පුදුමාකාරයි, භයානකයි, වේදනාබරයි. ඒ දේම නිදුක්ට දැනුනේ ඒ අක්ශිගෙ ගිනියම් උන අත අල්ලපු වෙලාවෙ ඉදන්. නිදුක්ට එකක් පැහැදිලි. ඒ ගිරිසාපිගෙ ආශිර්වාද එක් උන සාපය නිසා කියලා.
රැස්වියගල නිලානිලාගෙ ගෙවල් පහු වෙද්දිම තියෙන රේනුට අයිති තට්ටු දෙකේ ගෙදර කලින්ම සැලසුම් කර ගත්ත විදිහට තිලක් ලමයින්ට පහසු විදිහටමයි හදලා තිබ්බෙ. මෙතන ඉදන් මානම්කුල ටව්මට තිබ්බෙ කිලොමීටර හතරක තරම් පොඩි දුරක්. හැමදේම ගැන හිතලා තිලත් සියල්ල කලේ අක්ශි වෙනුවෙන්. මොනවා උනත් කෙල්ලට උදව් කරනවා වගේම කෙල්ලව ආරක්ෂා කරන එක විශ්‍රාමික බිගේඩියර් වරයෙක් උන තිලක් විතාන හිතාගෙන ඉවරයි.
ලොකු නින්දකින් පස්සේ ඇහැරුන අක්ශි කෙල්ලටම තුරුලු වෙලා නින්දේ ඉන්න දිත්යා දිහා බලලා හිමින් ඇදෙන් ඉද ගත්තේ හිරි අරින ගමන්. අක්ශිට දැන් දැන් කිසිම බොද විමක් හො දුරින් වගේ දැනෙන දේවල් ගොඩාක්ම ප්රබලව ලගින්ම දැනුනේ කෙල්ලගෙ හැන්ගුන ඒ හැම ශක්තියක්ම තවත් ප්‍රබල වෙද්දි. ඒත් අක්ශිගෙ වේදනාව නිමක් නැ.
රැස්වියගලට හයියෙන් වහින්න පටන් අරන් තිබ්බෙ ඊයේ රෑ ඉදන්. ගමන් මහන්සියයි ඇඟේ අමාරුවයි නිසා මුලු දවසක්ම නිදාගෙන හිටපු අක්ශිට සැහැල්ලුවක් දැනුනාට හිත මහා පාලුවකින් වගේම නොසන්සුන් කමකින් පොර බැද්දෙ මොනාදො දෙයක් ඊලගට වෙනවා කියලා දැනෙන ගමන්. ඒ මොහොතේ දැසින් කදුලු ගැලුවේ එක සාක්ශියක් එක්ක කියලා අක්ශි දන්නවා. ඒත් වෙන ඕනම දෙයකට කෙල්ල ලෑස්ති. මෙච්චර දුරක් ආවේ ඒ මානම්කුල වසාගත් ලොකෙට අභිරහසක් උන සාපයට එහා ගිය හේතුව හොයන්න.
පියගැට පෙල බැහැගෙන පහලට ආව අක්ශි වටපිට බැලුවේ අනිත් අය කො කියලා බලන්න. නවින තාලෙට නිම වුන අලුත්ම නිවස පුරා බලන ගමන් අක්ශි එලියෙන් ඇහෙන මහා අනොරා වැස්සටත් කන් දෙමින් ඇදගෙන හිටපු ජසිය තවත් තද කර ගත්තා. ජර්මනියෙයි මේ පරිසරයෙයි කෙල්ලට වෙනසක් නොදැනුන තරම්.
අක්ශි අඩවන් උන දොරක් එක්ක ලයිට් දාලා තියෙන කාමරේ ලගට ගියේ හිමින්. කාමරේ ඇදේ හාන්සි වෙලා අක්ශාව තුරුලු කරගෙන ලොකු කල්පනාවක ඉන්න නිවාන්ව දැකපු කෙල්ලට දැනුනේ දුකක්. ඒ දෙන්නාට මෙ වෙලාවෙ නිදහසේ ඉන්න දුන්න අක්ශි සියාව හොයාගෙන ගියේ හිතට සැහැල්ලුව හොයන්න. සාලයේ එලියටම යනකොට තියෙන සඳලු තලයේ ඉදගෙන තවත් මැදි වයසේ කෙනෙක් එක්ක කතාවක ඉන්න තිලක්ව හොයා ගත්ත අක්ශි දුවලා ගිහින් පුටුවේ පැත්තකින් ඉද ගත්ටේ තිලක් පුදුම වෙලා බලද්දි.
මගෙ දු… නැගිට්ටාද… කොහොමද දැන්…
හොදයි සියා… මෙහෙ බර්ලින් වගේම සීතල හින්දා හුරුයි මට…
මන් බයෙන් හිටියේ මිති…
අනේ අයියො… බය වෙන්න එපා… මන් හරි ශක්තිමත්… සියාගෙ දොනිට බය වෙන්න දෙයක් නැ…
අක්ශිගෙ මේ එලියට එන හැන්ගිලා තිබ්බ හුරතල් කතා අහන්න තිලක් බලාන් හිටියා. තිලක් අක්ශිගෙ ඔලුව අත ගාලා නලල සිප ගත්තේ ආදරෙන්.
සමන්… මේ ඉන්නෙ මගේ බාලම මිනිපිරි… පුදුම වෙන්න දෙයක් නේ මගෙ කෙල්ල ලස්සනට සින්හල කතා කරද්දි…
ඒකනේ පොලිසියේ මහත්තයො… මට අදහන්නත් බැරි උනා… මේ දුව ලස්සනට අපේ බාසාව කතා කරන එක… කොච්චර ආඩම්බරයක්ද…
සමන් පුදුමයෙන් කියාගෙන ගියේ කෙල්ල මද හිනාවකින් ඒ කෙනා දිහා පලවෙනි පාරට බලද්දි. ඒත් සාමාන්‍ය අහිංසක මනුස්සයෙක් උන සමන්ගෙ ඇස් වල එකපාරටම අක්ශිට මහා පෙරලියක් දැනුනා. කෙල්ල එකපාරටම නැගිට්ටෙ කෙල්ලගෙ ඒ බැල්ම පුරුදු තිලකුත් නොසන්සුන්කමින් නැගිටිද්දි.
සමන් අන්කල්… රැස්වියගල කෙනෙක් නෙමෙ නේද… මානම්කුල නේද පදිංචිය…
අක්ශි ඒ අහපු දේට සමන්ව බය උනා වගේ. පලාතම එලිය කරලා අකුනක් කෙටුවේ අක්ශිගෙ නිල් පැහැ ඇස් ඉස්සරහා සමන්ව වෙව්ලලා යද්දි.
ම.ම.මානම්..කුල… මේ දුව… කොහොමද… මන් එහෙ කියලා… මහත්තයො…
සමන් පස්සට අඩියක් තිබ්බෙ බයෙන්. තිලක් ඉක්මනට කෙල්ලව වාරු කර ගත්තේ කෙල්ල පාලනයක් නැතිවෙයි කියන බයට. ඒත් තව අකුනක් කන ලගම වගේ පුපුරලා ගියේ අක්ශිගෙ දෙසවන් අසල බිලිදෙකුගේ හැඬුම් හඩක් දොන් කාර දෙද්දි. කෙල්ල අත් දෙකෙන්ම කන් දෙක වහ ගත්තේ කන් අසල ඇසෙන පිය උන දෙනෙස් අසල බොද උන ඒ මතකයන් එක්ක. කෙල්ල එහෙම්මම තිලක්ට වාරු උනා. ඒත් ඒ බිලිදු හඩත් එක්ක ඒ ගි රාවයත් රැව් දුන්නේ අක්ශිගෙ මහ බය කොපය වේදනාව එක්ක එකතු වෙලා.
•• ගිරි දෙයියො දෙයියො ගිරි දෙයියො…
සාදු දිලා දිලා දෙයියො…
ගිරි පඬුරු ලබන් සේසත් ගම්බාරන්…
මා දුන් ගිරි පඬුරු සෙත් වාඩන්…
දෙයියො දෙයියො…
මානම් දෙයියො…
සාදු සාදු සාදු සාදු…
වාඩන්… වාඩන්…
මානම්කුල දෙයියො… ••
අක්ශි කදුලු පිරුනු ඇස් වලින් සමන් පහු කරගෙන බැලුවේ ගේ ඉස්සරහා යකඩ ගේට්ටුව ඇරගෙන කුඩයක් උස්සාගෙන එන ඒ රුව දිහා. අක්ශිගෙ ඇස් වල උනු කදුලු නොනවත්වාම කඩා වැටුනේ කෙල්ල දොතින්ම මුව වසා ගනිද්දි.
•• දෙයියො… මා දෙයියො…
මා පෙම් බැඳී මා දෙයියො…
රන්වඩ නෑ වාරන්
පින් කල මන් ආවන්
නුබ අති පුර මන්
භවි රැක දුරු මන්
දෙයියො… මා දෙයියො…
පති භවි මා දෙයියො…
මානම්කුල මා දෙයියො… ••
දුර ඈත කාලයක හිමි නමින් පති දම් රැකි ඒ ආත්මිය ප්‍රේමයේ නාමයෙන් මේ රුව අදුර ගන්න අක්ශිට අමාරු උනේ නැ. මේ රුව දකින්න අක්ශි පින් පිරුවා ආත්ම ගනන්. ඇය මානවි පමනක් නොවෙයි. ඇයගෙන් ලද ආශිර්වාද.
•• භවි තරා මා එමි…
පෙම් දෙවි සරා මා එමි… සාරාසංකේය මා පැතූ මා පෙම් ස්වාමි…
ගිරිදෙව් එක් භවි මා තුන් අවසන භවි…
ගිරිසාපි පෙම් භවි පුරමි මානම්කුල දෙවි නාමි… ••
ඒ පැතුම ඇයගෙන් ඔහු වෙත. ඇය ගිරිසාපි, මානවි, අක්ශි. ඔහු මානම්කුල.
මානම්…
අක්ශිට මිමිනුනා.
……
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (5 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)