උපත් පාලනය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ආයුබෝවන් මේ ඔබ අමතන්නේ හොරණ ප්රාදේශීය සභාවේ ප්රචාරක අංශයයි.මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ඔබගේ සුනඛයා ආරක්ෂා කරගන්න. ඉංගිරිය සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය සහ ප්රාදේශීය සභාව ඒකාබද්ධව ක්රියාත්මක කරනු ලබන සුනඛ දේනුවන්ගේ වද සැත්කම් කරන වැඩ සටහනක් අද දින පෙ.ව. 9 සිට දහවල් 2 දක්වා ඉංගිරිය නව රගහල් ශාලා පරිශ්රයේදී නොමිලයේ පැවැත්වේ. ඒ සදහා ඔබගේ සුරතල් බැල්ලියන් රැගෙන ඒමට ඔබට කරන ආරාධනයයි මේ.
ඉන්ධන පිරවුම් හලේ කළුවා කන් දෙක උස්සගෙන මේ නිවේදනය අහගෙන හිටියා.
මලා හරි වැඩක් තමයි වෙන්න යන්නේ කළුවට ඉබේටම කියවුණා.
මීට කලින් තමන්ගේ පෙම්වතිය ලපීට අත්වුන ඉරණම කළුවගේ සිතට ආවේ නොදෑන්වත්වම.
.
තමන්ගේ ප්රථම ප්රේමය ලපී ඉස් ඉස්සෙල්ලම හමු වුණ දවස කළුවට අද වගේ මතකයි. නලල මැද සුදු පාට ලපයක් තියන නාඹර ගැටිස්සියක් වුන ලපීගෙ නැට්ට විතරක් සුදු පාටයි. ඇගේ ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම දුඹුරු පාට ලස්සන ලෝම පිරිලා හරියට පනාවකින් පීරලා වගේ හරි පිළිවෙලයි. එහා වත්තේ ගේට්ටු මායිමට චූ පාරක් දාන්න කකුල උස්සන කොට තමයි එයා බුරන සද්දෙට කළුවා මුල් වරට ලපී දැක්කේ. කළුවට පොඩි ලැජ්ජාවක් ඇති නොවුනත් නෙවෙයි. ඒත් පලමු වතාවට අල්ලපු වැටෙන් ඇහුන කාන්තා කට හඩේ අමුත්තක් වගේම ලයාන්විත ගතියක් කළුවට දැනුණා. අම්මා ලපීට තිබුණේ කතා කරන ඇස් දෙකක්. තරුණ කම හිතට අරගෙන ගේට්ටුව අස්සෙන් හොම්බ දාපු කළුවට අමුතු හිත කිති කැවෙන සුවදක් දැනුණා. ඒ තමයි ආදරයේ සුවඳ කියලා කළුවට හිතුනා.
ඔයා ලගදිද මෙහාට ආවේ කළුවා ඇහුවා. බිරිල්ල නතර කරපු ලපී මීක් මීක් ගාලා නෑට්ට වනලා පොඩි. හිනාවක් දැම්මා . ඒක කළුවට ඉනාවක් වුණා.
ගේට්ටුව නිතරම වහලා නිසා කළුවට නිතරම ලපීව ආශ්රය කරන්න වුණේ සමාජ දුරස්ථ භාවය තියාගෙන. ඇගෙන් එන ආදර සුවදට වෙන්න ඇති වට පිටේ ඉන්න බලු නාම්බෝ ගේට්ටුව ළග පොර කන්න පටන් ගත්තා. ඒත් ගෙදර මහත්තයා ලපීට එලියට යන්නවත් වෙන බල්ලෙකුට ඇතුලට එන්න වත් ඉඩක් තිබ්බෙම නැහැ.
අනේ ඔය මිනිහට ජලභීතිකා වම හැදියන් කළුවගෙ හිත කිව්වා.කළුව ගේට්ටුව ගාවට ගියාම ලපී එයාගෙ ලස්සන කන් දෙක උස්සගෙන කළුව ගාවට ඇවිදින් ගේට්ටුවේ කම්බ් අතරින් හොම්බ දාලා උම්මා දෙනව දැකපු මහත්තයා නෝනට කිව්වා හාමිනේ වැඩේ හරියන්නේ නෑ. දැන් බල්ලෝ රැලේ යන කාලේ ඉක්මනට ලපීව ඔපරේෂන් කරල දාන්න ඕනි කියලා කළුවට ඇහුණා.
මොකක්ද රැලේ යනවා කියන්නේ. යාළු වෙලා උම්මා දෙන එකටද
කළුවා හිතුවා.
එහෙනම් අර පන්ති එන ලමයි ජෝඩු දාගෙන පන්තිය පිටි පස්සේ උම්මා දෙන්නේ. එහෙනම් ඒ ගොල්ලොත් ඔපරේෂන් කරන්න එපැයි කළුවට හිතුනා.
කොහොම වුණත් හදිසියේම ටික දවසක් යනකම් ලපී දකින්න නැති වුණා. කටහඩ ඇහුණෙත් නැති නිසා කළුව ගේට්ටුව ගාවට ගිහින් ඉව කරලා බැලුවා.අර ආදර සුවදත් මැකිලා ගිහිං. කළුවගේ ඇසට කදුලක් ආවා. ලපී කොහෙ හරි එක්ක ගියාවත්ද, එයාට නපුරක් කරදරයක් වුණාවත්ද ඔපරේෂන් එක කියන දේ කලාවත්ද? ප්රශ්න ගොඩක් කළුවගේ හිතට නැගුනා.
ඉවසලා ඉවසලා බැරිම තැන එයා ලපීට අඩගැහුවා.
අමාරුවෙන් ආපු ලපී ගේට්ටුව ගාව බිම පෙරළුනා. එයාගේ ඇස් දෙකේ කදුළු පිරිලා. දෙයියනේ එක කනකින් කෑල්ලකුත් කපලා. බඩ යටයි කන ලගයි නිල් පාටට මොනවද ගාලා.
මොකද වස්තුවේ වුණේ කළුව දරාගන්න බැරි දුකකින් ඇහුවා.
මහත්තයා මාව පශූ වෛද්ය වරයෙක් ලගට අරගෙන ගිහින් ඔපරේෂන් කලා මගේ බඩ කපල ඩිම්බ නාල ගැට ගැහැව්වා කියල අපේ මහත්තයාට කිව්වා. දැන් මට පැටවි ලැබෙන්නේ නෑ බය වෙන්න එපා කියල එයා මහත්තයාට කිව්වා.
දෙයියනේ මේ මොන අපරාධයක් ද ඒත් මොන එහෙකට ද කණ කැපුවේ. ආ ඒ ඔපරේෂන් කරපු බව දැන ගන්න. ඔයාලට නෙවෙයි මිනිස්සුන්ට.
කළුවට දරාගන්න බැරි විදිහට උගේ හිත කඩා වැටුණා. මුන් කරන කැත මිනිස් වැඩ. ඒ වුණාට නරක වැඩක් කරාම කියන්නේ බලු වැඩ කියලා. බලු වැඩ වගේද මිනිස් වැඩ. මූලික බලු අයිතිවාසිකම් උල්ලංගනය කරපු ජරා ජාතියක් කළුවා හිතුවා. මට ජලභීතිකාව හැදුනොත් මම හැම එකාම කනවා කළුවා තරහෙන් හිතුවා.
කාලෙකට පස්සේ හැගීම් දැනීම් නැති ලපී පිළිබද මතකය කලුවගෙ මතකයෙන් වියැකී ගියා
පස්සේ කාලෙක කණ නොකැපු ලැසී හමුවුණා.
හත් ඉලව්වේ ඉක්මනින් ම ලැසීට පණිවිඩය කියන්න ඕනි. එනවුන්ස් එක ගැන කල්පනා කර කර හිටපු කණුවට මතක් වුනා.නැත්නම් අපිට අපේම කියලා පැටියෙක් ගෙ මාණ බලන්න තියන බලාපොරොත්තු වත් විනාශයි. කළුව ලැසී හොයාගෙන දිව්වා. මේ ඇහුනද ටික දවසකට එහෙ මෙහෙ නොගිහින් අර ගැරේජ් එකට පස්සට වෙලා ඉන්නවා. කන්න බොන්න මම ගෙනත් දෙන්නම්. ඒ මොකෝ මේ කලබලේ ? ඇයි ඇහුනෙ නැද්ද අර එනවුන්ස් කලේ. මොකක්ද? බැල්ලියන්ගේ කණ කපනවා කියලා. මගුලක් කියනවා. ඒ මොකද බැල්ලියන්ගේ කණ කපන්නේ. බල්ලන්ගේ අහවල් එක එපෑයැ කපන්න ලැසී කිව්වා. අනේ මගෙන් කූණුහරප අහගන්නේ නැතිව මම කියපු දේ කරනවා. කළුවා ලැසීට සැර වුණා.
උපුටා ගැනීම:Halpege Gamini Susil

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!