ඒ 1983 වර්ෂයයි. ජූලි කලබල වලින් රටම ගිනි ගෙන තිබුනු යුගයයි.
ට්‍රිනිඩෑඩ් සිට මෙරට සංචාරයකය පැමිනි ක්‍රිස්ටිනා නැවතී සිටි හෝටලය කැරලිකරුවන් ගිනි තබා තිබුනි.
ක්‍රිස්ටිනා හෑ ඇගේ මිතුරිය ඇනා පණ බයේ වීදියේ ඇවිද යන්නට විය.
ඒ යන අතරතුර බම්බපිටිය හන්දියේදී ඔවුන්ට හිත හොඳ ශ්‍රී ලාංකිකයෙක් මුණ ගැසුනි.
පෝල් අබේසූරිය නම් වූ ඔහු මේ ට්‍රිනිඩෑඩ් ජාතික කාන්තාවන් දෙදෙනාට උදව් වීමට ඉදිරිපත් විය.
බම්බලපිටියේ තම නිවසට ඔවුන්ව ගෙන යන පෝල් අබේසූරිය ඉහලම සත්කාර දක්වා ඔවුන්ව සතුටින් තැබීමට කටයුතු කලේය.
මර බියේ සිටි ක්‍රිස්ටිනාට හා ඇනාට පෝල් පෙනුනේ දෙවි කෙනෙක් මෙනි.
ඔවුන් එක දිගට මාස කීපයක් එම ස්ථානයේ ගත කලහ.
රටේ තත්වය යහපත් වූ පසු ඔවුන් නැවත ට්‍රිනිඩෑඩ් නුවර බලා යන ගුවන් යානකය ප්‍රවේශපත් වෙන් කර ගත්හ.
ට්‍රිනිඩෑඩ් බලා යන ක්‍රිස්ටිනා නැවත පෝල් සොයා එන බව පවසද්දී පෝල් ඇස් වල කඳුලු පිරී තිබෙනු ඇනා දුටුවාය..
වසර 3 කට පසු නැවත 1986 වසරේදී ක්‍රිස්ටිනා තනිවම ලංකාවට පැමිනියාය.
ඇය කෙලින්ම ගියේ තමන්ට උදව් කල පෝල් අබේසූරිය සොයාගෙනයි.
දෛවයේ සරදමකට මෙන් පෝල් බම්බලපිටියෙන් අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබුනි.
නමුත් ඒ සරදම් කල දෛවය කෙතරම් සොඳුරුද..
පෝල් උවමනාවකට කොළඹ ආ විට නැවත බම්බලපිටිය ප්‍රදේශයට පැමිනියේ ඒ දිනයේම විය.
පෝල්ගේ නවාතැනේ ඔහු නැතිබව දැනගත් ක්‍රිස්ටිනා ශෝකයෙන් මහපාරේ නැවත එන්නට විය.
නමුත් ඒ එන පාරේම ඉදිරියේ පෝල් අබේසූරිය එන බව ඇය දුටුවේ නැත.
පෝල් නම් යන්තමින් ඇයව දුටුවේය.
ඔහූ දෑස් පිසදා යලි බැලුවේය.
ක්‍රිස්ටිනා හයියෙන් කෑ ගසාගෙන ඇය දෙසට දිව ගියේය.
ශෝකයෙන් සිටි ක්‍රිස්ටිනා පෝල් හඳුනාගෙන සතුටින් කෑගසන්නට විය.
මේ සියල්ල අවට ජනතාව බලා සිටියේ පුදුමයෙනි.
කෙසේ හෝ එදා රාත්‍රිය පෝල් සමග ක්‍රිස්ටිනා එකට ගත කලාය.
ඔවුන් අතර රහසේ බැඳුනු ප්‍රේමය දලුලන්නට විය.
ඔවුන් දැන් පෙම්වතුන් වී හමාරය.
එදා පැමිනි ක්‍රිස්ටිනා මාස කීපයක් පෝල් සමග ගත කලේය.
පෝල් අබේසූරිය නිසා ක්‍රිස්ටිනා ට දරුවෙක් පිලිසිඳගන්නේ ඔය අවදියේයි.
ක්‍රිස්ටිනා සතුටින් ඉපිල යන්නට විය..
නමුත් පෝල් ට ඒ ආරංචිය ඇසීමට තරම් වාසනාවක් තිබුනේ නැත.
මන්ද එදින වැල්ලවත්ත මුහුදේ දිය නෑමට ගිය පෝල් නැවත පැමිනියේ නැත.
චන්ඩ දිය රකුසා පෝල් බිලිගත් බව ඔහුගේ මිතුරන් පවසද්දී ක්‍රිස්ටිනා හඩා වැලපෙන්නට විය.
ශෝකයෙන් සතියක් ගත කල ඇය නැවත ට්‍රිනිඩෑඩ් ටොබෑගෝ බලා පිටවූවාය.
එහිදී ඇය හැඩි දැඩි බිලිඳෙක් ලෝකයට බිහිකලාය.
පෝල් සිහිවීමට ඇය දරුවාට කිරන් පොලාර්ඩ් යන නම තැබීය.
එම නමේ ට්‍රිනිඩෑඩ් තේරුම වූයේ ආදරණීය පෝල් යන්නයි.
කෙසේ හෝ තමන්ගේ පන වූ පෝල් වෙනුවෙන් කුඩා පොලාර්ඩ් ඇය සුරක්ෂිතව උස්මහත් කලාය..
1996 වසරේ ලංකාව ක්‍රිකට් ලෝක ශූරතාවය ජයගන්නා අයුරු දකින ක්‍රිස්ටිනාට නැවත පෝල්ව සිහිවිය.
ඇය තම පුතු කිරන් පොලාර්ඩ්ව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කලේ ඒ නිසාමය.
පෝල් අනාගතයේදී ලෝක ශූරයෙක් වේවි ඔහු ලංකාවේ තාත්තාගේ රටේ මිනිස්සු එක්ක සෙල්ලම් කරාවි ඇය නොයෙක් පැතුම් පැතුවාය.
ඒ සියල්ල සපත කරමින් අද වනවිට කිරන් පොලාර්ඩ් නම් යෝධයෙක් ක්‍රිකට් ලොව දෙවනක් කරමින් සිටී.
අකිල ධනංජයට හයේ හයක් ගසන විට ක්‍රිස්ටිනාට පෝල්ව මැවි මැවී පෙනෙන්නට ඇත.
තම පුතා තාත්තාගේ රට ක්‍රීඩාවෙන් පරාජය කිරීම දෛවයේම සරදමක් බව දන්නේ ක්‍රිස්ටිනා පමනි
සමහර විට ක්‍රිස්ටිනා ඇයට සියල්ල පවසා තිබෙන්නට පුලුවනි.
කෙසේ හෝ පොලාර්ඩ් තමන්ගේ නියම රට ලංකාවටම පහරදී කොදෙව්වන් දිනවූයේ දැඩි දුකකින් විය හැක.
මන්ද එයට අනුකම්පාවෙන් දෙවෙනි තරඟයේ සියලුම පන්දු ආරක්ෂාකාරීව පිලිගත්තා විය හැකිය.
අවසානයේ කියන්නට ඇත්තේ ලංකාවට උරුමය ඇති පොලාඩ් සියල්ල දැනගෙන ලංකාවේ පුරවැසිබාවය ලබාගනු ඇත.
මේ වැටී ඇති අගාධයෙන් අනිවර්යෙන් ලංකාව ගොඩගෙන යලිත් ක්‍රිකට් ලෝක ශූරතාවයක් දිනා දෙනු ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසිකයින් වෙන අප සියලු දෙනා එක සිතින් පොලාර්ඩ් ට ආරාධනා කරමු..
-මැන්ඩි-
උපුටා ගැනීම: Senuri Ahinsa