මගේ හොදම යාලුවා තමාලි.ඒ කාලේ ස්කෝලේ ලමයෙක්ට කියලා ෆෝන් එකක් තිබ්බේ හරි අහම්බෙන් කෙනෙක්ට.මට ෆෝන් එකක් නැති උනාට තමාලිටනම් තිබ්බා.ඒකී ඉතින් ඒක යන යන හැම තැනම ගෙනියනවා.
අපි o/l කරලා ගෙදර ඉන්න දවස් වල මං තමාලිට කෝල් ගත්තා.කෝ ඉතින් කිසිම ආන්ස එකක් නෑ.
යකෝ මේකීට මොකද උනේ මැරිලවද්ද.කෝල් එකට ආන්ස කරන්නේ නැත්තේ.හරි බලමුකෝ මාත් එහෙමයි…කියලා හිතාගෙන මමත් ආයේ කෝල් ගත්තේ නෑ.
ටික දවසක් ගියා කෝල් එකක් ආවේත් නෑ…මං ගත්තෙත් නෑ.
ස්කෝලේ හව්ස් මීට් එක අපිත් කතා වෙලා තිබ්බා එදාට එන්න.මාත් ඔන්න ගියා.තමාලි එනවා “ගුඩ් මෝනීන් කෝෂි”කියා ගෙන ඉස්සරහට.මම ටිකක් ගනන් ඉස්සුවා.
“මේ ඉන්නේ අපූරුවට උබ මැරුනේ නැද්ද.මං හිතුවේ මැරිලා කියලා.”
“ඇයි බන් එහෙම කියන්නේ.”
“ඇයි තමා.කෝල් කොච්චර ගත්තද එක කෝල් එකක් ආන්ස කරන්න බෑ.මිස් කෝල් දැක්කට පස්සෙවත් ගත්තද.ඔව් දැන් අපිව අමතක වෙලානේ.”
මාත් ඉතින් හිතේ තිබ්බ තරහා වචන වලට පෙරලලා දමලා ගැහුවා.
“අඩේ නෑ බං මාර සීන් එකනේ උනේ.වරෙන්කෝ කියන්න.”
තමාලි හෙන බැරෑරුම් විදිහට මූණත් වෙනස් කරලා කියද්දි මටත් හිතුනා මාරම සීන් කෝන් එකක් තියෙනවා කියලා.
අපේ පංතිය පිටි පස්සේ තියෙන පේර ගහේ අත්තක් උඩ ඉදගෙන අමු පහේ පේර ගැටයකුත් හප හපා ඔන්න කතාව පටන් ගන්නවා.එතන තමා අපේ ලිද ලග සංගමේ.
“කෝෂි ඔයා දන්නවානේ මම කොහෙ ගියත් ෆෝන් එක ගෙනියනවා කියලා.එදා ඉතින් දහම් පාසල් යද්දිදිත් අරන් ගියා.”
“හරි හරි හාමුදුරුවෝ ෆෝන් එක ඉල්ලුවා උබ ඒක දන් දුන්නා.”
“නෑ බන් මැදෙන් පනින්නේ නැතුව හිටපන්කෝ කියනකන්.”
“හරි හරි කියපන්කෝ”
මට හොදටම මතකයි රැස්වීමට යද්දි ෆෝන් එක බෑග් එකට දාලා ගියේ.ඇවිත් බලද්දි ෆෝන් එක නෑ.මං ඉතින් නයා නැති උන අහිකුණ්ඨිකයා වගේ ෆෝන් එක හොයනවා.
“කිරි අප්පට බල්ලො පැනපි මාර සීන් එකනේ.ඒත් බන් රින්ස් යනවනේ.”
“ඒක තමා …ගත්ත එකා සිම් එක මාරු කරලා නැතුව ඇති.අපිත් කෝල් ගත්තා රින්ස් යනවා ආන්ස කරන්නේ නෑ.”
“කමන් නෑ බන් ඒ අටමගලේ තිබ්බා කියලා ෆොටෝ එකක්වත් ගන්න පුලුවන්වැයි.අසරණයෙක්ට දන් දුන්නා කියලා හිත හදා ගනින්.”
වෙන කරන්න දෙයක් නෑනේ.මං ඉතින් එහෙමයි මගේ යාලුවගේ හිත හැදුවේ.
ඔහොම ගෙදරට වෙලා ඉද්දි තමාලිගේ නම්බර් එකට කෝල් එකක් ගන්නම හිතෙනවා.මට ෆෝන් එකක් නෑනේ අම්මගේ ෆෝන් එක මගේ වගේ තමා. දෙපාරයි රින්ස් ගියේ කෝල් එක ආන්ස කරා.
මං මේ පැත්තේ ඉදගෙන “හෙලෝ”කීවා.
“හෙලෝ…. “පොඩි කොල්ලෙක්ගේ කට හඩක්.
“කෝ තමාලි.”
“එයා නෑ.”
“එතකොට මේ තමාලිගේ මල්ලිද.”
“ඔව් ඔව්”
මං දැන් සීන් එක දන්නවනේ මේකාව කතාවට අල්ල ගන්න ඕනී නිසා ඉදන් හිටපු තැනනුත් නැගිටලා ෆිල්ම් එකට එන්ටර් වෙන්නයි හදන්නේ.
“ආ…මල්ලි මොකද කරන්නේ.”
“මුකුත් නෑ”
“බෝල් ගහන්න එහෙම යන්නේ නැද්ද”
“යන්නත් ඕනී.”
“පාලුයි නේද ??අක්කට කෝල් ගත්තට වැඩක් නෑනේ.ඔයා හරි කතා කරන එක ලොකු දෙයක්.”
“එහෙමද”
“ඒකනේ මල්ලි හෙටත් මං කෝල් එකක් ගන්නම්කෝ “බුදු සරණයි කියලා ඕන් තිබ්බා.
මට දැන් මේක තමාලිට කියා ගන්නකන් හදිස්සිය.තමාලිගේ තාත්තගේ ෆෝන් එකට අරන් විස්තරේ කීවා.
එකීටත් දැන් හැපී…මිනිහව අල්ල ගන්න ට්රයි එකක් දෙන්නම්කෝ කියලා මාත් කීවා.
පහුවදත් මං කෝල් එකක් ගත්තා.
“ගුඩ් මෝනීන් මල්ලි.”
“ගුඩ් මෝනීන් අක්කේ”
දැන්ද නැගිට්ටේ.ක්ලාස් නැද්ද.කෑවද බීවාද එදාට වඩා වැඩියෙන් කතා කරා.කොල්ලත් දැන් පැණික් වේගෙන යන්නේ.
ඔන්න රෑ 6ට විතර ඌ කෝල් එකක් අර ගෙන “සුදු අක්කී “කිවා.මාත් ඉතින් සිලික්කිය දාගෙන කතාව.
ටික දවසක් එහෙම කතා කරා එක පාරටම සද්දයක් නැති උනා කෝල් ගත්තත් ෆෝන් එක වැඩ නෑ.දැන් හරිනේ ….ෆිල්ම් එක අතර මැද නවත්තන්නද වෙන්නේ.නෑ නෑ එහෙම වෙන්නේ කොහොමද.
ලෑන්ඩ් නම්බර් එකකින් කෝල් එකක් ආවා.මාත් ආන්ස කරා.
“සුදු අක්කි “
“ආ…මල්ලියෝ මොකද උනේ.මං කොච්චර කෝල් ගත්තද.”
“ෆෝන් එකේ බැට්ට්රිය අව්ල් ගියානේ.”
මූ ෆෝන් එක ඉස්සුවට චාර්ජරයක් උස්සන්න බැරි වෙන්න ඇති.
“මේ නම්බර් එක කාගෙද මල්ලියෝ”
“කිරි අම්මලා ගෙදරින් ගත්තේ අක්කි.ඔයාට කතා කරන්නේ නැතුව ඉන්න බැරි උනා.බැරිම තැන තමා මේ ගත්තේ.”
අප්පටසිරි මූ යකෝ ටොපිය එක පාරටම ගිල්ලා වගේ.පව් සාන්ත මේ අසරණයා.මම තව බටර් පාරක් ගාලා.
“ෆෝන් එක හදා ගන්නකෝ එහෙනම්.බුදු සරණයි මල්ලියෝ”
“බුදු සරණයි අක්කි.”
ක්ෂණිකව මං තමාලිගේ තාත්තට කෝල් එකක් අරන් A to Z විස්තරේ කීවා.එක ගමේ ලෑන්ඩ් නම්බර් එකක් කාගෙද කියලා හොයා ගන්න එච්චර අමාරු නෑනේ.තමාලිගේ තාත්තත් වහාම ක්රියාත්මක වෙලා පැයකින් විතර ෆෝන් හොරා අල්ලගෙන ඒ වෙද්දිත් ෆෝන් එක ඌ ලග තිබිලා.
මෙහෙයුම සාර්ථකයි
ප්රධාන මෙහෙයුම්කරු මම කියලා දැන ගන්න කොට ඌට එතනම වැලලෙන්න හිතෙන්න ඇති………
~කෝෂි~
උපුටා ගැනීම: Koshila Erandi