ඊයෙ දවස කියන්නෙ ඇත්තටම කැලැන්ඩරෙන් අයින් කරන්න ඕන දවසක්
හබියයි මායි කොලඹ ගියා. එන්න ලෑස්ති වෙනකොටම කාරෙක කිහ් කිහ් කිහ් ගානවා. හරි තමයි. හවස් වෙනකල්ම හිටියත් හදාගන්න බැරිඋන හින්දා ගරාජ් එකේ දාලා බස් එකේ එන්න වෙනවා.
හබියා පික් මී එකක යමු කිව්වත් මම කිව්වා අපෝ හෙන ගානක් ගනීවි අපි හයිවේ බස් එකක යමු කියලා.
ඇන්තූරියම් පැල කීයක් ගන්න පුලුවන්ද කියල හිතුනා ඒ සල්ලි වලට
කාර් එකේ තිබ්බ ලට පට ඔක්කොම බෑග් එකේ දාගෙන අපි පිටත් වෙනවා.
වැඩිපුර බස් එකේ යන්නෙ මම නිසා ඒ පාර නම් මට ලොක්කා වෙන්න අවස්තාවක් ලැබෙනවා. කොහොම හරි කොට කොටා පිටකොටුවට එනකොට රෑ වෙලා.
එයා දන්නෙ නෑ අපේ බස් එක පාර්ක් කරන තැන.”මම දන්නවා යන්කෝ.”
කියලා මම බස් එකෙන් බැහැලා යනවා
“කෝ දෙන්නකෝ කුඩේ ” කියලා අර බැංකු වලින් දෙන තඩි කුඩයක් තිබ්බා.ඒකත් ඉල්ලගෙන මැරියන් වගෙ මම යනවා.කලුවර වැටිලා.සෙනගත් සූ ගාලා.ආවොත් මොකෙක් හරි ඇගේ හැප්පෙන්න දෙනවා මේකෙන් ඔලුව මැද්දටම කියලා හිත හිත ගියා.කරුවලේම
එක පාරටම පැනපි තඩි ඌරු මීයෙක් කකුල ලගට
පිට කොටුවෙ බස් සද්දෙ පරාදයි.යටි ගිරියෙන් කෑ ගැහුවෙ.
කුඩෙන් ගැහුවට වැදුනෙත් නෑ.
තත්පර දෙක යනකොට වැඩේ තේරුනේ.
මිස් එකක් අරන් යන්න කියල එතන ඉන්න කොල්ලො දෙන්න හිනාව කනවා.
පිටුපස්සෙන් කියනවා ඇහුණා බබා ඒක සෙල්ලං එකක් කියලා.
උපුටා ගැනීම: Nimmi Jayasundara