ඌරුමීයා කොත්තු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“උපන් කලුවලෑ” ගේ තිබ්බේ “ඇතාගිලීමලේවැව” අපේ ගමේ ඈත කෙරෝලේ වැට ගාව.
දවසක් උපන් කලුවලෑ අම්මා වන “කරුණාවතී” නැන්දා උදේ පාන්දර 11ට විතර මිදුල අතුගානකොට මැරිච්ච තඩි ඌරු මීයෙක් හම්බුනා.
උපන් කලුවා ගෙදර නොසිටි නිසා, මිදුලේ සිට හමුවූ මියගිය තඩි උරුමීයාගේ අවසන් කටයුතු කිරීම සඳහා කරුණාවතී නැන්දා විසින් ඩෙඩ් බොඩිය අල්ලපු ගෙදර “කුමුදු සමන්ට” බාර දුන්නා.
ඌරූමී තඩියා පත්තර කොළ දෙකක ඔතා පාර්සල් කර සිලි සිලි බෑගයක දාගත් කුමුදු සමන්,
“උල්බුරියලෑ” කඩේ පැත්තට යනකොට මගදි උපන් කලුවාත් හම්බුනා.
ඌරු මියා තෑගී කරන්නේ කාටද ?,
ඒ සඳහා සුදුසුකම් සපුරා ඇත්තේ කවුද ?
උපන් කලූයි,කුමුදු සමනුයි බැරෑරුම්කොමට සාකච්චා කරා.
එතකොටම “පාවී යයි සුනිල් වලා” සිංදුව හයි පිච් එකෙන්ම කියමින් කුමුදු සමන්ලෑ ඉස්සරහා ගෙදර “සුනිල්” අයියා “උල්බුරියාස් ඉස්ටෝර්ස්” ඉදිරිපිටින් මතුවුනේ,
මහ දවල් මද පවනේ සැලෙන මහප්රාණ කොම්බුව වගේ.
“සුනිල් අයියේ ගෙදරද යන්නේ ?,
එහෙනම් මේ කොත්තුව ගෙදරින් තියනවද අපි කොන්ඩේ කපන් එනගමන් ගන්නම්”.
පාර්සලය සුනිල් අයියා බාරගත්තා.
ඌරූමීයා සමග ගෙදර ගියා.
ඌරුමීයා සමග ගෙදර ගිය සුනිල් අයියා පාර්සලය සාලයේ ටීපොව උඩ පරිස්සමට තිබ්බා.
“ආං අර උපන් කලුවා හරි කුමුදු සමන් හරි අවොත් මේ කොත්තුව දෙනවා , මං යනවා නිදාගන්න යනවා”,
“ගුනා” අක්කට එහෙම කියලා, සුනිල් අයියා නිදාගන්න ගියා.
කොත්තුවක් කියපු ගමන් පාර්සලය දෙස ඔහොක් කරලා බලපු සුනිල් අයියාගේ පවුල ගුනා අක්කා හූයියෝ හෑයියෝ කියලා කෑගහන්න ගත්තේ එලියට පැන තිබු වල් උරු මී නැට්ට දැකලා.
මද පවනේ මල පැනලා මෙව්වා වෙච්චි සුනිල් අයියා, දෙන්නම් බොට රිටන් එක කියලා හිතාගත්තා.
සෑහෙන්න කල්පනා කරා.
උරුමීයා කොත්තුව උපන් කලූලෑ ගෙදෙට්ට ගෙනිහින් පාර්සලය පිටින්ම උන්ගේ අක්කට බාරදුන්නා.
උල්බුරියාස් ඉස්ටෝර්ස් එක ලඟදි උපන් කලූවා හමුවී මාලු වගයක් දුන්නා , ඒක ෆ්රිජ් එකේ දාන්න කිව්වා කියලත් කිව්වා.
“ස්රියා” අක්කා ඌරුමීයා ෆ්රිජ් එකට දාන්න අතට ගන්න ඔන්න මෙන්න තිබියදී, ඉස්ටෝරිය කලින්ම දන්න උපන් කලූලෑ අම්මා අතින් පාර්සලය බාරගැනීම රිෆියුස් වුනා.
ඊට පස්සේ සුනිල් අයියා, කුමුදු සමන්ලෑ ගෙදරටත් ට්රයි කලා.
කරුණාවතී නැන්දලෑ ගෙදරින් මැසේජ් එක සටාස් ගා
කුමුදු සමන්ලෑ ගෙදරට ගොස් තිබූ නිසා ඌරු මීයා එහෙනුත් රිෆියුස් වුනා.
මල පැන සිටි සුනිල් අයියා කඩේ ලඟ විරිත්තමින් සිටි කුමුදු සමන්ගේ කටේ ඌරුමීයාව ඔබලා ගෙදර ආවා.
උරුමීයා ආපහු මුලටම ආවා.
උපන් කලුවයි, කුමුදු සමනුයි සැලුනද ?
ඒත් සැලුන්නෑ..
“චුට්ටන්” අයියාගේ ගේ ගමේ බඩු පොට් එක ලඟට ඌරූමීයා පාර්ට් 2 සඳහා අරන් ගියා.
පොඩි වී කුඹුරේ සිට පත තණකොළ ගෝනියක්ද කරේ තියාගෙන අමාරුවෙන් ආ “සෝමදාස” ආතා තණකොළ මිටිය පාර අයිනේ බිම තියලා චුට්ටන් අයියාගේ පිළිකන්න පැත්තට ගියා.
ආතට සොට් දෙකක් දාගෙන එන්න යන වෙලාව දන්න මුන් දෙන්නා ගෝනියේ තණකොල වලින් භාගයක් එලියට ඇද්දා.
ඌරුමීයා පාර්සලය ලිහලා තඩි ඌරුමීයා තණකොළ ගෝනිය මැදට දැම්මා.
එලියට ඇදපු තණකොල ආයේ දාලා ගෝනිය තිබ්බා වගේ තිබ්බා.
ගමේ අරිෂ්ඨේ පවර් එකෙන් ගියාට වැඩි පිට් එකෙන් ආපහු ආ සෝමදාස ආතා ගෝනිය සං ගාලා කරට අරගෙන ගෙදර ගියා.
පහුවෙනිදා උදේ බෙහෙත් වේලට චුට්ටංගේ පොට් එකට ආපු සෝමදාස ආතා,
“මාර වැඩෙනේ ඊයේ හවස උනේ,
මං තණකොල ටික ගෝනියෙන් අරන් හරකට දානකොටම, ගෝනිය ඇතුලේ ඉඳලා දත් විලිස්සගත්ත මහ දැවැන්ත ඌරුමීයෙක් පැන්නේ නැතෑ මාව කන්න.
මේ සෝමෙත් එක්ක කොහෙද ඒ සෙල්ලං,
පැන්නා තොංමුල්ල,
දුන්නා දෑකැති පාර, එකපාරින් මැරෙන්නම” කියලා කිව්වලු.
උපුටා ගැනීම: ජීවන් පතිරණ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!