උපාධියක් ගන්න එක එහෙමත් නැත්තම් අපි කැමතිම ක්ෂේත්‍රයකින් අධ්‍යාපනික සුදුසුකමක් අරගෙන අපෙ සිහින රැකියාවක් ඔස්සෙ ඉහලටම යන්න/අධ්‍යාපනික වශයෙන් සුදුසුකමක් හදාගන්න අපි ඕනම කෙනෙක් කැමතියි. මේ සිහිනය ඉටුකරගන්න පුලුවන් වෙන්නෙ උසස්පෙල සමත් අයට විතරයි කියලා තමයි ගොඩාක් අය හිතාගෙන ඉන්නෙ. ඒ නිසා මීට වසර ගණනකට පෙර අධ්‍යාපනය අවසන් කරපු අය, එක්වරක් උසස්පෙල අසමත්ව යලිත් මුහුණදෙන්න අසීරු ගොඩාක් අය උපාධි සිහිනය බොද කරගන්නවා.ඒ වුනත් අද ලංකාවේ උසස්පෙල විභාගය නැතිව හදාරන්න ICT ක්ෂේත්‍රයෙ උපාධි පාඨමාලා තියනවා. දැඩි උනන්දුවක් තියනවනම් උසස්පෙල අසමත් කියලා දුකෙන් ඉන්න ඕන වෙන්නෙ නැහැ.ඔයාගෙ උපාධි සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය වෙන්නෙ ඔයාගෙ කැපවීමම විතරයි.
අද ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ උපාධි සහ ඩිප්ලෝමා ලබාදෙන ආයතන 3ක් ගැනයි.එම පාඨමාලා ගැන වගේම අදාල විස්තරයකුත් අපි අද ලබාදෙනවා.ඉතින් ඒ ආයතනයන් සහ උපාධි පාඨමාලා තමයි,
කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයෙ BIT උපාධිය.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයෙ HNDIT.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙ BSE පාඨමාලාව.

(1) කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයෙ BIT (bachelor of information technology) උපාධිය.
කොළඹ විශ්ව විද්‍යාලයෙ UCSC එනම්, පරිගණක අධ්‍යනාංශයට අදාලව පවත්වන උපාධි පාඨමාලාවක් තමයි BIT උපාධිය කියන්නෙ.මේ උපාධිය වසර 3ක් පවත්වන අතර උසස්පෙල අසමත් අයට Foundation course එකක් හැදෑරීමෙන් පසුව උපාධි පාඨමාලාව හදාරන්න පුලුවන්.උසස්පෙල සමත් සිසුන්ට foundation course එක නොකර උපාධිය සදහා ඍජුවම සම්බන්ධ වෙන්න පුලුවන්.මේ BIT උපාධියම මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිරිනැමීමක් සිදුකරනවා.තෝරාගැනීමේදී කොළඹ /මොරටුව විශ්ව විද්‍යාලයන් දෙකෙන් එකක් තෝරගන්න පුලුවන්. ඉංග්‍රීසි මාධ්‍යෙන් පවත්වන අතර මෙහි වසර තුන එක් එක් මට්ටම් වලින් අවසන් වෙයි. පලමු වසර අවසන ඔබට Diploma මට්ටමද, දෙවන වසර අවසන higher diploma මට්ටමද, තෙවන වසර අවසන උපාධි මට්ටමද ලබාගත හැක. මෙම උපාධි පාඨමාලාව සදහා ඇතුලත් වීමේ සුදුසුකම් වශයෙන් සාමාන්‍ය පෙල විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි ඇතුලුව විෂයයන් 6කට C සාමාර්ථයන් තිබිය යුතුය.
(2) විවෘත විශ්ව විද්‍යාලයෙ BSE (Bachelor of Software Engineering) උපාධිය.
විවෘත විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන සිව් අවුරුදු තොරතුරු තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාවක් තමයි මේ. ඉතාම ඉහල ගුණාත්මක තත්ත්වයක පවතින BSE උපාධි පාඨමාලාව ලංකාව තුල වගේම ජාත්‍යන්තර වශයෙන් පවා ඉහලම පිලිගැනීමකට ලක්වෙනවා. සිසුන්ගෙ කැමැත්ත පරිදි වසර තුනෙන් උපාධිය අවසන් කල හැකි වුවද එහිදී ලැබෙන්නෙ මෘදුකාංග ඉංජිනේරුවේදී ගෞරව උපාධියයි (Bachelor of Software Engineering honors). මෙම පාඨමාලාවද සම්පූර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන අතර ඇතුලත් වීමේ සුදුසුකම් වශයෙන් උසස්පෙල ඕනෑම විෂයයන් 3ක් ඔස්සෙ සමත්ව තිබීම / විවෘත විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන ,foundation course එක හදාරා තිබීම.

(3) ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙ HNDIT උසස් ජාතික ඩිප්ලෝමාව.
මේ තොරතුරු තාක්ෂණ උසස් ජාතික ඩිප්ලෝමාව ලබාදෙන්නෙ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය වන SLIATE මගින්.තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් වශයෙන් ඉතාමත් ගුණාත්මක මෙන්ම ඉහල පිලිගැනීමක් තියන මේ පාඨමාලාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතෙයි පවතින්නෙ. මෙම ඩිප්ලෝමාව හැදෑරීමෙන් පසුව උපාධි පාඨමාලාවක් සදහා සුදුසුකම් ලැබෙන අතර තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධියක් (Master in Science – MSc) ලබා ගැනීමට සුදුසුකමක් විදියට මේ ඩිප්ලෝමාව සලකන්න පුළුවන්. අවම කාලයක් තුල අවසන් කිරීමෙන් පසුව පිලිගත් රැකියාවක් සදහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට වුනත් වටින ඩිප්ලෝමාවක්. නමුත් මෙම ඩිප්ලෝමාව සදහා සුදුසුකම් ලැබීමට ඔබට අවම වශයෙන් S3ක සමත් සාමාර්ථයක් තිබිය යුතු වෙනවා.
තමන්ට තොරතුරු තාක්ෂණය ,මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයන් පිලිබදව තියෙන්නෙ දැඩි ආශාවක් උනන්දුවක් නම් මේ බාහිර උපාධි සහ ඩිප්ලෝමා හදෑරීම සිදුකරන්න පුලුවන්.වඩාත් වැදගත් වෙන්නෙ තමන්ගෙ උත්සාහය තමයි.