උසස් පෙල විභාගයෙන් ඉහලම ප්‍රතිඵලයක් එහෙම නැත්තම් රෑන්ක් එකක් ගන්න එක සිසුන්ට තියන සිහිනයක්.ඒ වගේම හොද රෑන්ක් එකකට පුලුවන් අපිට කැමතිම විශ්ව විද්‍යාල සහ අදාල පාඨමාලා තෝරගන්න.කොහොම වුනත් ඔයා උසස් පෙල විභාගයෙන් රෑන්ක් එකක් ගන්න අරමුණක් තියන කෙනෙක් නම් එහෙනම් මේ ටිප්ස් ටික ඔයාටමයි..
• තමන්ට අවශ්‍ය දේ ගැන හරිම අවබෝධයක් තියාගන්න.
ගොඩාක් අයට අරමුණක් තියනවා ” මම රෑන්ක් එකක් ගන්නවා ” කියලා.ඒ වුනත් එයාලට අරමුණු වෙනුවෙන් වැඩ කරන්න තරම් අභිප්‍රේරණයක් ලැබෙන්නෙ නැහැ.ගොඩාක් පීඩනයකින් තමයි ඉන්නෙ.මේකට හේතුව තමයි රෑන්ක් එකක් ගන්නවා කිව්වට ඔයාගෙ මොලයට තේරේන විදියට හරි අවශ්‍යතාවය ගැන හරිහැටි කියා නොදීම.ඔයාගෙ මොලය පොඩි ලමයෙක් වගෙයි ඉතින් එයාට තේරෙන්නෙ නැහැ කොහොමද රෑන්ක් එකක් ගන්නෙ කියලා ඒ නිසා එයා වැඩ කරන්න කම්මැලි වෙනවා. ඔයාගෙ අවශ්‍යතාවය ගැන හොදටම තේරෙන විදියට ලියාගන්න.
” මම රෑන්ක් එකක් ගන්නවා ” වෙනුවට
” මම හැම ප්‍රශ්නයකටම නිවැරදිම උත්තර ලියන්න වැඩ කරනවා ” වගේ තමන්ට දැනෙන අරමුණක් හදාගන්න.

• කාලය කළමනාකරණය කරගන්න.
උසස් පෙල විභාගය කාලයත් සමග කරන ගේම් එකක් වගෙයි. පුලුවන් උපරිම කාලය කළමනාකරණය කරගන්න තරමට වැඩ කටයුතු ගොඩාක් කරගන්න පුලුවන් වෙනවා. ඉස්කෝලෙ යන, ටියුෂන් යන වෙලාවන් වෙන් කරලා ඔයාට ස්වයං අධ්‍යනයෙ යෙදෙන්න තියන කාලය කලමනාකරණය කරගන්න. ඔයාට හොදටම වැඩ කරන්න පුලුවන් වෙලාවන් , ටිකක් කම්මැලි හිතෙන වෙලාවන් ටික හරියට අවබෝධ කරගන්න.
• තමන්ව හරියට හදුනගන්න.
මිනිස්සු හැමෝම එක වගෙ නැහැ. එකිනෙකට ගොඩාක් වෙනස්. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ධාරිතාවය , හැකියාවන් අවබෝධ කරගන්න ඕන. සමහර අයට පුලුවන් පැය ගණන් පාඩම් කරන්න.සමහර අයට එහෙම අමාරුයි.සමහර අයට අපිලිවෙල නෝට්ස් එක්ක වැඩ කරන්න පුලුවන් වුනාට සමහර අයට පිලිවෙලකට නැත්තම් වැඩ කරන්න හිතෙන්නෙත් නැහැ. ඉතින් වෙන කාවවත් අනුගමනය කරන්න යන්නෙ නැතිව තමන් කැමතිම විදියට ,තමන්ගේ විදියට හිතට හොදටම සැටිස් වෙන විදියට වැඩ කරන්න.ආසාවෙන් යුතුව ඉගෙනගන්න ඒක ලොකු පිටුවහලක්.

• අදාල දේ හරියට කරනවා කියලා හිතන්න.
ඔයාගෙ අරමුණ ” හැම ප්‍රශ්නයකටම පුලුවන් උපරිම නිවැරදි උත්තර ලබාදීම “යි. ඉතින් ඔයා ඉගෙනගන්න , වැඩ කරන හැම මොහොතක්ම ගොඩාක් වැදගත්. හැමදාම උදෑසන හෝ කලින් දා රාත්‍රියෙ තමන්ට කරන්න තියන වැඩ ලිස්ට් එකක් හදන්න ( to do list ).ඒ ලිස්ට් එක අනුව මම අද හොදටම වැඩ කරනවා.අද තමයි මම හොදටම වැඩ කරන දවස කියලා අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම කිසිම වැඩක් කල් නොදාන එක හොදම රෑන්ක් දාන ලමයින්ගෙ හොදම පුරුද්දක්.
• තමන් ගැන විශ්වාසය තියාගන්න.
මේ කරුණට දෙන්න ඕන අංක එක කිව්වොත් නිවැරදියි. ඕනම දෙයකට මුල්වෙන්නෙ තමන් ගැන තියන ප්‍රබල විශ්වාසයයි. තමන්ගෙ හැකියාවන් ගැන විශ්වාසය තියන්න.තමන්ට කරන්න පුලුවන් දේවල් ගැන විශ්වාස කරමින් වැඩ කරන්න.ඊට අමතරව මේ ලිපියෙන් අපි කියලා දීලා තියන විදියට කාලය කලමණාකරණය කරමින් වැඩ කටයුතු සිදු කරන්න.හොද රෑන්ක් එකකට යන්න නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් තමයි ආත්ම විශ්වාසය.. ඔබට ජය.
