ජීවිතය රඳා පවතින්නෙ අපි ගන්න තීරණ මතයි.කුඩා කාලයෙදී දෙමව්පියන් අපෙ ජීවිතය තීරණය කරන අතර ක්‍රමයෙන් වැඩිවියට පත් වත්ම ජීවිතය සම්බන්ධ වැදගත් තීරණයන් අපිට ගන්නට සිදු වෙනවා. එසේ ගන්නට සිදුවන පලමුවන වැදගත් තීරණයක් වන්නෙ සාමාන්‍ය පෙලින් පසුව උසස් පෙලට හැදෑරීමට විෂයයක් තෝරාගැනීමයි.ගොඩාක් සිසුන්ගෙ වැරදි තෝරාගැනීම් නිසා ජීවිතයෙ වැදගත්ම අවුරුදු නිස්කාරනෙ නාස්ති වෙනවා අපි කොතෙකුත් දැක තියනවා. ඒ නිසාම අපි මේ ලිපියෙන් කතා කරන්න සූදානම් වෙන්නෙ තමන්ගෙ ජීවිතය සාර්ථක කරගත හැකි , බුද්ධිමත්ව ලෙස උසස් පෙලට නිවරදි විෂයයක් තෝරාගන්නා ආකාරයයි.
ගොඩාක් අය සිදු කරන වරදක් තමයි තමන්ගෙ සාමාන්‍ය පෙල ප්‍රතිඵල අනුව ,දෙමාපියන්ගෙ කීමට , සමාජයට පෙන්වීමට තියන උවමනාවට උසස් පෙල සදහා විෂයයන් තෝරාගැනීම. මෙවැනි අනුවණ ක්‍රියාවන් නිසා අදුරු වෙන්නෙ ඔයාගෙම අනාගතය සහ සිහින කියන දේ මතක තියාගන්නම ඕන. ඔයා සාමාන්‍ය පෙල ප්‍රතිඵල මත උසස් පෙල සදහා විෂයයක් තෝරාගන්නවනම්, ඉහලම සාමාර්ථයන් අරගෙන උසස් පෙලින් පසු අතරමං වූ සිසුන් ගැන සිතන්න.ඒ වගේම ඉතා අවම මට්ටමක හෝ සාමාන්‍ය මට්ටමක ප්‍රතිඵල ගෙන විශ්ව විද්‍යාල වරම් හිමිකරගැනීමට හැකිවූ සිසුන් ගැන සිතන්න.

උසස් පෙල සදහා නිවරදි විෂය ධාරාවක් තෝරාගත යුත්තෙ ඇයි ?
ඔයාට උසස් පෙලට තෝරාගැනීමට ඇති විෂය ධාරාවන් මොනවද බලමු.
- කලා විෂය ධාරාව
- වාණිජ විෂය ධාරාව
- විද්‍යා විෂය ධාරාව
- ගණිත විෂය ධාරාව සහ
- තාක්ෂණ විෂය ධාරාවයි.
අපෙ සමාජයෙ බොහොමයක් දැකලා තියන දෙයක් තමයි සාමාන්‍ය පෙල විභාගයට A9ක් වැනි ඉහලම සාමාර්ථයන් පවා අරගෙන ගණිත/ විද්‍යා විෂයන් සිදු කර උසස් පෙල වාර තුනම පවා අසමත් වී අතරමං වන සිසුන්. ඒ වගේම ඉතා අවම මට්ටමක/ සාමාන්‍ය මට්ටමක ප්‍රතිඵලයක් ගෙන උසස් පෙල ඉතා ඉහලින් සමත්ව විශ්ව විද්‍යාල වරම් හිමි කරගන්නා සිසුන්. ඒ වගේම සිසුන්ට ලැබෙන තවත් බලපෑමක් තමයි ඉහල ප්‍රතිඵලයක් ගෙන ඔවුන්ට කැමති ලෙස විෂයයක් තෝරාගැනීමට ඉඩ නොදී විද්‍යා/ගණිත වැනි විෂයක් සිදුකරන මෙන් දෙමාපියන් ඉල්ලා සිටීම.එය තම දරුවන්ට සිදු කරන විශාල වරදක් බව කිව යුතුමය.
ඒ වගේම සමහර සිසුන් ඉන්නවා ඔවුන් කෙතරම් මහන්සි වී කැපවී වැඩ කටයුතු කලත් නිසි ප්‍රතිඵල නොලැබී යාම. තවත් සිසුන් වැඩි මහන්සියකින් තොරව ඉහල ප්‍රතිඵල හිමිකරගන්නෙ තමන්ට ගැලපෙන නිසි තෝරාගැනීම් සිදුකල නිසා බව කිව යුතුමය. ඔබ විශ්ව විද්‍යාල වරම් ලැබිමට කැමැත්තෙන් සිටින සිසුවකු නම්, අනිවාර්යයෙන්ම තමන්ගෙ වඩාත් ඉහල දක්ෂකමක් සහ කැමැත්තක් ඇති දෙයට අවධානය යොමුකල යුතුය.

කොහොමද නිවරදි විෂය ධාරාවක් තෝරාගන්නෙ ?
ඉස්සෙල්ලම නිදහස් වේලාවක් තෝරාගෙන පොතක් පෑනක් අතෙ තියාගෙන මේ කියලා තියන පියවරයන් අනුගමනය කරන්න.
- ඉස්සෙල්ලම ප්‍රධාන විෂය ධාරාවන් 5 ට අදාල විෂයයන් මොනවද කියලා අවබෝධයක් ගන්න.අන්තර්ජාලයෙන් දැනුම ගන්න.
- දැන් හිතන්න මේ එකින් එක ගැන. ඔයාට මේ විෂය ධාරාවල අන්තර්ගත විෂයන් සහ විෂය කරුණු ඉතා කැමැත්තකින් යුතුව සිදු කල හැකිද කියලා.
උදාහරණ : ගණිත විෂය ධාරාවේ අන්තර්ගත ප්‍රධානම කොටසක් වන භෞතික විද්‍යා කරුණු හැදෑරීමට ඔබ කැමතිද සිතන්න. මේ ක්‍රමයෙන් ඔයාට ඉහල අවබෝධයක් එනවා ඔයාගෙ ඉහල කැමැත්තක් තියන්නෙ මොනවටද කියලා.
- ඊලගට කොලයක් අරගෙන ලියන්න ඔයා ඉගෙනගන්න, කියවන්න , අන්තර්ජාලයෙ පිරික්සන්න කැමතිම දේවල් මොනවද කියලා.
උදාහරණ : ලෝකය ගැන , ඉතිහාසය ගැන, පරිසරය ගැන, විදුලිය ගැන, තාක්ෂණය ගැන..
මේ ලයිස්තුවේ ගොඩාක්ම ලියලා තියන දේවල් අදාල වන විෂය ධාරාව තමයි ඔයාට ගැලපෙන්නෙම.
- ඊලට ක්‍රමයට ඔයාට කාගෙන් හරි කැම්පස් පොතක් හොයාගන්න වෙනවා. ඊටපස්සෙ නිදහස් වෙලාවක තියන පාඨමාලා ගැන හොයලා බලන්න. මෙතනින් ඔයාගෙ කැමැත්තක් හිතෙන පාඨමාලාවක් වෙනුවෙන් කරන්න පුලුවන් විෂය ධාරාව තෝරගන්න පුලුවන්.

උසස් පෙලට නිවරදිම විෂය ධාරාවක් තෝරාගැනීමෙන් ලැබෙන වාසින් මොනවද ?
- ඔයාගෙ දක්ෂතාවය, හැකියාව සහ කැමැත්ත අනුව විෂයයන් සිදු කිරීමෙන් ඉතා කැමැත්තෙන් යුතුව ඉගෙනීම් කටයුතු වල නිරත වීමේ හැකියාව.
- තමන්ගෙ මහන්සියට සරිලන ප්‍රතිඵලයක් ලැබීමේ ඉහල හැකියාව.
- පලමුවර උසස් පෙල විභාගයෙන්ම හොද ප්‍රතිඵලයක් සහිතව පහසුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමිකරගැනීමේ හැකියාව.
- තමන්ට දරාගැනීමට අපහසු විෂය කරුණු වෙනුවට තමන්ට හැකි විෂය ධාරාවන් තෝරාගන්නා නිසා ආතතියකින් තොරව පහසුවෙන් ඉගෙනීම් කටයුතු වල නිරත වීමේ හැකියාව.
ඉතින් මේ ලිපියෙන් කතා කරලා තියන විදියට තමන්ගෙ උසස් පෙල අධ්‍යාපනය හරි විදියට තෝරාගන්න බුද්ධිමත් වෙන්න. මතක තියාගන්න ජීවිතය හැම විටකම රඳා පවතින්නෙ තෝරාගැනීම් මත කියලා.ඔබට ජය.